Friday, August 15, 2014

සියළුම ජිවින් තුල (සමහර වෛරස් වර්ග හරැණුවිට ) ප්‍රවේණීක ලක්ෂණ පරම්පරාවට සම්ප්‍රේෂණය වන්නේ DNA නැතහොත් ඩිඔක්සිරයිබො නියුක්ලික් අම්ලය ලෙස හඳුන්වනු ලබන මහා අණූ ඔස්සේය.DNA අණු සතුව ප්‍රවේණීක තොරතුරැ දැරිම සහ සම්ප්‍රේෂණය කිරිම සදහා අනෙකුත් අණූ වලට නොපවතින විශේෂ හැකියාවක් සහ ස්ථායිතාවයක් පවති.


ප්‍රාග් න්‍යෂ්ටිකයන් තුල න්‍යෂ්ටික ප්‍රදේශයකට සීමා වු වළයාකාර DNA අණූවක් තුල සහ ප්ලාස්මිඩ ලෙස හඳුන්වන කුඩා වළයාකාර DNA අණු තුල සිය ප්‍රවේණීක තොරතුරැ අන්තර්ගත වේ.
සු න්‍යෂ්ටිකයන්ගේ ප්‍රවේණීක තොරතුරැ දරන DNA අණූ න්‍යෂ්ටිය තුල පවතින අතර එවා හිස්ටෝන සහ වෙනත් ප්‍රෝටින සමඟ එක්ව වර්ණදේහ ලෙස සන්විධානය වි පවති.

DNA වල ව්‍යූහය සහ ක්‍රියාකාරිත්වය හොදින් අවබෝධ කරගැනිම ප්‍රවේණී විද්‍යාවේ සංකල්පයන් හොදින් අවබෝධ කරගැනිමට වැදගත් වේ.එබැවින් මෙම Power-point ඉදිරිපත්කිරිම යටතේ පහත උපමාතෘකා විස්තරාත්මකව පැහැදිලි කරතිබේ.

DNA වල ව්‍යූහය (වොට්සන් -ක්‍රික් ආකෘතිය)
සු න්‍යෂ්ටිකයන් තුල DNA සකස්විම
වර්ණදේහ සහ ජාන
DNA ප්‍රතිවලිත විම,පිටපත් කිරිම,ප්‍රෝටින සංස්ලේෂණය
මිනිස් වර්ණදේහ සංයුතිය
කළලයේ ස්ත්‍රි පුරැෂ භාවය තීරණයවිම (ජානදර්ශීයව/රෑප දර්ශීයව)
ප්‍රවේණී විද්‍යාත්මක අර්ථදැක්විම් සහ පෙලවැළ

විස්තරාත්මකව අධ්‍යයනය කිරිම සදහා පහත Power-point ඉදිරිපත්කිරිම භාගත කරගන්න.
භාගත කිරිම සදහා පහත ලින්කුව භාවිත කරන්න.

DNA වල ව්‍යූහය සහ ප්‍රවේණී විද්‍යාවේ මුලධර්ම
15 Aug 2014

0 comments:

Post a Comment

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.