Friday, August 15, 2014

අප ජිවත්වන පෘථීවිය සම්භවය වුයේ මීට වසර බිලියන 4.5කට පමණ පෙරය.මුල් පෘථීවිය ජිවයෙන් තොරවු අතිශයින් උණූසුම් වු යමහල් ක්‍රියාකාරිත්වයක් සහිත ද්‍රවගෝලයක් වැනි වුවක් වු අතර එහි සාගර මහද්විප කිසිවක් නොවිය.එහි ප්‍රධාන සංරචකය වුයේ H2 වලින් පිරි පවතින වායුගෝලයයි.



වසර මිලියන ගණනක් ඔස්සේ පෘථීවිය තුල සිදුවන භෞතික සහ රසායනික විපර්යාසයන් හේතුකොටගෙන පෘථීවිය තුල ජිවින්ට හිතකර පරිසරයක් නිර්මාණය වේ.
අධීක යමහල් ක්‍රියාකාරිත්වයක් සහිත ද්‍රව පාෂාණගෝලය ක්‍රමයෙන් සිසිල්විම නිසා පෘථීවිහරය නිර්මාණය වේ.
සාගර ඇතිවිමත් සමඟ ක්‍රමයෙන් පෘථීවිය තුල ජලගෝලය,ශීලාගෝලය සහ වෙනත් වායුවලින් සමන්විත වායුගෝලයක්ද සහිත ජෛවගෝලය නිර්මාණය වේ.
පෘථීවිය තුල මුල්ම ජිවය බිහිවන්නේ මීට වසර බිලියන 3.5 කට පමණ පෙරය.එනම් පෘථිවිය සම්භවය විමෙන් වසර බිලියනයකට පසුවය.
මුලින්ම පෘථීවිය තුල බිහි වු ජිවි ස්වරෑපය වන්නේ විෂමපෝෂී නිර්වායු බැක්ටිරියාවන්ය.
පෘථිවිය තුල ජිවය සම්භවය විම සම්බන්ධයෙන් ඉදිරිපත් වි තිබෙන මතවාදයන් කිහිපයකි.........
  •  ජෛව රසායනික පරිනාමය -- දැනට පිළිගන්නා ජිවයේ සම්භවය විද්‍යාත්මකව පැහැදිලිකරන මතයකි.
  • CosmoZoic theory--- පෘථීවිය මතට ජිවය පැමිණීයේ වෙනත් ග්‍රහලොවක සිට හෝ උල්කාපාතයක් වැනි අභ්‍යාවකාශ වස්තුවක් මඟින් බව මෙම මතයෙන් කියවේ.
  • ස්වයං-සිද්ධ ජනනවාදය
  • මැවුම්වාදය
මිහිතලය මත අතිවිශාල ජෛව විවිධත්වයක් ඇතිවිම සදහා බලපැ ප්‍රධාන සිදුවිමක් වනුයේ ස්වයංපෝෂී ජිවි ආකාරයන් බිහිවිමයි.තවද ස්වයංපෝෂීන් බිහිවිමත් සමඟ ඔක්සිජන් සහිත ඔක්සිකාරක වායුගෝලයක් නිර්මාණය විය.
මිහිතලය මත මුල්ම සු න්‍යෂ්ටිකයන් බිහිවුයේ මීට වසර බිලියන 1-1.5 ත් අතර කාලය තුලදිය.එනම් ප්‍රාග්න්‍යෂ්ටිකයන් පමණක් වසර බිලියන 2ක් පමණ කාලයක් පෘථීවිය සිය වාසභුමි කරගනිමින් ජිවත් වු බවය.

විස්තරාත්මකව අධ්‍යයනය කිරිම සදහා පහත Power-point ඉදිරිපත්කිරිම භාවිත කරන්න....
භාගත කිරිම සදහා පහත ලින්කුව යොදා ගන්න.

ජිවයේ පරිණාමය සහ සම්භවය

0 comments:

Post a Comment