Wednesday, March 19, 2014


සියලුම පරිසර පද්ධතිවල වු අහාර දාමයන්ගේ මුල් ප්‍රභවය වන්නේ සුර්යය ශක්තියයි.

සුර්යය ශක්තිය පරිසරපද්ධති තුලට අතුල්විම සිදුවන්නේ ප්‍රභාසංස්ලේෂණය නම් ක්‍රියාවලිය මගිනි.




සුර්යය ශක්තිය භාවිතකොට අහාර නිපදවා ගන්නා ජිවින් ප්‍රභාසංස්ලේෂකයන් ලෙස හදුන්වනු ලබයි.මොවුන් අහාර දාමවල මුල්පුරැක ලෙස ක්‍රියාකරනු ලබයි.

මොවුන් තුල සුර්යය ශක්තිය ප්‍රතිග්‍රහණය කිරිම සදහා ප්‍රභාවර්ණක(හරිතප්‍රද) ලෙස හදුන්වන විශේෂ අණු පවතින අතර මේවා දියුණු ජිවින් තුල ප්‍රභාපද්ධති ලෙස සකස් වි තිබේ.

ජිවලෝකයේ ප්‍රධාන ප්‍රභාසංස්ලේෂකයන් ලෙස හරිතශාක ,සයනොබැකටිරියා,අල්ගී දැක්විය හැකිය. 

මේ අනුව
හරිතප්‍රද දරන සජිවි සෛල පරිසරයෙන් Co2 සහ ජලය ලබාගනිමින් කාබනිකඅහාර නිපදවිමත් එහිදි සුර්යයාගේ ශක්තිය කාබනික අහාරවල වු රසායනික බන්ධන ශක්තිය බවට පත්කරලිමේ ජෛවිය ක්‍රියාවලිය ප්‍රභාසංස්ලේෂණයයි.

ශාක සෛල තුල මෙම ප්‍රභාසංස්ලේෂනය සිදකරනු ලබන්නේ හරිතලව ලෙස හදුන්වන විශේෂ ඉන්ද්‍රයිකාව තුලය.

මේ සදහා හරිතලව තුල හරිතප්‍රද(ක්ලෝරොපීල්) ලෙස හදුන්වනුලබන ප්‍රභාවර්ණක පවතින අතර සුර්යයශක්තිය ප්‍රතිග්‍රහණය සදහා වැදගත් වේ.

ප්‍රභාසංස්ලේෂණය මුලික පියවර 2ක් යටතේ සිදුවේ.
  • අලෝක ප්‍රතික්‍රියාව (Light reaction)
  • අදුරැ ප්‍රතික්‍රියාව (Dark reaction)
වැඩිදුර තොරතුරැ අධ්‍යයනය කිරිම සදහා පහත powerpoint ඉදිරිපත්කිරිම භාගත කරගන්න.

බාගත කිරිමට පහත ලින්කුව යොදාගන්න.


ප්‍රභාසංස්ලේෂණය

1 comments: