Thursday, August 21, 2014

මිනිසුන් වන අප හැමදෙනාම කැමතියි නිරෝගි සෞඛ්‍යය සම්පන්න ජිවිතයක් ගතකරන්න.අපමහා ගෞතම බුදරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නෙත් "ආරෝග්‍යා පරාමා ලාභා" කියලා.එ කියන්නේ පුද්ගලයකුට තියෙන පරම ලාභය නීරෝගිකම කියලා.
නිරෝගිවිමේ වැදගත්කම මිනිසුන් වන අපට අමුතුවෙන් පහැදිලි කරන අවශ්‍යය නොවෙන්නේ අපි හැමදෙනාම ලෙඩ වෙලා තියෙනවා.ඉතින් එ වෙලාවට මේ නිරෝගිවිමේ වැදගත්කම අත්දැකිමෙන්ම අවබෝධ වෙලා තියෙනවා.
ඉතින් වර්තමාන ජිවන රටාවන් අනුව මිනිසුන්ගේ නීරෝගිභාවය නැතිවෙන්න හේතුසාධක වෙලා තියෙන ප්‍රධානම කරැණක් වෙලා තියෙන්නේ අයහපත් නැත්නම් අවිධීමත් ආහාර පුරැදු......


අපි බොහෝ දෙනා අතරේ දක්නට ලැබෙන අවිධීමත් ආහාර චර්යාවන් සහ එ වටා ගෙතුන මිථ්‍යාමත බොහෝමයක් තියෙනවා.සරල විද්‍යාත්මක පැහැදිලි කිරිමකුත් එක්ක එ මොනවද කියලා බලමු....

පමණ දැන ආහාර ගනිමු -- බොහොදෙනක් ශරිරය හොදින් වර්ධනය සහ ශක්තිමත්විම සදහා දේහයට අවශ්‍යය ප්‍රමාණයටත් වඩා ආහාර ලබාගන්නවා.නමුත් මේකෙන් වෙන්නේ අපේ දේහය අනවශ්‍යය ලෙස තරබාරැ වෙලා ගැටළු ගොඩක් නිර්මාණය වෙන එක.මුලින්ම අපේ දෛනික ශක්ති අවශ්‍යයතාවය පිළීබඳව අපට අවබෝධයක් තියෙන්න ඕනැ.අපි ගොඩක් වෙලාවක් එක් තැනක වැඩ කරන කෙනෙක්ද එහෙමත් නැත්නම් ගොඩක් කයවෙහෙසලා වැඩ කරන කෙනෙක්ද, වර්ධක අවධීයක ඉන්න කෙනෙක්ද,ගර්භණී කෙනෙක්ද,රෝගියෙක්ද වගේ කරැණු මත මේ ශක්ති අවශ්‍යයතාවය තීර්ණය වෙනවා.
දෛනික ශක්ති අවශ්‍යයතාවයට අනුව අපේ ආහාරයේ ප්‍රමාණය අපි විසින් තීර්ණය කරගන්න ඕනේ.

ආහාර ප්‍රමාණය පිළීබඳ කථා කරනකොට අනිවාර්යෙන්ම සිහිපත් කළ යුතු කරැණක් තමයි දවසේ වැඩි වෙලාවක් රෑපවාහිනි නැරඹිම සදහා යොමු වි සිටින වැඩිහිටියන් සහ කුඩා ළමුන් අතර දෛනිකව ලබාගන්නා ආහාර ප්‍රමාණයේ සැලකිය යුතු ලෙස වැඩිවිමක් තිබෙන බව. විශේෂයෙන් ප්‍රධාන ආහාර වේලාවට අමතරව ආහාර ලබාගැනිමේ වැඩි විමක් මොවුන් තුල දක්නට ලැබෙනවා.මීට අමතරව රැපවාහිනි වැනි මාධ්‍යය තුල පලවන ආහාර පිළිබද ප්‍රචාරණ දැන්විම් මඟින් එම කාලසීමාව තුල අමතර ආහාර ගැනිම සදහා යම් පෙළඔවිමක් සිදුවන බවද පර්යේෂණාත්මක මතයක් ලෙස ඉදිරිපත් වි තිබෙනවා.

