Sunday, August 31, 2014

ගර්භණී කාන්තාවක් සිය සෞඛ්‍ය පුරැදු සහ චර්යාවන් පිළීබඳ වරක් නොව දෙවරක් සිතා බැලිය යුතුය,මක්නිසාද යත් මවගේ චර්යාවන් කුසතුළ වර්ධනය වන දරැවාගේ යහපැවැත්ම කෙරේ සෘජු බලපැමක් ඇතිකරනු ලබන බැවිනි.මත්පැන් පානය කිරිමද එ අයුරින් කළලයේ වර්ධනය කෙරේ අයහපත් ලෙස බලපවත්න ප්‍රබල සාධකයකි.



ගර්භණී සමය තුල මත්පැන් පානය කිරිමෙන් ඇතිවිය හැකි අනිටුළුල විපාක මොනවාද?
මවගේ රැධීරය ඔස්සේ වර්ධනය වන කළලයේ රැධිරය වෙත මත්පැන් සහ විෂ සංඝඨකයන් ගමන් කළ හැකිවන අතර එමඟින් මත්පැන් නිසා මවට සිදුවන හානියට වඩා විශාල හානියක් වර්ධනයවන කළලයට සිදුවිය හැකිය. 
කළලයේ පටකයන් තවමත් වර්ධනය වෙමින් පවතින බැවින් එවායේ වර්ධනයේ අසාමාන්‍යයතාවයන් ඇතිවිය හැකිය.එමෙන්ම තරමක්දුරට වර්ධනය වු කළලයක් වුවද එවාට පරිණත ක්‍රියාකාරිත්වයක දැක්විය නොහැකි බැවින් එම පටකවලට හානිවිම සිදු විය හැකිය.
එබැවින් ගර්භණි සමයේ කුමන අවස්ථාවක (T1,T2,T3) මත්පැන් පානය කළද කළලයට සැලකිය යුතු ලෙස හානිසිදුවිය හැකිය.එමෙන්ම මෙමඟින් ඇතිවන බලපැම ලබාගන්නා මත්පැන් ප්‍රමාණය මතද රඳා පවති.
ගර්භණීසමයේ කාන්තාවක් මත්පැන් ලබාගැනිම නිසා කළලයට/දරැවාට ඇතිවිය හැකි සංකූලතා තත්වයන් Fetal Alcohol syndrome ලෙස හදුන්වනු ලබන අතර එය දරැගැබ විනාශවිමේ (Miscarriage) තත්වයක සිට විවිධ අබාධ සහිත දරැවන් උපත ලැබිම දක්වා පරාසයක් තුල සිදුවිය හැකිය.
මත්පැන් මඟින් කළලයේ ස්නායු පද්ධතියේ (මොළයේ) සෛල වර්ධනය සැලකිය යුතු ලෙස අඩපණ කරනු ලබයි.එබැවින් උපත ලබන දරැවා බුද්ධිමත්භාවයෙන් අඩු ,දුර්වල ස්නායු ක්‍රියාකාරිත්වයක් සහිත වර්ධනයෙන් බාල වු දරැවකු විය හැකිය.
මොළයේ සහ ස්නායු ක්‍රියාකාරිත්වය අඩුබැවින් උපත ලැබුදරැවන් කල්ගතවිමේදි චර්යාත්මක රටාවන්ගේ අසාමාන්‍යයතාවයන් පෙන්වනු ලබයි.
කළල අවස්ථාවේදි මත්පැන් වල අන්තර්ගත විෂ සංඝඨකයන්ට නිරාවරණය වු දරැවන් අනෙක් දරැවන්ට වඩා වර්ධයෙන් බාල ,වර්ධනය සම්බන්ධ විවිධ ගැටළු සහිත දරැවන් වේ.
එමෙන්ම හෘදය සහ දේහයේ වෙනත් අවයවයන් තුල විවිධ සංකූලතාවයන් (Birth defects) සහිත දරැවන් බිහිවිය හැකිය.

එමෙන්ම දරැගැබ විනාශවිම,මළ දරැඋපත් සිදුවිම,නොමේරැ දරැ උපත් සිදුවිම වැනි තත්වයන් ඇතිවිය හැකිය.

ගර්භනිසමය තුල මත්පැන් සුළු ප්‍රමාණයක් හෝ ලබාගැනිම සුදුසු නොවේ.....
ගර්භණි සමය තුල පමණක් නොව සාමාන්‍යය පුද්ගලයකු වුවද සුළු වශයෙන් හෝ මත්පැන් පානය කිරිම දේහයට හිතකර නොවේ.නමුත් ගර්භණි සමය තුල ලබාගන්නා මත්පැන් ප්‍රමාණය සහ එ හා සම්බන්ධ අනෙකුත් චර්යාවන් වන දුම්පානය වැනි තත්වයන් කළලයට සිදුවන හානිය තවදුරටත් වැඩි කිරිමට හේතු වේ.
මත්පැන් ලබාගන්නා ප්‍රමාණය සහ වාරගණන වැඩිවිට කළලයට සිදුවිය හැකි හානිය වැඩිවේ.
එමෙන්ම දුම්පානය සහ වෙනත් මත්ද්‍රව්‍යය ලබාගැනිම මෙම තත්වය වර්ධනය කිරිමට දායක වේ.දුම්පානය කිරිම මඟින් කළලබන්ධය සකස්විම සම්බන්ධ දුර්වලතාවයන් හටගනි.එබැවින් කළලයට නිසිලෙස රැධීරය ගමන්නොකිරිම නිසා කළලයේ වර්ධනයහීනවිමත් (IUGR) සහ මව අධිරැධීර පීඩන තත්වයකට ගොදුරැවිමත් සිදුවිය හැකිය.

එමෙන්ම සමහරක් ප්‍රවේණීක ලක්ෂණයන් (ජානමය සාධක) නිසා මත්පැන් මඟින් කළලයට වැඩි හානියක් සිදුවිමට අවධානමක් පවති.

මත්පැන් නිසා කළලයට සිදුවන හානිය හඳුනාගන්නේ කේසේද?
මත්පැන් පානය කිරිම නිසා හටගන්නා සංකූලතා වලින් සමහරක් ප්‍රජනන සමයේ සිදුකරන ලබන ස්කෑන් පරික්ෂණයන් (USS) මඟින් හඳුනාගත හැකිය.විශේෂයෙන් හෘදය සහ වර්ධනය සම්බන්ධ සංකූලතාවයන් හදුනාගත හැකිය.
එමෙන්ම සැලකිය යුතු ලෙස FAS තත්වයට ලක් වු දරැවකු උපදින අවස්ථාවේදි පවතින අසාමාන්‍යය ලක්ෂණයන් මඟින්ද හඳුනාගත හැකිය.
අවම මට්ටමින් මෙම තත්වය පවතින දරැවන් හඳුනාගත හැක්කේ පසුකාලිනවය.
මත්පැන් පානය කිරිම නිසා උපදින සංකූලතාවයන් සහිත දරැවන් (FAS) සදහා නිශ්චිත ප්‍රතිකර්මයක් නොමැති බැවින් වඩාත්ම යෝග්‍යය ප්‍රතිකාරය වන්නේ ගර්භණී සමය තුල මත්පැන් ,මත්ද්‍රව්‍යය වැනි අයහපත් පුරැදු වලින් සම්පුර්ණයෙන්ම වැළකි සිටිමයි.එමඟින් නිරෝගි දරැ පරපුරක් රටට දයාද කිරිමයි.......
 

1 comments: