Friday, August 1, 2014

මිනිසුන් වන අපජිවත් වන පරිසරය තුල පියවි ඇසට පෙනෙන මෙන්ම නොපෙනන බැක්ටිරියා,දීලිර,වෛරස වැනි ව්‍යාධීජනකයන් බහුලව වාසයකරනු ලබයි.එවැනි ව්‍යාධිජනකයින්ගෙන් මිනිස් දේහය රැකගැනිම සදහා වැදගත් වන සුවිශේෂී ආරාක්ෂණ පද්ධතියක් අප සතුව පවති.මෙම ආරාක්ෂණ පද්ධතිය මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ලෙසද හැදින්විය හැකිය.

මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතිය අනෙක් සතුන්ගේ ආරාක්ෂණ පද්ධතින් වලින් වෙනස් වන්නේ කේසේද?

සියළුම ජිවින් සතුව කුමන හෝ ආකාරයේ ආරාක්ෂක යාන්ත්‍රණයන් දක්නට ලැබේ.පරිණාමිකව පහළ තලයන් තුල සිටින ජිවින් තුල බොහෝ විට දක්නට ලැබෙන්නේ භකෂක සෛල වැනි සෛලවලින් පමණක් සමන්විත විශිෂ්ඨ නොවන ආරාක්ෂක යාන්ත්‍රණයන් පමණි.
නමුත් මිනිසා සහ ක්ෂීරපායින් සතුව විශිෂ්ඨ නොවන ප්‍රතිශක්තිකරණ යාන්ත්‍රණයන්ට අමතරව වසා සෛල වලින් සමන්විත වු අතිශයින් විශිෂ්ඨ ප්‍රතිශක්තිකරණ යාන්ත්‍රණයක් ද දක්නට ලැබේ.

මිනිස් දේහය ව්‍යාධිජනකයන්ගෙන් රැකගැනිම සදහා බහුලවම ක්‍රියාකරනු ලබන්නේ විශිෂ්ඨ නොවන ආරාක්ෂණ යාන්ත්‍රණයන්ය.

මිනිස් ආරාක්ෂණ පද්ධතිය තුල විශිෂ්ඨ නොවන සහ විශිෂ්ඨ ආරාක්ෂණ යාන්ත්‍රණයන් වශයෙන් ප්‍රධාන ක්‍රියාකාරිත්වයන් දෙකක් දක්නට ලැබේ.

  • විශිෂ්ඨ නොවන ආරාක්ෂණ යාන්ත්‍රණය ---  උපතේ සිට පුද්ගලයකුට හිමිව තිබෙන සියළුම ව්‍යාධීජනකයින්ට එරෙහිව එකම අයුරකින් ක්‍රියාත්මක වන ආරාක්ෂන යාන්ත්‍රණයන්ය.මේ සදහා අයත්වන ප්‍රධාන අංගයන් කිහිපයකි.
    1. මිනිස් සම --මිනිසාගේ දේහය පිටතින් ආවරණය කරමින් ව්‍යාධීජනකයින් දේහය තුලට ඇතුල්විම වළක්වනු ලබයි. 
    2. ශ්ලේෂ්මල පටලයන් සහ ශ්ලේෂ්මල තරලයන්
    3. දේහ තරලවල අඩංගු ප්‍රතික්ෂුද්‍ර ජිවි ද්‍රව්‍යය උදා --කදුළු සහ ඛේටය තුල ලයිසොසයිම්,ආමාශයික HCl
    4. කිවිසුම්යාම ,කැස්ස,වමනය,පාචනය,මුත්‍ර කිරිම වැනි ක්‍රියාවලින්
    5. භක්ෂසෛලතාවය ---මහාභක්ෂාණු සහ නියුට්‍රොපිල් මඟින් ව්‍යාධීජනකයින් භක්ෂණය කිරිම
    6. ප්‍රදාහක ප්‍රතිචාරයන් -- කිසියම් පටක ප්‍රදේශයක් පවත්නා ආසාදන තත්වය පැතිරිම වළක්වනු ලබයි.
  • විශිෂ්ඨ/පරිචිත ආරාක්ෂක යාන්ත්‍රණය -- කිසියම් ප්‍රතිදේහජනකයක් දේහය තුලට ඇතුල්විමෙන් පසුව හටගන්නා ව්‍යාධීජනකයින් සදහා විශිෂ්ඨ අයුරින් ක්‍රියාකරනු ලබන ප්‍රතිදේහ නිපදවිම මඟින් සිදුකරනු ලබන ආරාක්ෂක යාන්‍ත්‍රණයන් වේ.වසා පද්ධතිය සහ වසා සෛලයන් මෙහි ප්‍රධාන අංගයන් වේ.විශිෂ්ඨ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාකාරි වන මුලික ස්වරැප දෙකකි.
    1. B-වසා සෛල මඟින් ප්‍රතිදේහ නිපදවිම
    2. T- වසා සෛල සක්‍රිය විම මඟින් ව්‍යාධීජනකයන් බිඳහෙලිමට ක්‍රියාකිරිම

ප්‍රතිදේහ (antibody) යනු මොනවාද?

