Sunday, April 20, 2014

http://albiologysinhala.blogspot.com/
එදිනෙදා ජිවිතයේදි අප ලබාගන්නා ආහාර වලට දේහය තුලදි සිදුවන්නේ කුමක්ද?






මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය සකස් වි තිබෙන්නේ බාහිරින් ලබාගනු ලබන ආහාර දේහය තුලදි ජීර්ණය කොට රැධීරයට අවශෝණය කිරිම සහ ජීර්ණය නොවු අපද්‍රව්‍යය(මළ ද්‍රව්‍යය) ගුද මාර්ගය හරහා පිටකිරිමත් යන මුලික ක්‍රියාවලින් සදහාය.


මිනිස් ආහාර මාර්ගය තුල සිදුවන ක්‍රියාවලින් මුලික ලෙස ආකාර 4 කට බෙදා දැක්විය හැකිය.
  1. අධිග්‍රහණය(Ingestion)
  2. ජීර්ණය (digestion)
  3. අවශෝෂණය(absorption)
  4. පහකිරිම(elimination)
මිනිසාගේ ආහාර මාර්ගය සමන්විත වන්නේ මුඛයේ සිට ගුද මාර්ගය දක්වා පවතින නාල පද්ධතියකින් සහ එ ආශ්‍රැතව පවතින විශේෂිත ග්‍රන්ථි සමුහයකිනි.

ඛේට ග්‍රන්ථි(Salivary glands) -- ඛේටය(කෙළ) ස්‍රාවය කිරිම

අග්න්‍යාසය (pancreas)--- අග්න්‍යාසයික යුෂය ස්‍රාවය කිරිම 

අක්මාව සහ පිත්තාශ නාල(Hepatobiliary system)-- පිත නිපදවිම සහ ගබඩා කිරිම ස්‍රාවය කිරිම

අපගනු ලබන ආහාරයේ වු මුලික සංඝටක ලෙස 
  • කාබෝහයිඩ්‍රේට්
  • ප්‍රෝටින
  • ලිපිඩ
දැක්විය හැකිය.
ආහාරයේ අඩංගු මෙම සංකීර්ණ කාබනික සංයෝග අවශෝෂනයට සුදුසු සරල ද්‍රව්‍යය බවට බිඳ හෙලිම ආහාර ජිර්ණය ලෙස අදහස් කෙරේ. 

ආහාර ජීර්ණ ක්‍රියාවලිය ආරම්භ වනුයේ මුඛය තුලදි ඛේට එන්සයිමවල(ටයලින්) ක්‍රියාකාරිත්වය මගිනි.

ආමාශය තුලදි ආහාරයට එක්වන HCl අම්ලය මගින් ප්‍රෝටින් ජිර්ණය කරනු ලබන Pepsin එන්සයිම ක්‍රියාකාරි විම මගින්  ප්‍රෝටින ජිර්ණය ආරම්භ වේ.

ආමාශය තුලදි ආහාර හොදින් අමාශයික යුෂය සමඟ මිශ්‍ර විමෙන් සැදෙන මිශ්‍රණය ආමාලසය (Chyme) ලෙස හදුන්වනු ලබයි.

කුඩා අන්ත්‍රය තුලදි තවදුරටත් ආහාර ජිර්ණය සිදුවන අතර ග්‍රහණිය (Duodenum) තුලදි ආහාර මාර්ග කුහරය තුලට අග්න්‍යාසයික යුෂය සහ පිත එකතු වන අතර එමගින් ජීර්ණ ක්‍රියාවලිය තවදුරටත් සිදු කරනු ලබයි.

සම්පුර්ණයෙන්ම පාහේ ලිපිඩ ජීර්ණය සහ අවශෝෂණය සිදුවන්නේ කුඩා අන්ත්‍රය තුලදිය.
තවද කුඩා අන්ත්‍රය ආහාර අවශෝෂණය සිදුවන මුලික ස්ථානය වන අතර එය කාර්යක්ෂමව සිදු කිරිම සදහා විශේෂිත සකස්විමද දක්නට ලැබේ.


ආහාර මාර්ගයේ අභ්‍යයන්තර බිත්තියේ විශේෂ අංගුලිකා(Villi) වැනි නැමුම් පවතින අතර එවායේ ක්ෂුද්‍ර අංගුලිකා (microvilli)ලෙස හදුන්වන ප්‍රසර විශාල වශයෙන් පවති.තවද මෙම අංගුලිකා සමීපයේ හොදින් සකස් වු රැධිර වාහිනි පවති.


කුඩා අන්ත්‍රය තුලදි විවිධ පෝෂක ද්‍රව්‍යය, විටමින, ලවණ ,ජලය (90%),අවශෝෂණය විම සිදු වේ.

ජීර්ණය නොවු කොටස් මළ ද්‍රව්‍යය ලෙස මහා අන්ත්‍රය වෙත නිදහස් කරනු ලබන අතර මින් තවදුරටත් ජලය (10%) සහ ලවණ අවශෝෂනය විමමගින් ඝන තත්වයේ පවතින මළද්‍රව්‍යය ගුද මාර්ගය තුලින් බැහැර කිරිම සිදු වේ.

මිනිස් ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වඩා හොදින් අවබෝධ කරගැනිම සදහා පහත Power point ඉදිරිපත් කිරිම භාගත කරගන්න.

භාගත කිරිම සදහා පහත ලින්කුව භාවිත කරන්න.
http://albiologysinhala.blogspot.com/

9 comments:

  1. තැන්ක් පුතා, අද කාලෙ පිස්සු නටන අය එක්ක, මෙහෙම අකවුන්ට් එකක් කරනවා කියන්නෙ, හරි වටිනවා

    ReplyDelete
  2. Supiri me karana wade gdk watinw api wage information hoyna ayt tnx 😍😍

    ReplyDelete
  3. ගොඩක් වටිනවා මේ වැඩේ.thank you 👍

    ReplyDelete
  4. ගොඩක් හොද වැඩක්.Thank you so much

    ReplyDelete
  5. Good job and thank you soo much 🌷

    ReplyDelete
  6. Thank you very much. Good job

    ReplyDelete