Wednesday, August 27, 2014

වෛද්‍යය විද්‍යාත්මක ප්‍රතිකාර වල විප්ලවීය වෙනසක් සිදුකිරිම සදහා මුලික සෛල හෙවත් Stem cells වල ක්‍රියාකාරිත්වය හදුනාගැනිම සහ එ සම්බන්ධ පර්යේෂනයන් සිදු කිරිම හේතු වි තිබෙන බව ඔබ දන්නේහිද?



මුලික සෛල යනු......
මුලික සෛල ලෙස හඳුන්වන්නේ විභේදනය නොවු සෛල වන අතර එවාට ස්නායු සෛලවල සිට රැධීර සෛල දක්වා වු විවිධ පටක ආකාරයන් දක්වා විභේදනය විමේ හැකියාව පවති.එමෙන්ම අනුනනය මඟින් නැවත අළුත් සෛල සැදිමේ හැකියාවද පවති.
ක්ෂීරපායින් තුල මුලික සෛල ආකාර දෙකක් පවතින අතර බ්ලාස්ට කෝෂ්ඨයේ ඇතුල් සෛල ස්කන්ධයෙන් ලබාගන්නා මුලික සෛල කළල මුලික සෛල ලෙස හදුන්වනු ලබයි.මෙම සෛල වලට ඕනෑම දේහ පටකයක් බවට (Pluripotent) විකසනය විමට හැකියාව පවති. එනම් බහිස්චර්මීය,අන්තශ්චර්මීය,මධ්‍යයචර්මීය යන ප්‍රධාන ජනක ස්ථරවලින් විකසනය වන ඕනෑම පටකයක් බවට විකසනය විය හැකිය.

(බ්ලාස්ට කෝෂ්ඨය යනු කළල වර්ධනයේ දින 3-4 ත් අතර කාලය තුලදි යුක්තාණූව බෙදිමෙන් සැදෙන සෛල ගෝලයක් වැනි අවස්ථාවකි.)

අනෙක් මුලික සෛල කාන්ඩය වන්නේ දේහයේ පරිණත පටක තුල පවතින පරිණත මුලික සෛල යි. එම සෛල වලට එම පටකයේ අඩංගු එක් සෛල වර්ගයක් හෝ සෛල වර්ග සියල්ලම(Multipotent) නිපදවිය හැකිය.එබැවින් පටකයක හානිපුර්ණය සදහා වැදගත් වේ.
උදා -- රැධීරයේ (HSCs),ඇට මිදුළු,පෙකනි වැල
මෙම පරිණත කළල සෛලයන් ලබාගන්නා ප්‍රධාන පටකයන් කිහිපයකි.
  • රැධිර පටකයන්
  • ඇට මිදුළු පටකයන්
  • මේද පටකයන්
එමෙන්ම දරැ උපතකදි පෙකනි වැලෙන් ලබාගන්නා රැධීරයද මෙම මුලික සෛල ලබාගැනිමට භාවිත කරනු ලබයි.

මෙහිදි සදහන් කළ යුතු වැදගත් කරැණක් වන්නේ මානව කළලයකින් හෝ පරිණත පටකයකින් මුලික සෛල ලබාගත්තද එහි අන්තර්ගත වන්නේ විශිෂ්ඨ වු  පුද්ගල ප්‍රවේණී කේතයන් බැවින් වෛද්‍යවිදයාත්මක කටයුතු සදහා යොදාගැනිමේදි සදාචාරාත්මක ගැටළුවක් පවති.

මුලික සෛලවල භාවිතයන්...........


පුද්ගලයකුගෙන් හෝ කළලයකින් ලබාගන්නා මුලික සෛල රෝපිත මාධ්‍යයන් තුල නාලස්ථීතිකව රෝපණය කොට කළල හෝ පරිණත ජිවින්ට ඇතුළු කිරිම මඟින් පටක පුනර්ජනනය කළ හැකි විම මෙහි ප්‍රධාන මුලධර්මය ලෙස භාවිත වේ.
එ අනුව පහත රෝග තත්වයන් සදහා ප්‍රතිකාර කිරිමේදි මුලික සෛල චිකිත්සාව භාවිත කරනු ලබයි.

ලියුකේමියා රෝග තත්වය සදහා ඇට මිදුළු බද්ධ කිරිම (Bone marrow transplant) ---විකිරණ හෝ ඖෂධ ප්‍රතිකාරයන් මඟින් රෝගියාගේ පවතින රෝගි ඇටමිදුළු පටකයන් විනාශ කිරිමෙන් පසු නීරෝගි මුලික සෛල රෝගියාගේ පටක තුලට ඇතුළු කරනු ලබයි.නමුත් රෝගියාගේ ප්‍රතිශක්තිකණ පද්ධතිය මඟින් මෙම නව පටකයන් ආගන්තුක ලෙස හඳුනාගන්නා බැවින් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය අඩුකිරිම සදහා ප්‍රතිකාර ලබාගත යුතු වේ.

හෘද පටක මියගිය හෝ අකර්මන්‍යය වු රෝගින් සදහා මුලික සෛල එන්නත් කිරිම මඟින් නව හෘත් පටකයන් ප්‍රතිජනනය කිරිම.නමුත් මෙය තවමත් පර්යේෂණ මට්ටමේ පවතින අතර මීයන් භාවිත කිරිම මඟින් සිදුකරන ලද පරික්ෂණයන් තුලින් සාර්ථක ප්‍රතිළුල ලැබි තිබේ.

දියවැඩියාව,පාර්කින්සන් රෝගය ,සුෂුම්නා ස්නායු අළුත් වැඩියාකිරිම, ඇල්සයිමර්ස් රෝගය,ආඝාතය,පිළීකා රෝග,AIDS වැනි රෝග තත්වයන් සදහා ප්‍රතිකාර කිරිමේදිද මෙම මුලික සෛල චිකිත්සාව යොදාගනු ලබයි.

තවද නව ඖෂධයන් නිපදවිමේදි මිනිසා තුල ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කිරිම සදහා ද මුලික සෛල භාවිත කරනු ලබයි.

එමෙන්ම සත්තව අභිජනනයේදි බොහෝ ක්ලෝනයන් නිපදවිම සදහාත් ජාන චිකිත්සාවන් සදහාත් මෙම මුලික සෛල භාවිත කරනු ලබයි.

මුලික සෛල භාවිතයේ ප්‍රධාන අවාසිදායක තත්වයන් බවට පත්ව තිබෙන්නේ ...........
මුලික සෛල චිකිත්සාව පිළීබඳ පිළිබඳව සදාචාරාත්මක ගැටළු පැනනැඟිමත් ,මුලික චිකිත්සාවේදි භාවිත කරන ලබන සෛලවලට එරෙහිව පුද්ගල ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාත්මක විමත්, එමෙන්ම සමහර මුලික සෛල එන්නත් කිරිමෙන් පසු පිළීකා තත්වයක් දක්වා වර්ධනය විමත් වැනි කරැණුය.

එමෙන්ම මුලික සෛල භාවිත කිරිම , මානව ක්ලෝනීකරණය වැනි සදාචාරාත්මක නොවන නිතිවිරෝධී ක්‍රියාවලින් සදහා පර්යේෂණ සිදුකිරිම වැනි තත්වයන් දක්වා වැඩි දියුණූ වි තිබේ.

0 comments:

Post a Comment