දේහයට පිටතින් පැමිණෙන ව්‍යාධීජනක සහ ආගන්තුක ප්‍රතිදේහජනකයන්ට එරෙහිව දේහය මඟින් නිපදවනු ලබන ඉමියුනෝග්ලොබින් කාණ්ඩයට අයත් විශේෂ ප්‍රෝටිනයන් වේ.මෙම ප්‍රෝටිනයන් පොලිපෙප්ටයිඩ දාමයන් 4ක් එකිනෙකට සම්බන්ධව පවතින Y හැඩැති විශාල ව්‍යුහයන් වේ.
මිනිස් දේහය තුල IgM,IgD,IgG,IgA,IgE වශයෙන් ප්‍රධාන ප්‍රතිදේහ  ආකාරයන් 5ක් දක්නට ලැබේ.
මෙම ප්‍රතිදේහයන් -ප්‍රතිදේහජනකයන් සමඟ සම්බන්ධවෙමින් ව්‍යාධීජනකයන් දේහයෙන් ඉවත්කිරිමට ක්‍රියාකරනු ලබයි.

සමහරක්ෂුද්‍ර ජිවින් මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතිය අභීබවා යමින් මිනිසාට රෝග සාදනු ලබයි.
විශේෂයෙන් HIV,ඉන්ෆ්ලුවෙන්සා වැනි වෛරසයන් මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතියට අභීයෝගයක් වෙමින් එය බිඳහෙලිමට ක්‍රියාකරනු ලබයි.
HIV වෛරසයේ ප්‍රධාන ඉලක්කය වනුයේ මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ CD+4 සෛලයන්ය(T-වසා සෛල වර්ගයකි).මෙම CD+4 සෛලයන්හි ප්‍රධාන කාර්යය වනුයේ බාහිර ප්‍රතිදේහජනකයන් හදුනාගනිමින් විශිෂ්ඨ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සක්‍රිය කිරිමයි. (රෑපසටහන බලන්න)
එම නිසා HIV  ආසාදන තත්වයකදි CD+4 සෛලයන් සැලකිය යුතු ලෙස විනාශ වන බැවින් මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතිය මුළුමනින්ම වාගේ අඩපණ වේ.
HIV වෛරසය මගින් CD+4 සෛලයන් බිදවැටිම  ආකාර කිහිපයක් ඔස්සේ සිදුවේ.

  •  ආසාදිත CD+4 සෛලයන්ගෙන් පිටවන වෛරසයන් මඟින් අනෙකුත් CD+4 සෛලයන් ඉතා ඉක්මනින්  ආසාදනය කරනු ලබයි.
  •  ආසාදිත CD+4 සෛලයන් මඟින් නිදහස් කරනු ලබන රසායනිකයන් මඟින් වෛරස් ප්‍රතිදේහජනකයන් දේහය මඟින් හඳුනාගැනිම වළක්වනු ලබයි.
  • CD+4 සෛලවල ප්‍රතිදේහජනකයන් හදුනාගැනිමට වැදගත්වන MHC අණූ නිපදවනු ලබන ජානයන් අක්‍රිය කරනු ලබයි.
ඉන්ෆ්ලුවෙන්සා වැනි වෛරසයන් මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතිය මඟින් ඔවුන් හඳුනාගැනිමට යොදාගන්නා ප්‍රතිදේහජනකයන්ගේ ස්වභාවය නිරන්තරයෙන්ම වෙනස් කරගනි.එමඟින් දේහයට ඔවුනට විරැද්ධව වඩාත් ප්‍රබල ප්‍රතිචාරයක් දැක්විම වළක්වනු ලබයි.


වැඩිදුර අධ්‍යයනය කිරිම සදහා පහත Power-point ඉදිරිපත්කිරිම භාගත කරගන්න.
භාගත කිරිම සදහා පහත ලින්කුව භාවිත කරන්න.

මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය

0 comments:

Post a Comment