Saturday, March 8, 2014

දෛනික ජිවිතයේදි නිරතුරැවම අපට නොයෙකුත් ගැටලු වලට මුහුන පැමට සිදු වේ.මෙවන් ගැටලු විසදා ගැනිම සදහා යම් සම්මත ක්‍රියා පටිපාටියක් හෝ සංවිධානාත්මක සැලැස්මක් යොදා ගැනිම වඩා සුදුසුය.
එමගින් ගැටලු විසඳා ගැනිම පහසු කරවයි.

විද්‍යාවේදි  ගැටලු විසදා ගැනිමට භාවිත කරන මෙම ක්‍රම වේදය විද්‍යාත්මක ක්‍රමයයි(Scientific method).

මෙම ක්‍රමවේදය සාමාන්‍ය ජිවිතයේදි අපට හමුවන ගැටලු විසදා ගැනිමටද යොදා ගත හැකිය.

උදාහරණයක් ලෙස ඔබට වඩාත් කාර්යක්ෂම ලෙස අන්තර්ජාල පහසුකම් ලබාදෙන සේවා සපයන්නෙක් සොයා ගැනිමට අවශ්‍යය යයි සිතන්න.
Dialog/Mobitel/Airtel/Etisalat යනාදි වශයෙන් සේවා සපයන්නන් කිහිප වර්ගයක් පවතින්නේ යයි සිතමු.
දැන් ඔබට මතුවන ගැටලුව නම් වඩා කාර්යක්ෂම සේවා සපයන්නේ කවුරැන්ද යන්නයි.
දැන් ඔබ ඔබේ නිරික්ෂණ භාවිතකොට කල්පිත(අනුමාන කිරිම්) කිහිපයක් ගොඩ නගන්න.
උදා- වඩාත්ම කාර්යක්ෂම සේවාව සපයන්නේ Dialog සමාගමයි
        වඩාත්ම කාර්යක්ෂම සේවාව සපයන්නේ Airtel සමාගමයි
දැන් ඔබ කල්පිත පරික්ෂා කිරිමට බුද්ධිමත් ලෙස තොරතුරැ රැස් කරන්න.
ඔබේ යහළුවන් අතරින් මෙම විවිධ අන්තර්ජාල සබඳතා භාවිත කරන්නන්ගෙන් තොරතුරැ ලබාගෙන එවා සන්සන්දනය කොට විශ්ලේෂණය කොට නිගමනයකි පැමිණෙන්න.
දැන් ඔබට අන්තර්ජාල සබඳතාවක් මිලදි ගත හැකිය......

විද්‍යාත්මක ක්‍රමය පිළිබඳ වැඩිදුර තොරතුරැ දැන ගැනිමට පහත Power point ඉදිරිපත් කිරිම බාගත කරන්න.

බාගත කිරිමට පහත ලින්කුව භාවිත කරන්න.


08 Mar 2014

0 comments:

Post a Comment

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.