Thursday, August 28, 2014

ක්ෂූද්‍ර ජිවින් කියන නම අසන සැනින් අපේ මතකයට එන්නේ මිනිසාට සහ ශාකවලට රෝග සාදනු ලබන ව්‍යාධීජනකයින් කියන සංකල්පය. නමුත් ක්ෂුද්‍රජිවින් කියලා කියන්නේ හානිකර ජිවින්ම පමණක් නෙවෙයි. මේ මිහිතලයේ පැවැත්ම සහ සමතුලිතතාවය සදහා විශේෂ කාර්යයන් සිදුකරනු ලබන අපුර්ව ජිවි කාන්ඩයක්.
සමහරක් ක්ෂුද්‍ර ජිවින් අපේ දේහය තුල විවිධ පටකවල (සම,ආහාර ජීර්ණ පද්ධතිය) වාසය කරමින් ධාරක දේහයට විශේෂ ප්‍රයෝජන සලසනවා.වීශේෂයෙන් විවිධ විටමින් සංස්ලේෂණය,අහිතකර රෝග කාරක ක්ෂුද්‍ර ජිවින් වර්ධනය විම වැළැක්විම,නිවැරදි pH අගයන් පවත්වා ගැනිමට දායකවිම වැනි කාර්යයන් සදහාත් වැදගත් වෙනවා.Probiotics කියන්නේත් අන්න එ වගේ හිතකර ක්ෂුද්‍ර ජිවි කාණ්ඩයන් භාවිත කරන එක් අවස්ථාවක්....

Probiotics යනු මොනවාද?
probiotics ලෙස හඳුන්වනු ලබන්නේ ධාරක දේහයට (මිනිසාට) හිතකර ලෙස ක්‍රියා කරනු ලබන බැක්ටීරියා ,යීස්ට් වැනි සජිවි ක්ෂුද්‍ර ජිවි කාන්ඩයන්ය.ආහාර හෝ ඖෂධ ලෙස දේහයට පිටතින් Probiotics ලබාගත හැකිය.ලැක්ටික් අම්ල බැක්ටිරියා සහ බයිෆිඩොබැක්ටිරියා ,Saccharomyces විශේෂ probiotics ලෙස ක්‍රියාකරනු ලබන ප්‍රධාන ක්ෂුද්‍ර ජිවි ඛාණ්ඩයන් වේ.

මිනිස් ආහාර මාර්ගය තුල මිනිසාට හිතකර බැක්ටිරියා කාණ්ඩ 500 කට වැඩි සංඛ්‍යාවක් පවතින අතර මොවුන් ආහාර මාර්ගය නිරෝගීව පවත්වා ගැනිම සදහා මෙන්ම ජීර්ණ ක්‍රියාවලිය සදහාත් උපකාරි වන අතර probiotics ලෙස ලබාගන්නා ක්ෂුද්‍රජිවින් අයත් වන්නේද මෙම හිතකර ක්ෂුද්‍ර ජිවි ගනයටය.එමන්ම මොවුන් අහිතකර ක්ෂුද්‍ර ජිවින් වර්ධනය වළක්වමින් දේහයේ ප්‍රතිශක්තිකරණය සදහාද උපකාරි වේ.

Probiotics දේහය තුලදි ක්‍රියාකරන අයුරැ සහ භාවිතයන්......
විවිධ ආසාදන තත්වයන් වලදි සහ ප්‍රතිජිවක ඖෂධයන් වැඩිපුර ලබාගැනිම මඟින් මිනිස් ආහාර මාර්ගයේ හිතකර ක්ෂූද්‍ර ජිවි ගහනයන් අඩු වන අතර එමඟින් ජීර්ණ පද්ධතියේ සමතුලිතතාවය බිඳ වැටි ක්‍රියාකාරිත්වය අඩපණ වේ.එමෙන්ම මෙම හිතකර ක්ෂුද්‍රජිවින් විනාශවිම නිසා ජීර්ණ පද්ධතියේ ආස්තරණ පටකයන්ටද හානිවිම සිදු වේ.
Probiotics  ලබාගැනිම මඟින් ජිර්ණ පද්ධතියේ සමතුලිතතාවය සහ ක්‍රියාකාරිත්වය නැවත ඇතිකිරිමට හේතුවන අතර ආහාර මාර්ගයේ ලිපොපිලිසැකරයිඩ මට්ටම අඩුකරමින් ආස්තර පටකයන්ගේ ක්‍රියාකාරිත්වයද නැවත ඇතිකිරිම සදහා හේතු වේ.


