Tuesday, May 13, 2014

ඔබත් ඇඟ සුදුමැලිවිම,වැඩකිරිමේදි සාමාන්‍ය ප්‍රමාණයට වඩා අධික මහන්සියක් දැනිම , ක්ලාන්තගතිය,කැරකිල්ල යන රෝග ලක්ෂණවලින් පෙලෙන්නේද?

එසේනම් ඔබත් යකඩ ඌනතාවයෙන්(Iron deficiency anemia) පෙලෙනවා වියහැකිය.

යකඩ(Fe) මිනිස් දේහයේ වර්ධනය සහ ක්‍රියාකාරිත්වය සදහා අත්‍යාවශ්‍යය මුලද්‍රව්‍යයකි.ප්‍රධාන වශයෙන් ඔබගේ රැධිරයේ රතු රැධිර සෛල (රක්තාණූ) තුල පවතින හිමොග්ලොබින් (Hb) නමැති  වර්ණකයේ මුලික සංඝටකයක් ලෙස ක්‍රියාකරනු ලබයි.මෙම හිමොග්ලොබින් නම් වර්ණකය දේහය පුරා පටකවලට අවශ්‍යය ඔක්සිජන් පරිවහනයට දායක වේ.
එ අනුව රතුරැධිර සෛල නිපදවිම සදහා යකඩ අත්‍යාවශ්‍යය වේ.


හිමොග්ලොබින්වල සංඝටකයක් විමට අමතරව දේහයේ යකඩවල වෙනත් කාර්යයන් මොනවාද?
යකඩ දේහයේ මයොග්ලොබින් වැනි වෙනත් සංඝටක සැදිමට දායක වේ.
එමෙන්ම මිනිසාගේ ස්නායු පද්ධතියේ වර්ධනය සහ විකසනය සදහා(ස්නායුසෛලවල ශක්ති සංස්ලේෂණ, ස්නායු සම්ප්‍රේෂකවල පරිවෘත්තිය ,මයලිනිකරණය) යකඩ අත්‍යාවශ්‍යය වේ. 
 එමනිසා කුඩාකාලයේදි ඇතිවන යකඩ ඌනතාවය  නිසා ස්නායු පද්ධතියේ වර්ධනය අඩාල විය හැකිය.
මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාවලින් සදහා වැදගත් වේ.
දේහයේ සාමාන්‍ය සෛල වල ස්ථායිතාවය සදහා වැදගත් වේ.

අහාරයෙන් උරාගන්නා යකඩ වලට දේහය තුලදි සිදුවන්නේ කුමක්ද?




අපගන්නා අහාරයේ අඩංගු යකඩ ග්‍රහණීය තුලදි රැධිරයට අවශෝෂණය කරගනු ලබන අතර පරිවාහක ප්‍රෝටීන මගින් එවා දේහයේ විවිධ අවයවයන් වෙතගෙනයනු ලබයි.
පේශී පටකයේදි මයොග්ලොබින් සැදිම සදහාද ඇටමිදුලු වලදි රතුරැධීරසෛල නිපදවිම සදහාද, අක්මාව තුල ගබඩා කරතැබිම සදහාද පරිවහනය කරනු ලබයි.

නැවතත් රතුරැධීර සෛලබිද හෙලිමෙන් සහ සංචායක අවයවන්ගෙන් පරිවහනයවිම මගින් රැධිරයට යකඩ එකතුවිම සිදු වේ.


නිරක්තිය /රක්තහිනතාවය යනු කුමන රෝග තත්වයක්ද?
දේහයේ රතුරැධිර සෛල ප්‍රමාණය/සාන්ද්‍රණය වෙනත් විදියකින් කිවහොත් හිමොග්ලොබින් ප්‍රමාණය නියමිත මට්ටමට වඩා අඩුවිම නිරක්තිය/රක්තහීනතාවය (Anemia) ලෙස හදුන්වනු ලබයි.
(රතුරැධිර සෛල ~ හිමොග්ලොබින් සාන්ද්‍රණය)

රක්තහීනතාවය සදහා හේතුකාරක විය හැකි තත්වයන් මුලිකව පහත පරිදි දැක්විය හැකිය....

  • රතු රැධිර සෛල නිපදවිම අඩුවිම
    • පෝෂණ ඌනතාවයන් (යකඩ ඌනතාවය)
    • ඇටමිදුලු(Bone marrow) වල හටගන්නා රෝගාබාධ-- රතු රැධිරසෛල නිපදවනු ලබන්නේ ඇටමිදුලු වලය
    • දේහයේ දිගුකාලින රෝගාබාධයන්
  • රතුරැධිර සෛල බිඳවැටෙන ප්‍රමාණය වැඩිවිම --ජානමය සහ වෙනත් සාධක හේතුකොටගෙන රැධිරසෛලවල ව්‍යුහයේ පවතින දුර්වලතාවයන් නිසා රතුරැධිර සෛල බිඳවැටිම. 
  • දේහයෙන් වැඩිපුර රැධිරය පිටතට ගැලිම
    • පරපෝෂී අසාදන තත්වයන්(කොකු පණු රෝගය)
    • ඔසප් චක්‍රයේදි වැඩිපුර රැධිරය වහනය විම
    • විවිධ අනතුරැ වලදි,ශල්‍යයකර්මවලදි

