Monday, September 8, 2014

බහුවරණ ප්‍රශ්න විසදිම සදහා අත්වැලක් (Mcq points) – ජිව විද්‍යාව හැදින්විම

v    ජිවි ලක්ෂණ වැඩි සංඛ්‍යාවක් හෝ සියල්ලම පෙන්වන ලබන කාණ්ඩ ජිවින් ලෙස හදුන්වනු ලබන අතර අජිවින් තුල මෙම ලක්ෂණ 1 ක් හෝ කිහිපයක් තිබිය හැකිය.
v ජිවින් සතු ලක්ෂණයන් වනුයේ.....
ü ක්‍රමවත්බව සහ සංවිධානය
ü පරිවෘත්තිය
ü වර්ධනය සහ විකසනය
ü උද්දීප්‍යයතාවය සහ සමායෝජනය
ü අනුවර්තනය
ü ප්‍රජනනය
ü ආවේණීය සහ පරිණාමය
v අජිවින් තුල පැවතිය හැකි ජිවි ලක්ෂනවලට උදාහරණ ලෙස වර්ධනය සහ චලනය දැක්විය හැකිය.(ස්ළුටිකවලට වර්ධනය විය හැකි අතර තරංගවලට චලනය විය හැකිය.)
v නමුත් ජිවනචක්‍රයේ යම් අවස්ථාවකදි හෝ සමගාමි ලෙස මෙම ලක්ෂණ සියල්ලම දක්නට ලැබෙන්නේ ජිවින් තුල පමණී.
v සියළුම ජිවින්ට තම පැවැත්ම පිළිබද පොදු ගැටළු දෙකක් තිබේ.
ü අක්‍රමවත් තත්වයට පත්විමට ඇති ස්වාභාවිත නැඹුරැව (වයස්ගතවිම)
ü මරණය
v      ජිවින් තුල දක්නට ලැබෙන සංවිධාන මට්ටම් අනුපිළීවෙළ වනුයේ උප පරමාණූක අංශු à පරමාණූව àඅණූ àඉන්ද්‍රයිකා à සෛල àපටක àඅවයව à අවයව පද්ධති à එකෛක ජිවියා(විශේෂය) à ගහනය à ප්‍රජාව à පරිසර පද්ධතිය à ජෛවගෝලය

vජිවි ලක්ෂණ පෙන්වන සරලම සංවිධාන මට්ටම වනුයේ සෛලයයි.
vජිවයේ ලක්ෂන පෙන්වන සංකීර්ණම සංවිධාන මට්ටම වනුයේ එකෛකියා (විශේෂයයි).
vයම් ගැටළුවක් හො සිදුවිමක් අන්වේශනය සදහා විද්‍යාඥයින් විසින් අනුගමනය කරනු ලබන සම්මත ක්‍රියාපටිපාටිය විද්‍යාත්මක ක්‍රමය ලෙස හඳුන්වනු ලබයි.
vවිද්‍යාත්මක ක්‍රමයේ සම්මත පියවර කිහිපයකි.
ü නිරික්ෂණය සහ ගැටළු හදුනාගැනිම
ü කල්පිත ගොඩනැඟිම
ü කල්පිත පරික්ෂා කිරිමට පරික්ෂණ ගොඩනැඟිම
ü උපකල්පනවලට එළඹෙමින් තවදුරටත් පරික්ෂණ මෙහෙයවිම
ü නිරික්ෂණ /සාක්ෂී පදනම් කරගනිමින් කල්පිත තහවුරැ කිරිම
ü නව දැනුම අනුව වෙනස්විය හැකි පරිදි වාද ගොඩනැඟිම
vකල්පිත යනු කරැණු පැහැදිලි කිරිම සදහා උපයෝගි කරගන්නා අනුමානයන්ය.
vපරික්ෂණ සැලසුම් කිරිමේදි පරික්ෂාකරන සාධකය හැර අන් සියළු තත්ව සමාන වන ලෙස පරික්ෂණ සැලසුම් කළ යුතුය.
vපාලක පරික්ෂණයක් යොදාගැනිම මඟින් පරික්ෂණයෙන් ලැබෙන දත්ත පාලක පරික්ෂණය සමඟ සන්සන්දනය කළ හැකිය.එමඟින්පරික්ෂණයේ නිරවද්‍යයතාවය වැඩි කළ හැකිය.


0 comments:

Post a Comment