එමෙන්ම හානිකර බැක්ටිරියාවන් නිසා හටගන්නා පාචනය වැනි තත්වයන් සදහා ප්‍රතිකාර කිරිමේදි Probiotics සදහා සුවිශේෂී තැනක් හිමි වි තිබේ.
තවද ආහාර මාර්ගය තුල හටගන්නා දීර්ඝකාලින රෝග තත්වයන් වන Ulcerative colitis,Corhn`s disease සදහා ප්‍රතිකාර කිරිමේදිත් නොමේරැ දරැ උපතකින් පසු ඇතිවිය හැකි ආහාර මාර්ගයේ පටක මියයාම නිසා හටගන්නා Necrotizing enterocolitis තත්වයන් සදහාද ප්‍රතිකාර ලෙස භාවිත කරනු ලබයි.
තවදුරටත් probiotics භාවිත කිරිම මඟින් කුඩා ළමුන් තුල ශ්වසන සහ වෙනත් ආසාදන හටගැනිමද සැලකිය යුතු ලෙස අඩුවන බව සොයා ගෙන තිබේ.

probiotics අඩංගු ආහාරයන්......
බොහොමයක් පැසිමට ලක්කරන ලද මුහුන් කරන ලද කිරි ආහාරයන් තුල probiotcs අන්තර්ගත වේ.උදා- යෝගට්,චීස්
එමෙන්ම අතිරේක probiotics අඩංගු ඖෂධ වර්ගයන් සහ දියරමය සහ ඝන ආහාරයන් ලෙස ද වෙළදපොලෙහි දක්නට ලැබේ.

කෙසේ වෙතත් probiotics අන්තර්ගත ආහාරයන් භාවිතය මඟින් අතුරැ අබාධයන්ද ඇතිවිය හැකිය.විශේෂයෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දුර්වලතාවයන් සහිත පුද්ගලයන් probiotics ලබාගැනිම මඟින් සැලකිය යුතු අසාදන තත්වයන් ඇතිවිය හැකිය.මක් නිසාද යත් හිතකර ජිවින් වුවද අවස්ථානුකුලව ව්‍යාධීජනකයන් පවට පත්විය හැකි බැවිනි.

ආහාර මඟින් හෝ වෙනත් අතිරිකිත්යන් මඟින් probiotics ලබාගත්තද එහි ප්‍රමාණවත් තරමේ ක්ෂුද්‍රජිවි ගහනයක් පවතින්නේ නම් (මාත්‍රාවක 50 මිලියන සෛල හෝ ඊට වැඩියෙන් ) එය වඩා යෝග්‍යය බව සැලකිය හැකිය.
එමෙන්ම probiotics ලබා ගැනිමේදි වඩාත් සුලභව බාවිතවන , සෞඛයමත්බාවය  තහවුරැ කරන ලද නිෂ්පාදනයන් බාවිත කිරිම වඩා යෝග්‍යය වේ.විශේෂයන් එවන් නිෂ්පාදන තුල probiotics ලෙස යොදාගන්නා ක්ෂුද්‍ර ජිවි ඛාණ්ඩය මෙන්ම මාත්‍රාවද සදහන් කර තිබේ.

pre-biotics සහ probiotics.........
prebiotics යනු හිතකර බැක්ටිරියාවන්ට හොදින් වර්ධනය විම සදහා උපකාරිවන ඔලිගොසැකරයිඩමය ආහාර සංඨකයන් වේ.එනම් Probiotics සමඟ භාවිත කිරිම මඟින් එවායේ ක්‍රියාකාරිත්වය වර්ධනය කරන අතරම ජීර්ණ පද්ධතියේ ජීර්ණ ක්‍රියාවලිය සහ අවශෝෂණය පහසු වේ.

0 comments:

Post a Comment