Saturday, August 23, 2014

මිනිස් ස්නායු පද්ධතියේ වැදගත්ම අංගයන් වන මොළය සහ සුෂුම්නාව වටා පවතින දේහ තරලය මස්තිෂ්ක සුෂුම්නා තරලය හෙවත් CSF ලෙස හදුන්වනු ලබන අතර එහි ප්‍රධාන කාර්යය වනුයේ මධ්‍යය ස්නායු පද්ධතිය වටා නියත රසායනික පරිසරයක් පවත්වාගැනිම සහ මධ්‍යය ස්නායු පද්ධතිය කම්පනවලින් ආරාක්ෂා කරගැනිමත්ය......

මස්තිෂ්ක සුෂුම්නා තරලය නිපදවිම සහ ව්‍යාප්තිය.........
මස්තිෂ්ක සුසුම්නා තරලය ප්‍රධාන වශයෙන් ව්‍යාප්ත වි පවතින්නේ මස්තිෂ්ක කෝෂීකා තුල සහ මධ්‍යය ස්නායු පද්ධතිය (මොළය සහ සුෂූම්නාව ) වටා පවතින උපජාලාකාර අවකාශය තුල සහ සුෂූම්නාවේ මධ්‍යය නාලය යන ප්‍රදේශයන් තුලය.මෙම අවකාශයන් තුල පවතින සමස්ත මස්තිෂ්ක සුෂුම්නා තරල පරිමාව 150 ml පමණ වේ.

මස්තිෂ්ක කෝෂීකා තුල පවතින  choroid plexuses සහ අන්තශ්චද සෛලයන් මඟින් දිනකට මස්තිෂ්ක සුෂුම්නා තරලය 500ml පමණ  නිපදවනු ලබන අතර වම් සහ දකුණූ පාර්ශවික කෝෂීකාවන් මේ සදහා ප්‍රධාන ලෙසම දායක වේ.

මස්තිෂ්ක කෝෂීකා සහ උපජාලාකාර අවකාශයන් එකිනෙක සම්බන්ධ වි පවතින පද්ධතියක් බැවින් මස්තිෂ්ක සුෂූම්නා තරලය පහතර රෑපයේ දැක්වෙන පරිදි පරිවහනය සිදු වේ.

ජාලාකර පටලයෙන් පිටතට පවතින ඇඟිලි වැනි ප්‍රසරයන් වන ජාලාකාර අංගුලිකා මඟින් මස්තිෂ්ක සුෂුම්නා තරලය රැධිරයට අවශෝෂණය විම සිදු වේ.

මස්තිෂ්ක සුෂුම්නා තරලයේ පීඩනය සහ එහි වැදගත්කම.....
සීමාසහිත අවකාශයක් තුල අන්තර්ගත තරලයක් බැවින් එය තුල නියමිතපීඩන අගයක් පවති.සාමාන්‍යයෙන් නිදාසිටින ඉරියව්වේදි මස්තිෂ්ක සුෂූම්නා තරලයේ පීඩනය 10mmHg පමණ අගයක් ගනි.
සුෂුම්නා තරලය නිපදවිම කෝෂීකා තුල සුෂූම්නා තරලයේ පීඩනයෙන් ස්වයක්තව සිදුවන නමුත් සුෂුම්නා තරලය අවශෝෂණය විම එහි පීඩනය වැඩිවිමත් සමඟ වැඩි වේ.එමඟින් මස්තිෂ්ක සුෂුම්නා තරලය එක්රැස්විම හෝ එහි පීඩනය වැඩිවිම මඟින් කපාල කුහරයේ පීඩනය වැඩිවිම වළක්වා ගැනිම සදහා වැදගත් වේ.