සංතෘප්ත මේද අධීක ආහාර අවම කරමු --- හෘදයාබාධ .අධීරැධීර පීඩනය,දියවැඩියාව,තරබාරැබව වැනි බොහොමයක් සෞඛ්‍යමය ගැටළු වලට තුඩු දෙන තත්වයක් තමයි සංතෘප්ත මේද අධීක ආහාර ලබා ගැනිම.
(සංතෘප්ත මේද අණූ සැදිමට දායකවන මේද අම්ලවල කාබන් දාමයේ ද්විත්ව බන්ධන නොපිහිටන අතර C අණු වටා සියළුම බන්ධනයන් එකබන්ධන වේ.)
බොහොමයක් සත්තව මාංශ සහ සත්තව ආහාරයන් තුලත් (චීස්,බටර්, සත්තව තෙල්) පොල්තෙල් ,චොකලට් වැනි ශාක නිෂ්පාදනයන් තුලත් අධීක ලෙස සංතෘප්ත මේදය අන්තර්ගත වේ.
එමෙන්ම වර්තමානයේ අප භාවිත කරන ක්ෂණීක ආහාර බොහොමයක් තුල අන්තර්ගත වන්නේ මෙම සංතෘප්ත මේදයයි.
සංතෘප්ත මේද අධික ලෙස ලබාගැනිම රැධිරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩිවිම සදහා සෘජු ලෙසම දායක වන අතර එමඟින් කලින් සදහන් කළ බොහොමයක් රෝග තත්වයන් සදහා මුලය සපයනු ලබයි.

නමුත් මෙහිදි අවදානය කල යුතු වැදගත් කරැණක් වන්නේ සත්තව සංතෘප්ත මේද සහ ශාක මේද තුල ක්‍රියාකාරිත්වයේ සැලකිය යුතු වෙනසක් පවතින බවය.සත්තව සංතෘප්ත මේද තුල බහුලවම අන්තර්ගත වන්නේ පාමිටික් සහ ස්ටියරික් යන මේද අම්ලයන්ය.ශාක සංතෘප්ත මේද තුල අන්තර්ගත වන්නේ ලෝරික් සහ myristic වැනි මේද අම්ලයන්ය. 

විශේෂයෙන් පොල්තෙල් සැලකිමේදි පොල්තෙල් වල බහුලවම අන්තර්ගත වන්නේ ලෝරික් අම්ලය සහිත සංතෘප්ත අම්ලයන්ය(92%). ලෝරික් අම්ලය C පරමාණූ 12 කින් සමන්විත දාමයක් දරනු ලබයි. නමුත් මෙම සංතෘප්ත මේද දේහය තුලදි සත්තව මේදයන්ට වෙනස් අයුරකින් ක්‍රියාත්මක වේ.එනම් මෙම මේද කොටස් දේහයට අවශෝෂණය විමෙන් පසු මේද ස්ථරතුල තැම්පත් විමකින් තොරව කෙලින්ම සෛලීය ශක්තිය නිපදවිම සදහා වැයවේ.එමෙන්ම trans මේදයෙන් ද තොර බැවින් පොල්තෙල් භාවිතය පුර්ණ ලෙස සෞඛයාරක්ෂිත බව පෙන්වා දිය හැකිය.
මීට අමතරව අධීක සංතෘප්ත මේදය ලබාගැනිම පියයුරැවල,ඩිම්බකෝෂ වල සහ පුරස්ථී ග්‍රන්ථීවල පිළිකා තත්වයන හටගැනිම සදහාත් අධීක සත්තව සංතෘප්ත මේදය ලබාගැනිම අන්ත්‍රයේ පහළ ප්‍රදේශවල පිළිකා හටගැනිමටත් හේතු වන බව සෛයාගෙන තිබේ.
එ අනුව සංතෘප්ත මේද අධීක ආහාර භාවිතය අවමකිරිම සෞඛ්‍යමත් ජිවිතයකට මඟ පාදනු ලබයි.

