Saturday, March 22, 2014

යම් කාර්යයක් වඩාත් කාර්යක්ෂමව සහ සාර්ථකව සිදුකරගැනිම සදහා සමස්ත ක්‍රියාවලියම උපඑකක වලට වෙන්කොට එම එක් එක් එකක සදහා විශේෂණය වු පුද්ගලයන් සහ සම්පත් යෙදවිමෙන් කරගත හැකිය. 

එ අයුරින්ම ජිවි දේහතුලද පවතින සුවිශේෂී ජෛවීය ක්‍රියාවලින් සිදුකරගැනිමට විශේෂීත වු එකකයන් පවති...... 




ජිවින්ගේ දේහ නිර්මාණය වි තිබෙන්නේ සෛලීය මට්ටමේ සිට පටන්ගෙන ඉතා සංකීර්ණ ජිවි එකක දක්වා මනාව සංවිධානය විමෙනි.

සෛලීය මට්ටමට වඩා තරමක් සංකීර්ණ සංවිධාන මට්ටමක් ලෙස පටක හදුන්වා දියහැකිය.

පටකයක් ලෙස හදුන්වනුයේ ජිවදේහ තුළ යම් විශේෂිත කෘත්‍යයක් හෝ කෘත්‍යය කිහිපයක් ඉටුකිරිම සදහා සංවිධානය වු සෛල සමුහයකි.

සංකීර්ණ ජිවින් තුල විවිධ කාර්යයන් සදහා විවිධ පටක නිර්මාණය වි තිබේ.

මෙ අනුව .....මිනිස් දේහය තුල ප්‍රධාන පටක වර්ග 4ක් පවති.

  • අපිච්ඦද පටකය (Epithelial tissue)--- මෙම පටක මගින් දේහයේ විවිධ පෘෂ්ඨයන් ආස්තරණය කරනු ලබයි.එමගින් දේහයේ වෙනත් පටක වලට ආරක්ෂාව සපයනු ලබයි.
  • සම්බන්ධක පටක (Connective tissue) --- දේහයේ සියලුම පටක අතර සම්බන්ධතාවය පවත්වා ගැනිමට දායක වේ.කාටිලේජ/අස්ථි /රැධීරය වැනි විශේෂ පටකද අයත් වන්නේ සම්බන්ධක පටක වර්ගයටයි.
  • පේශි පටක (Muscle tissue) -- දේහයේ චලනයන් සදහා වැදගත් වේ.සිනිඳු පේශි ,කංකාල පේශී ,හෘත් පේශී අයත් වන්නේ මෙම පටක වර්ගයටය.
  • ස්නායු පටකය (Nervous tissue)--- දේහය පුරා පණීවිඩ රැගෙන යාමට සහ විවිධ අවයව අතර සම්බන්ධතාවය පවත්වා ගැනිමට වැදගත් වේ.

වැඩිදුර තොරතුරැ අධ්‍යයනය කිරිමට පහත Power point ඉදිරිපත්කිරිම භාගත කරගන්න.

භාගත කිරිමට පහත ලින්කුව යොදාගන්න....



0 comments:

Post a Comment