මොළය කපාලය තුල සීමා සහිත (විස්තාරණය විය නොහැකි අවකාශයක්) අවකාශයක් තුල අඩංගු වන බැවින් කිසියම් හේතුවක් නිසා මස්තිෂ්ක සුෂුම්නා තරලය නිපදවිම හෝ අවශෝෂණයේ අසාමාන්‍යයතාවයක් සිදුවුවහොත් එසේත් නැත්නම් මොළයේ පටකවල අසාමාන්‍යය වර්ධනයක් සිදු වුවහොත් එහි පීඩනය සැලකිය යුතු ලෙස වැඩිවිමක් සිදුවිය හැකිය.එමඟින් මොළය සහ ඉන් විහිදෙන ස්නායු පටකයන්ට හානිකර බැලපැමක් සිදු විය හැකිය.
උදා -මෙනින්ජයිටිස් තත්වයකදි සුෂූම්නා තරලය අවශෝෂනය කරගනු ලබන ජාලාකාර අංගුලිකා වලට හානිසිදු විමෙන් සුෂුම්නා තරලය එකරැස් වි එහි පීඩනය වැඩිවිමක් සිදු විය හැකිය.

මස්තිෂ්ක සුෂුම්නා තරලයේ සංඝඨකයන්........
මස්තිෂ්ක සුෂූම්නා තරලයද ප්ලාස්මා තරලය මෙන්ම ප්ලාස්මා ප්‍රෝටින,ග්ලුකෝස්,අයන වර්ග වලින් සමන්විත වන නමුත් එවායේ ප්‍රමාණයන් රැධීර ප්ලාස්මාවේ ප්‍රමාණයන්ට වඩා වෙනස් වේ.

සාමාන්‍යයෙන් CSF තරලය විශේෂ පැහැයක් නොමැති අවර්ණ තරලයක් වන අතර විවිධ ආසාදන තත්වයන් වලදි එය තරමක් අඳුරැ පැහැති (පිඳුරැ පැහැති) වන අතර රැධිර වහනයක් වැනි අවස්ථාවකදි රතු පැහැයට හුරැ වේ.
ස්නායු පද්ධතිය සම්බන්ධ රෝග තත්ව හදුනාගැනිම සදහා සුෂූම්නා තරලයේ වැදගත්කම.......
මධ්‍යය ස්නායු පද්ධතිය සම්බන්ධ ආසාදන,රැධිර වහනයන් සහ වෙනත් රෝග තත්වයන් බොහොමයක් හදුනාගැනිම සදහා සුෂුම්නා තරලය ලබා ගැනිම සිදුකරනවා.
මේ සදහා මුලික පදනම වෙලා තියෙන්නේ මධ්‍යය ස්නායු පද්ධතියේ සහ එ අවට සිදුවෙන වෙනස්විම්වලට අනුව සුෂුම්නා තරලයේ වෙනස්විම් සිදුවිමයි.
උදා - මෙනින්ජයිටිස් තත්වයකදි හෝ මස්තිෂ්ක ආසාදන තත්වයකදි සුෂුම්නා තරලයේ ප්‍රෝටින සංයුතියේ මෙන්ම ග්ලුකෝස් මට්ටම සහ සුදු රැධිර සෛල/වසා සෛල සංයුතින්ගේ සැලකිය යුතු වෙනසක් සිදු වෙනවා.
මේ සදහා අවශ්‍යය කරන ලබන මස්තිෂ්ක සුෂුම්නා තරලය ලබාගන්නේ කොදු ඇටපෙලෙහි  පළමු කටි කශේරැකාවට(L1) පහළින් පිහිටි අවකාශයක් තුලින් උපජාලාකාර අවකාශය තුලට කුඩා කටුවක් ඇතුල් කිරිම මඟිනි.
වැඩිහිටි පුද්ගලයන්ගේ L1 කශේරැකාවේ පහළ සීමාව තුලින් සුෂුම්නාව අවසන් වන බැවින් ඊට පහළින් පිහිටි අවකාශයක් තුලින් කටුව ඇතුල් කිරිම මඟින් සුෂුම්නාවට හානිසිදු වෙන්නේ නැහැ.එවගේම මේ සදහා විශේෂයෙන් භාවිත කරන්නේ L3-4 අතර පිහිටි අවකාශය.
එ වගේම සුෂුම්නා තරල පරික්ෂනයකදි විශේෂ පරික්ෂණ කිහිපයක් සදහා සාම්පල කිහිපයක් වෙන් වෙන්ව ලබා ගන්නවා.

0 comments:

Post a Comment