මෙම තත්වයන් අතරින් නිරක්තිය සදහා බහුලතම හේතුසාධකය වනුයේ පෝෂණ  ඌනතාවය නිසා හටගනුලබන යකඩ ඌනතාවයයි.විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල පුද්ගලයන්ගේ අහාරයට යකඩ නියමිත ප්‍රමාණයට එක් නොවිම මීට හේතුවයි

යකඩ වැඩිපුරම අත්‍යාවශ්‍යය වන්නේ කුමන වයස් පරාසවල පුද්ගලයන් සදහාද?
විශේෂයෙන් දිනකට වැඩිපුර යකඩ ප්‍රමාණයක් අවශ්‍යය වන්නේ ඉක්මනින් වර්ධනය වන ක්‍රියාකාරි පුද්ගලයන් සදහාය.මක්නිසාදයත් ඔවුනගේ පටකවල ක්‍රියාකාරිත්වය වැඩිවන අතර ඔක්සිජන් පරිභෝජනයද අධිකවේ.
කුඩා දරැවන්,වර්ධනය වන යොවුන් වයසේ පසුවන දරැවන්,ගර්භණි මව්වරැන්,කිරිදෙන මව්වරැන් යන අය සදහා වැඩිපුර යකඩ අවශ්‍යය වේ.එ නිසාම මොවුන් යකඩ ඌනතාවය සදහා ගොදුරැවිමට වැඩි ප්‍රවණතාවයක් දක්වනු ලබයි.

වැඩිහිටි පුද්ගලයකුට දිනකට කොපමණ යකඩ ප්‍රමාණයක් අවශ්‍යය වන්නේද?

  • වැඩිහිටි පිරිමි පුද්ගලයකුට දිනකට  යකඩ 8mg ප්‍රමාණයක් ලබාගැනිම ප්‍රමාණවත් වේ.
  • ප්‍රජනක සමයේ(19-50 age) පසුවන කාන්තාවන් සදහා දිනකට 18mg  පමණ ලබාගැනිම ප්‍රමාණවත් වේ.(මාස්පතා ඔසප්ක්‍රියාවලිය මගින් රැධීරවහනය සිදුවිම නිසා)
  • ඔසප් ක්‍රියාවලිය නැවතිමෙන් පසුව සාමාන්‍යය යකඩ ප්‍රමාණය එනම් 8mg පමණ ලබාගැනිම ප්‍රමාණවත්ය.


යකඩ ඌනතාවය නිසා හටගන්නා රෝගලක්ෂන කවරේද?
  • ඇඟ සුදුමැලිවිම
  • වැඩිපුර මහන්සි දැනිම
  • ක්ලාන්ත/කැරකිල්ල ගතිය
  • අසාමාන්‍යය අහාරපුරැදු හටගැනිම
  • හෘදස්ඵන්දන වේගය වැඩිවිම -- දේහයට අවශ්‍යය O2 සැපයිමේ විකල්පයක් ලෙස
  • නිතර නිතර අසාදන තත්වයන් හටගැනිම
යකඩ  ඌනතාවය හදුනාගන්නේ කේසේද?
වෛද්‍යයවරයකු විසින් මෙම රෝගතත්වය හදුනා ගැනිමේදි මුලික රෝගලක්ෂනවලට අමතරව විවිධ ජිවරසායනාගාර පරික්ෂනයන් උපයෝගි කරගනි.
  • රැධිරයේ හිමොග්ලොබින් සාන්ද්‍රණය /සම්පුර්ණ රැධිර සාම්පල වාර්තාව(FBC)
  • රැධිර සාම්පල සටහනක් (Blood report) --- ප්‍රමාණයෙන් කුඩා අඩු සාන්ද්‍රණයකින් යුත් රතුරැධීර සෛල දක්නට ලැබේ.
  • රැධිරයේ යකඩ සාන්ද්‍රණය -- අඩු වේ.
  • රැධිරයේ යකඩ පරිවහනයට දායකවන ෆෙරිටින් (Ferritin) ප්‍රෝටීන සාන්ද්‍රණය
  • ඇටමිදුලු සාම්පල පරික්ෂාව
නිරෝගි පුදගලයකුගේ වයස අනුව රැධිරයේ පැවතිය යුතු සාමාන්‍යය හිමොග්ලොබින් ප්‍රමාණයක් පවති.එම පරාසයේ පහළ අගයට වඩා හිමොග්ලොබින් සාන්ද්‍රණය අඩුවු විට එය රක්තහීනතා තත්වයක් ලෙස හදුනාගනු ලබන අතර අනෙකුත් පරික්ෂන මගින් එය යකඩ ඌනතාවයක්දැයි තහවුරැ කරගනි.
යකඩ ඌනතාවයෙන් පෙලෙන පුද්ගලයකුගේ දේහය යකඩ අන්තර්ගතයන්ගේ(රැධිරයේ/ඇටමිදුලු වල) සැලකියයුතු පහළ බැසිමක් දක්නට ලැබේ.


