Monday, August 4, 2014

මිනිස් දේහය තුල කිසියම් පටකයක සිදුවන විකෘතිතාවයක් හේතුකොටගෙන සිදුවන ආසාමාන්‍යය සෛල වර්ධනයවිමක් (ගුණනය විමක්) තමයි සාමාන්‍යයෙන් පිළිකා තත්වයක් කියලා හඳුන්වන්නේ. බොහොමයක් පිළිකා සෛලයන් මිනිස් ප්‍රතිශක්තිකරන පද්ධතිය මඟින් හඳුනාගනිමින් බිඳහෙලනු ලැබුවද ක්‍රමයෙන් මෙම සෛලයන් මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතිය අබිබවමින් වර්ධනය වෙන්න පටන් ගන්නවා.

පිළිකා සෛලයන් මඟින් දේහයට සිදුකරනු ලබන හානිය ආකාර ගණනාවක් මඟින්ම පැහැදිලිකරන්න පුළුවන්.
  • පිළිකාමය තත්වයක් කිසියම් දේහ පටකයක/අවයවයක් තුල වර්ධනය විම නිසා එම පටකයේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය සිදුකරන සෛලයන් ක්‍රමයෙන් විනාශ වෙනවා.මේ නිසාම මේ පටකයන්ගේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය අඩපණ වෙනවා.එ වගේම පිළිකා සෛල වර්ධනය ආසාමන්‍යය වේගයකින් සිදුවන බැවින් දේහපටකයන් ක්‍රමයෙන් විශාල වෙලා ඉදිමෙන්න පටන්ගන්නවා.මේ අවස්ථාවේදි තමයි ගැටිත්තක් හරි ඉදිමිමක් වගේ පිටතට පෙන්න පටන්ගන්නේ. එවගේම මේ විදියට වර්ධනය වෙන පිළිකා සෛල ගොනු මඟින් පටකවල නාල පද්ධතින් පවා අවහිර කරනවා.
  • ආසන්න පටකයන්ට ව්‍යාප්ත විම--- සමහර අවයවයන් වල පිටත විශේෂ සම්බන්ධක පටකවලින් සකස් වුන ආවරණයන් පවතිනවා.එ වගේ අවයවයන් වලින් ආසන්න අවයවයන් වලට පිළිකා සෛල ව්‍යාප්ත වෙන්න නම් සැලකිය යුතු ලෙස පිළිකා තත්වය වර්ධනය වෙලා මේ ආවරණ පටකය බිඳගෙන පිළිකා සෛල වර්ධනය වෙලා තිබිය යුතු වෙනවා.මේ වගේ විශේෂ ආවරණ පටකයන් නොමැති පටකයන් තුලින් කෙලින්ම ආසන්න අවයවයන්ට පිළිකා සෛල ව්‍යාප්ත වෙන්න පුළුවන්.මේ ක්‍රියාවලියට ඉතින් ඉංග්‍රිසි භාෂාවෙන් කියන්නේ Local Spread කියලා.උදාහරණයක් විදියට පුරස්ථි ග්‍රන්ථියේ හටගන්න පිළිකා තත්වයක් එ අවට තියෙන අවයවයන් වන ගුද මාර්ගයට,ශුක්‍ර ආශයිකා වලට ,මුත්‍ර මාර්ගයට,වසා ගැටිති වලට ව්‍යාප්ත වෙන්න පුළුවන්.
  • ආසන්න නොවන වෙනත් පටකයන්ට ව්‍යාප්තවිම --- පිළිකා සෛල රැධීර වාහිනි ,වසානාලයන් ඔස්සේ ආරාම්භක පටකවල සිට දේහය පුරාම ව්‍යාප්ත වෙන්න පුළුවන්.මේ විදියට වයාප්ත වන පිළිකා සෛලවලින් සමහරක් වෙනත් පටකවල තැම්පත්වෙලා වර්ධනය වෙන්න පටන් ගන්නවා.මේ ක්‍රියාවලියට ඉංග්‍රිසියෙන් කියන්නේ Distant metastasis කියලා.මේ ක්‍රියාවලිය අවබෝධ කරගන්න තියෙන හොඳම උදාහරණයන් තමයි ආමාශයේ හටගන්න පිළිකා තත්වයක් ඩිම්බකෝෂ වල පිළිකාමය වෙනස් විමක් විදියට මතුවෙන්න පුළුවන්,එවගේම වෘක්කවල හටගන්න පිළිකා තත්වයක් වෘෂණකෝෂ වල ආසාමාන්‍යය වර්ධනයවිමක් විදියටත් පුරස්ථී ග්‍රන්ථිවල /පියයුරැ පිළිකා තත්වයක් අස්ථීවල ද්විතියක වෙනස්විමක් විදියට මතුවෙන්න පුළුවන්.