අධීක ලෙස සීනි අඩංගු ආහාරවලින් වළකිමු -- සිනි යනු කාබොහයිඩ්‍රේට් කාණ්ඩයට අයත් මොනසැකරයිඩ සහ ඩයිසැකරයිඩ වලට අයත් වන රසායනික සංයෝගයන්ය.මේවා බහුල ආහාරයන් වන පැණීරසකාරක, දියරමය/පළතුරැමය පානයන්,රස කැවිලි,කේක් වර්ග බහුලව ආහාරයට එක් කරගැනිම මඟින් දියවැඩියාව,අධික තරබාරැබව සහ පිළිකා තත්වයන් මෙන්ම හෘද රෝග සදහා මඟ පාදනු ලබයි.

සීනි බහුලව ලබාගැනිම මඟින් රැධිරයේ ග්ලුකෝස් යාමනය සිදුකිරිම සදහා වැදගත්වන ඉන්සියුලින් සදහා ප්‍රතිරෝධයක් නිර්මාණය වන බැවින් රැධීර ග්ලුකෝස් මට්ටම වැඩි වි දියවැඩියා තත්වයක් දක්වා වර්ධනය විම සිදුවිය හැකිය.
අධික Fructose භාවිතය මඟින් ලෙප්ටින් හොර්මෝනය සදහා ප්‍රතිරෝධයක් ඇතිකිරිමට හේතුවන බැවින් පුද්ගලයකුට සිය දේහයට ලබාගන්නා ආහාර ප්‍රමාණය පිළිබඳ දැනිම අඩුවිම සිදු වේ.එහි ප්‍රතිළුලය 
ලෙස අධීක ලෙස ආහාර ලබාගැනිමටත් ,තරබාරැබාවයටත් හේතු වේ.

සීනි අධීක ලෙස බාවිත කිරිම ගලනාලයේ පිළිකා වැනි සමහර පිළිකා තත්වයන් හටගැනිම සදහා පිළිකා ජනකයක් ලෙස ක්‍රියාකරන අතර තරබාරැබව ඇතිකිරිම මඟින්ද පිළිකා සදහා වන අවධානම වැඩිකරනු ලබයි.
තවද සීනි ((Fructose,Glucose) අධීක ලෙස ලබාගැනිම සහ එවායේ පරිවෘත්තිය මඟින් මධ්‍යසාර වලට තරමක් සමාන අයුරින් අක්මා පටකවලට හානිසිදු වේ.
තවද අධීක සීනි ආහාරය මඟින් මොළයේ ධාරණ හැකියාව සහ වෙනත් බුද්ධිමය හැකියාවන්ද සැලකිය යුතු ලෙස අඩු වේ.

පළතුරැ ආහාරයට එක්කරගනිමු --- අපගේ දිනපතා ආහාරයට කුමන හෝ පළතුරක් එක් කරගැනිම මඟින් ශරිරයට අතයාවශ්‍යය වෙනත් විටමින් සහ පෝෂක වර්ග බොහෝමයක් එක් කරගත හැකි අතරම එවායේ අඩංගු තන්තු මඟින් ජිර්ණ ක්‍රියාවලින් පහසු කිරිමද සිදු වේ.තවද සමහර පෝෂක වර්ග දේහයට අවශෝෂණය විම සදහා පළතුරැවල වන සංඝඨකයන්වැචගත් වේ.

යකඩ අඩංගු ආහාර ලබාගැනිම -- විශේෂයෙන් යකඩ රැධිරයේ ඔක්සිජන් පරිවහනය සදහා වැදගත් වන හිමොග්ලෝබින් වල නිපදවිම සදහා වැදගත් වන බැවින් ආහාරයට අනිවාර්යෙන්ම එක්කරගත යුතු සංඝඨකයකි.

අවසාන වශයෙන් රෝගි අවස්ථාවකදි ලබාගත යුතු ආහාර පිළිබඳ ඔබේ වෛද්‍යයවරයාගෙන් උපදෙස් ලබාගත යුතු අතර එවා නිවැරදිව පිළිපැදිමට වගබලාගත යුතුය.

0 comments:

Post a Comment