වැඩිහිටි පුද්ගලයකුගේ රැධිරයේ සාමාන්‍යය හිමොග්ලොබින් සාන්ද්‍රණය.....
පිරිමි --- 13.8 -17.2mg/dl
ස්ත්‍රී --- 12.1- 15.1mg/dl

ගර්භණි සමයේදි යකඩ ඌනතාව මගින් ඇතිවියහැකි සංකුලතා මොනවාද?
ගර්භණි මව්වරැන් විසින් කළලයේ වර්ධනය සදහාද අවශ්‍යය යකඩ ප්‍රමාණය පිටතින් ලබාගතයුතුය.මෙම සමයතුලදි හටගන්නා යකඩ ඌනතාවය හේතුකොටගෙන මවට මෙන්ම දරැවාටද අහිතකර බලපැම් සිදුවිය හැකිය.
  • දරැ ප්‍රසුතියේදි මව ඉක්මනින් වෙහෙසට පත් විම,පසු අසාදන තත්වයන් හටගැනිම
  • ප්‍රසුති තුවාල සුවවිමට කල්ගතවිම
  • කළලය තුලදි දරැවා මියයාම
  • නොමේරැ දරැ උපත් සිදුවිම
  • අවවර්ධන උපත් සිදුවිම
යකඩ ඌනතාව සදහා සුදුසු ප්‍රතිකර්ම මෛනවාද?
මුලික ප්‍රතිකර්ම ක්‍රම කිහියකි
  • අහාර රටාවේ වෙනස්කම් සිදුකරගැනිම
  • යකඩ අඩංගු ž ඖෂධ(පෙති ) ලබාගැනිම
  • රැධිර පාරවිලයනය
  • වෙනත් -- පරපොෂී අසාදන සදහා ප්‍රතිකාර ලබාගැනිම,දේහයෙන් සිදුවන අතිරේක රැධිර වහනයන් අවම කිරිම
   වැඩිපුර යකඩ අඩංගු අහාර මොනවාද?
   
   සත්තව අහාරයන් බොහෝමයක දේහයට අවශෝෂණය කරගතහැකි යකඩ බහුලව අන්තර්ගත වේ.කොළ පැහැති ශාක අහාරයන් තුලද යකඩ අන්තර්ගත වේ.නමුත් සම්පුර්ණයෙන් නිර්මාංශ විම යකඩ ž ඌනතාවය සදහා හේතුපාදක විය හැකිය.....
  •    මස්
  •    බිත්තර,කිරි
  •   නිවිති,සාරණ වැනි කොළ පැහැති පලාවර්ග
  •   බෝංචි,සෝයා-බෝංචි,මයිසුර් පරිප්පු
  •   සුරියකාන්ත අල
  •   පිකුදු
  •   බෙල්ලන් වැනි මුහුදු අහාර
   හැකිපමණ මෙම අහාර තම අහාර වේලට එක්කරගැනිම  සුදුසු වේ.
  
   යකඩ පෙති මගින් දේහයට ඇතිවන අතුරැ බලපැම් මොනවාද?
   යකඩ ප්‍රමාණය අහාරවලින් පාලනය කරගත නොහැකි තත්වයක සිටිනවිට හෝ ගර්භණිසමයතුලදි යකඩපෙති ලබාගැනිම වෛද්‍යයවරයකු විසින් නිර්දේශ කරනුලබයි.
   මෙම පෙති නියමිත මාත්‍රාවට ලබාගැනිම මගින් විශේෂීත අතුරැ අබාධයන් නොසැදෙන අතර මළ කළු පැහැගැන්විම ,මලබද්ධය,ඔක්කාරය සහ වමනය වැනි තත්වයක් ඇතිවිය හැකිය.
  
  යකඩ දේහයට උරාගැනිම වැඩිකිරිම සදහා ගතහැකි ක්‍රියාමාර්ග මොනවාද?
  යකඩ අඩංගු අහාර හෝ යකඩ පෙති සමඟ විටමින් C එක් කරගැනිම මගින් දේහයට යකඩ අවශෝෂණය වැඩිකරනු ලබයි.
  එමනිසා යකඩ ඌනතාවයකදි විටමින් C අඩංගු පළතුරැ වර්ග අහාරයට එක්කරගත යුතුය.
  අහාර ගැනිමෙන් පසුව තේ (ටැනින් අඩංගු) වැනි පානයන් ගැනිම මගින් යකඩ අවශෝෂණය අඩුකරනු ලබයි.එමනිසා ප්‍රධාන අහාරයකට පසු තේ බිමෙන් වැළකිය යුතුය.

1 comments: