Saturday, August 2, 2014

කිසියම් දේහ පටකයක සිදුවන ආසාමාන්‍යය සෛල ගුණනයවිමක් නිසා ඇතිවන රෝග තත්වයන් තමයි පොදුවේ පිළිකා(Cancers) ලෙස හඳුන්වන්නේ.දේහ සෛලවල සෛලවිභාජනය පාලනය කිරිම සදහා වන යාන්ත්‍රණයන් පවා අබිබවමින් තමයි මේ පිළිකා සෛලවල ගුණනයවිම සිද්ධවෙන්නේ.


පුද්ගලයකුට පිළිකා තත්වයක් ඇතිවෙන්න ජානමය සාධකයන් වගේම පිටතින් දේහයට බලපාන විකිරණ ,රසායන ද්‍රව්‍යයන්,දුම්පානය, මත්පැන්පානය  වගේ බොහොමයක් සාධක බලපානවා.
ආහාර මාර්ගයේ සහ ඩිම්බකෝෂ,පුරස්ථී ග්‍රන්ථී වැනි ස්ථානවල හටගන්න බොහෝමයක් පිළිකා තත්වයන් පසු වර්ධන අවස්ථා වනතුරැම පිටතින් හඳුනාගැනිම අපහසුයි.එවගේම තමයි ගැබ්ගෙල පිළිකා වැනි තත්වයන් මුල් අවස්ථාවලදිම හදුනගත්විට මුළුමනින්ම පාහේ සුවකළ හැකි වෙනවා.

පිළිකා තත්වයන් හඳුනගන්න වෛද්‍යයවරැන් විසින් බහුලව යොදා ගන්න පරික්ෂණයක් තමයි මේ tumor markers පරික්ෂා කරනවා කියලා කියන්නේ.ඉතින් මේ tumor markers කියන්නේ මොනවද කියලා බලමු.....

tumor markers යනු මොනවාද?
දේහය තුල වර්ධනය වන පිළිකා සෛලවලින් හෝ වර්ධනයවන පිළිකා සෛලයන්ට ප්‍රතිචාරයක් වශයෙන් සමහර දේහ සෛලමඟින් නිපදවනු ලබන විවිධ රසායනික ද්‍රව්‍යයන් තමයි tumor markers(t-m) කියලා හඳුන්වන්නේ.මෙම රසායන ද්‍රව්‍යයන් බොහොමයක් ප්‍රෝටින කාණ්ඩයට තමයි අයත් වෙන්නේ.
මීට අමතරව පිළිකා තත්වයන්වලට හේතුවන ජාන සහ එවායේ වෙනස්විම්ද පිළිකා හඳුනාගැනිම සදහා tumor markers ලෙස භාවිතකරනු ලබයි.

නුතන වෛද්‍යයවිද්‍යාව විසින් පිළිකා තත්වයන් හඳුනාගැනිම සදහා භාවිතකරනු ලබන ප්‍රධාන t-m 20 ක් පමණ තියෙනවා.මේ අතරින් සමහරක් විශේෂීත පටක කොටසක හටගන්න එක් පිළීකා තත්වයක් මඟින් පමණක් නිපදවනු ලබන එවා.එමෙන්ම සමහර t-m එක් පිළිකා වර්ගයකට අමතරව වෙනත් පිළිකා තත්වයන් මඟින්ද නිපදවිය හැකි වෙනවා.

t-m නිපදවිම සිදුවන්නේ පිළිකා තත්වවලදි පමණක්මද?
නැත.පිළිකා තත්වයන් නොවන රෝග තත්වයන්වලදිත් මේවා නිපදවිමක් දැකිය හැකියි.නමුත් වැදගත් කරැණ වන්නේ පිළිකා තත්වයන් වලිද මේවා ඉතා ඉහළ සාන්ද්‍රණයන්ගෙන් නිපදවිමක් දක්නට ලැබිමයි.
උදා- පුරස්ථී ග්‍රන්ථීවල හටගන්න පිළිකා තත්වයන් වලදි PSA කියන රසායනික ද්‍රව්‍යය නිපදවිම සැලකිය යුතු ලෙස වැඩි වෙනවා.එ වගේම පුරස්ථී ග්‍රන්ථී ඉදිමිම කියන පිළිකා නොවන තත්වයන් වලදිත් PSA සුළු වශයෙන් වැඩිවිමක් දක්නට ලැබෙනවා.

t-m මට්ටම හදුනාගන්නේ කේසේද?
පිළිකා සහිත පුද්ගලයකුගේ රැධීරය,මුත්‍ර සහ දේහ තරලයන් සහ පටක සාම්පලයන් තුල මෙම රසායනික ද්‍රවයය දැකගත හැකිබැවින් එවායේ නිදර්ශක භාවිත කිරිම මඟින් රසායනාගාරයන් තුලදි t-m මට්ටම මැන බැලිය හැකිය.
විශේෂයෙන් t-m මට්ටම මැන බැලිම සදහා භාවිත කරනු ලබන්නේ රැධීර සාම්පලයන්ය.නිරෝගි පුද්ගලයකුගේ රැධීරයේ පැවතිය හැකි මට්ටමට සමඟ සැසැඳිම මඟින් රෝගය පිළීබද විනිශ්චයකට එළඹේ.
උදා -- නිරෝගි පුද්ගලයකුගේ රැධීරයේ පැවතිය හැකි PSA මට්ටම 2.8-4ng/dl 

පිළිකා තත්වයක් නිර්ණය කිරිම සදහා t-m මට්ටම පමනක් ප්‍රමාණවත්ද?
පිළිකා තත්වයක් හදුනාගැනිම සදහා t-m මට්ටම වැඩි වි තිබිම පමණක් ප්‍රමාණවත් නොවන අතර බොහෝවිට මේ සමඟ නියමිත පටකයේ පටක සාම්පල පරික්ෂාවක්ද සිදුකරනු ලබයි.
බොහෝවිට මෙම දත්තයන් භාවිතකිරිම මඟින් පිළිකා තත්වය හදුනා ගතහැකිය.

t-m මට්ටම මැනබැලිම වැදගත් වන වෙනත් අවස්ථා මොනවාද?
සමහර පිළිකා තත්වයන් වලදි t-m මට්ටම මඟින් පිළිකා තත්වය නිර්ණය කිරිමට අමතරව එහි ක්‍රියාකාරි ස්වභාවය ,පැතිරිම (Stage) සහ රෝගියාගේ ඉදිරි පැවැත්ම පිළිබදවද අදහසක් ලබාගත හැකිය.
එමෙන්ම ප්‍රතිකාර සිදුකරන කාලය තුලදි නැවත නැවතත් t-m මට්ටම මැන බැලිම මඟින් සිදුකරන ප්‍රතිකාරයන් මඟින් රෝගය සුව අතට පත්වන්නේද නැද්ද යන හඳුනා ගැනිමට හැකියාව ලැබේ.
විශේෂයෙන් ප්‍රතිකාර ලබාදිමෙන් පසුව රෝගය නැවත වරක් මතුවිමට ඇති හැකියාව මැනබැලිම සදහාද වැදගත් වේ.

දැනට භාවිතවන ප්‍රධාන t-m සහ එවායින් හඳුනාගත හැකි පිළිකා තත්වයන් මොනවාද?
  • AFP(Alpha-fetoprotein) --- අක්මාවේ සහ වෘෂණ සහ ඩිම්බකෝෂ වැනි ස්ථානවල හටගන්නා සමහර පිළිකා තත්වයන් හඳුනාගැනිමට භාවිත කරනු ලබයි.
  • Beta hCG--- කළල බන්ධයේ සහ වෘෂණවල හටගන්නා පිළිකා තත්වයන් හඳුනාගැනිම සදහා භාවිත කරනු ලබයි.
  • CA19-9 --- අග්න්‍යාසයික,පිත්තාශයේ සහ පිත්ත නාලවල ,සහ ආමාශයික පිළිකා තත්වයන් හඳුනාගැනිමට භාවිතකරනු ලබයි.
  • CA-125 -- ඩිම්බකෝෂවල පිළිකා තත්වයන් හඳුනාගැනිම සදහා භාවිත කරනු ලබයි.
  • CA 15-3/CA27.29 --- පියයුරැ පිළිකා තත්වයන් වලදි සිදුකරන ප්‍රතිකරයන්ගේ සාර්ථකත්වය මැනබැලිම සදහා වැදගත් වේ.
  • කැල්සිටොනින් ---- තයිරොයිඩ් ග්‍රන්ථීයේ විශේෂීත පිළිකා වර්ගයක් (Medullary thyroid cancer ) හඳුනාගැනිම සදහා භාවිත කරනු ලබයි.
  • CEA (Carcinoembryonic antigen) -- මහා අන්ත්‍රයේ සහ පියයුරැ පිළිකා හඳුනාගැනිම සදහා භාවිත කරනු ලබයි.
  • CD20 -- වසා පටකවල පිළිකා තත්වයක් වන (Non-Hodgkin lymphoma ) හඳුනාගැනිම සදහා භාවිත කරනු ලබයි.
  • PSA (Prostate specific antigen) --- පුරස්ථී ග්‍රන්ථීයේ පිළීකා තත්වයන් හඳුනාගැනිම සදහා භාවිත කරනු ලබයි.
  • තයිරොග්ලොබියුලින් --තයිරොයිඩ් පිළිකා හදුනාගැනිම සදහා බාවිත කරනු ලබයි.
  • Urokinase --- පියුයුරැ පිළිකාවල ස්වභාවය නිර්ණය කිරිම සදහා භාවිතකරනු ලබයි.
  • ER/PR --- පියයුරැ පිළීකා සදහා ප්‍රතිකර ලබාදිම තීරණය කිරිම සදහා සිදු කරනු ලබයි.
  • CgA (Chromogranin A )-- අධීවෘක්ක ග්‍රන්ථීයේ හටගන්නා පිළිකා තත්වයන් නිර්ණය කිරිමය යොදාගනි.
  • Fibrin/Fibrinogen --- මුත්‍රාශ පිළිකා තත්වයන් හඳුනාගැනිම සදහා භාවිතකරනු ලබයි.
  • ඉමියුනොග්ලොබියුලින් --- ප්‍රතිශක්තිකරණ පද්ධතිය (ප්‍රතිදේහ නිපදවිම) ආශ්‍රැත පිළිකා තත්වයන් හඳුනාගැනිම සදහා වැදගත් වේ.

0 comments:

Post a Comment