  • පිළිකා සෛලවල ආසාමාන්‍යය පරිවෘත්තිය වේගයක් පවති -- පිළිකා සෛල දේහ සෛල වගේ නෙමෙයි ආසාමාන්‍යය විදියට වර්ධනය වෙනවා.එ වගේම එම සෛලවල පැවැත්ම සදහා වැඩිපුර පෝෂණය සහ O2 වගේ දේවල් දේහයෙන් ලබාගන්නවා.එ සදහා පිළිකා සෛලවලින් නිදහස් කරන සමහර රසායනික ද්‍රව්‍යයන් මඟින් පටකවල අළුතෙන් රැධීරවාහිනි වර්ධනය විමක් උත්තේජනය කරනවා.මේ කියාවලියටත් ඉංග්‍රිසියෙන් Angiogensis කියලා කියනවා.එ කියන්නේ වර්ධනය වන පිළිකා පටකයන් මඟින් වැඩිපුර රැධිර සැපයුමක් නිර්මාණය කරගන්නවා.
  • පිළිකා සෛල වැඩිපුරම සිදුකරනු ලබන්නේ නිර්වායු ශ්වසනයයි -- ප්‍රමාණවත් O2 සැපයුමක් තිබුනද පිළිකා සෛලවැඩිපුරම සිදු කරනු ලබන්නේ නිර්වායු ශ්වසනයයි.එමෙන්ම පිළිකා සෛලවලට ඉහළ ශක්ති අවශ්‍යයතාවයක් පවතින බැවින් දේහයේ ග්ලුකෝස් මට්ටම ඉක්මනින් පහළ බැසිම සිදු වේ.රැධීර ග්ලුකෝස් මට්ටම අඩුවිම නිසා දේහය මඟින් නිපදවනු ලබන ග්ලුකගන්,එපිනෙප්රින්, කොර්ටිසොල් වැනි හොර්මෝනයන් මඟින් දේහයේ සංචිත ස්තරයන් (ලිපිඩ , ප්‍රෝටින) බිඳහෙලනු ලබනවා.මේ නිසාම පිළිකාවක් සහිත පුද්ගලයකුගේ දේහයේ පෝෂන මට්ටම ඉක්මනින් අඩු වෙනවා, දේහයේ සංචිත පටක බිදවැටිම නිසා දේහය කෘශ භාවයට පත්වෙනවා. මේ ක්‍රියාවලිය ඉංග්‍රිසින් බසින් හදුන්වන්නේ Cancer Cachexia කියලා.
  • පිළිකා සෛල දේහයේ නිරක්ති තත්වයක් ඇතිකරයි -- පිළිකා සෛල මඟින් නිපදවනු ලබන සමහර රසායනිකයන් මඟින් රැධිර කැටිගැසිමේ යාන්ත්‍රණයන්ගේ වෙනස්විම් සිදුවන අතර එමඟින් රැධිර වහනයක් හෝ රැධිර කැටිගැසිමක් වැඩිපුර සිදුවිය හැකිය. එමෙන්ම පිළිකා සෛල මඟින් දේහයේ යකඩ අන්තර්ගතයන් වැඩිපුර භාවිතකිරිම මඟින් දේහය තුල නිරක්ති තත්වයක් ඇතිකරනු ලබයි.
  • විවිධ හොර්මෝන නිපදවිම --- සමහර පිළිකා සෛලයන් මඟින් විවිධ හොර්මෝනයන් නිපදවනු ලබයි.මෙම හොර්මෝනයන් මඟින් අධිරැධිර පිඩනය ,දේහයේ අයන සමතුලිතතාවයන් වෙනස් කිරිම වැනි ක්‍රියාවලින් සිදු කරනු ලබයි.උදාහරණ ලෙස පෙනහළු පිළිකා මඟින් ACTH තයිරොයිඩ් පිළිකාවන් මඟින් කැල්සිටොනින් වැනි හොර්මෝනයන්ද නිපදවනු ලබයි.ඩිම්බකොෂ වල හටගන්නා සමහර පිළිකා මගින් වැඩිපුර පුරැෂ හොර්මෝනයන් නිපදවිම නිසා දේහය පුරා රෝම වැවිම වැනි දැ දැකිය හැකිය.

  • ආසාමාන්‍යය ප්‍රතිදේහයන් නිපදවිම -- සමහර පිළිකා මඟින් ආසාමාන්‍යය ප්‍රතිදේහයන් නිපදවන අතර එමඟින් දේහපටකයන්ට හානි සිදු වේ.
  • පිළිකා සෛලයන් බිදවැටිම මඟින් විශාල ලෙස K+ සහ යුරික් අම්ලය නිදහස් වේ.

0 comments:

Post a Comment