Saturday, August 16, 2014

මිහිතලය මත වාසය කරනු ලබන සියළුම ජිවින් බැක්ටීරියා,ආකියා, ඉයුකැරියා වශයෙන් අධිරජධානි තුනකට වෙන්කර තිබෙන අතර ඉයුකැරියා අධිරාජධානියට අයත් ජිවින් ප්‍රෝටිස්ටා,දලීර,ප්ලාන්ටේ, ඇනිමාලියා වශයෙන් ප්‍රධාන රාජධානි හතරක් යටතේ වර්ග කරතිබේ. 


ඇනිමාලියා(සත්තව) රාජධානියේ විශේෂත්වය..........
මිහිතලය මත මහත් වු ජෛවවිවිධත්වයක් ඇතිකිරිමට හේතු වි තිබෙන්නේ සත්තව රාජධානියට අයත් ජිවින්ය.සතත්ව රාජධානියට අයත් විශේෂ මිලියන 10 ක් පමණ පවතින අතර මොවුන් පෘථීවිය මත බොහෝ පරිසර පද්ධතින් තුල ව්‍යාප්ත වි පවති.
එමෙන්ම සත්තව රජධානියට අයත් සියළුම ජිවින් විෂමපෝෂී බහුසෛලිය ජිවින් වේ.

සත්තව රාජධානියේ වර්ගීකරණය ...........
සත්තව රාජධානියට අයත් ජිවින් නිඩාරියා,ප්ලැතිහෙල්මින්තේස්, නෙමටෝඩා,ඇනෙලිඩා,මොලුස්කා,ආත්‍රෝපෝඩා,එකයිනොඩර්මාටා වශයෙන් ප්‍රධාන අපෘෂ්ඨවංශී සත්තව වංශ හතකට සහ මිනිසා ඇතුළු සියළුම පෘෂ්ඨවංශීන් කොර්ඩේටා වංශිකයන් ලෙස වෙනම කාණ්ඩයකටත් එක්කොට තිබේ.
සත්තව කාණ්ඩයන් මෙසේ වර්ග කොට තිබෙන්නේ ඔවුනගේ බාහිර ලක්ෂණයන් භාවිත කිරිමෙන් පමණක් නොව ඔවුනගේ පරිණාමික බන්ධූතාවයන් සහ අභ්‍යයන්තර දේහ සංවිධානයන් (කළල සැකැස්මන්) සැලකිල්ලට ගැනිමෙනි.



සත්තවයින් වර්ග කිරිම සදහා භාවිත කරනු ලැබු මුලික ලක්ෂණ....

  • නිශ්චිත පටක/අවයව දැරිම
  • දේහ සමමිතිය -- අරිය ,ද්විපාර්ශවික
  • ජනක ස්තරයන් -- ද්විප්‍රස්තර,ත්‍රි ප්‍රස්තර
  • සීලෝමික කුහරයක් දැරිම -- අසිලෝමික,ව්‍යාජ සීලෝමික, සිලෝමික
  • දේහ ඛන්ඩනය
  • බ්ලාස්ට ජිද්‍රය මුඛය හෝ ගුදය බවට පත්විම


වැඩිදුර අධ්‍යයනය කිරිම සදහා පහත Power-point ඉදිරිපත් කිරිම බාගත කරගන්න..........
භාගත කිරිම සදහා පහත ලින්කුව භාවිත කරන්න.

සත්තව රාජධානිය -අපෘෂ්ඨවංශී රාජධානි

0 comments:

Post a Comment