Thursday, August 21, 2014

සත්වයින්ට මෙන්ම ශාක දේහය සාදනු ලබන පටකයනටද සිය වර්ධනය පවැත්ම සදහා ජලය ,ඛණීජ ලවණ ,පෝෂක මෙන්ම ශ්වසනය සදහා ඔක්සිජන් ද අවශ්‍යය වේ.එසේ ශාක පටකයනට අවශ්‍යය ද්‍රව්‍යයන් බාහිර පරිසරයෙන් ලබාගැනිමත් (ජලය,ඛණීජ ලවණ,CO2) සහ ශාක දේහය නිපදවනු ලබන පෝෂක ,හොර්මෝන වැනි ද්‍රව්‍යයන් සහ බාහිර පරිසරයෙන් ලබාගත් ද්‍රව්‍යය දේහ පටකයන් පුරා බෙදා හැරිමත් යන ක්‍රියාවලින් ශාක තුල ද්‍රව්‍යය පරිවහනයට අදාළ වේ.


(සැ.යු- උසස්පෙළ විෂය නිර්දේශය තුල රචනා ගැටළු සදහා භාවිත කළහැකි විෂය කරැණු අන්තර්ගත එකකයකි.......)

එ අනුව ශාක තුල පරිවහනය වන මුලික ද්‍රව්‍යයන් තුනකි.

ඛණිජ ලවණ සහ ජලය --- ශාක ජලය සහ ඛණිජ ලවණ ලබාගනුයේ පාංශු ද්‍රාවණයෙනි.පාංශු ද්‍රාවණයේ වු ජලය මුලකේශ ඔස්සේ ශාක දේහය තුලට ඇතුල්විම ජල විභව අනුක්‍රමණයක් ඔස්සේ සිදුවන අක්‍රිය ක්‍රියාවලියකි.මුලකේශ තුලට ඛණීජ ලවණ අවශෝෂණය විම සක්‍රිය ලෙස සිදුවේ.මෙසේ මුලකේශ තුලට ඇතුළු වු ජලය මුලේ වු බාහිකය,අන්තශ්චර්මය සහ පරිචක්‍රය යන පටකයන් ඔස්සේ ජල විභව අනුක්‍රමණයක් මඟින් මුලේ සෛලම පටකයන් කරා ගමන් කරනු ලබයි. මුලේ සෛලම පටකයන් වල සිට උත්ස්වේදන චුෂණය,මුල පීඩනය , සංසක්ති සහ ආසකති බලයන් උපයෝගී කරගනිමින් එක දිශානතිකව සෛලම ඔස්සේ ජලය සහ ඛණීජ ලවණ ස්කන්ධ ප්‍රවාහයක් ලෙස සිරස්ව පරිවහනය වේ.

ශාක පටකයක සෛලයෙන් සෛලයට (යාබද සෛල අතර ) ජලය ගමන්කරන ප්‍රධාන මාර්ගයන් තුනකි.


ඇපොප්ලාස්ට පථය -- ශාක සෛලයක අජිවි කොටස් එනම් සෛල බිත්ති අන්තර්සෛලීය අවකාශ,සෛලමීය වාහිනි ,වාහකාභ ඔස්සේ ජලය ගමන් කරන මාර්ගයයි.මෙම කොටස් ඔස්සේ ජලය ගමන් කිරිම විසරණය සහ ස්කන්ධ ප්‍රවාහය යන ක්‍රියාවලින් යටතේ සිදු වේ.

සිම්ප්ලාස්ට පථය -- යාබද සෛලවල ප්‍රාක් ප්ලාස්මයන් එකිනෙක යා කරනු ලබන ප්ලාස්ම බන්ධ සහ ප්ලාස්ම පටලයන් ඔස්සේ ජලය පරිවහනය වන මාර්ගයයි.ආස්‍රැතිය මඟින් ජලය ගමන් කිරිම සිදු වේ.

රික්තක පථය -- එක් සෛලයක රික්තක යුෂයේ සිට තවත් සෛලයක රික්තක යුෂය දක්වා තාන ප්ලාස්ටය ,ප්‍රාක් ප්ලාස්මය,ප්ලාස්ම පටලය, සෛල බිත්ති ඔස්සේ පවතින ප්‍රතිරෝධයෙන් වැඩි දීර්ඝ ගමන් මඟයි.
ආස්‍රැතිය මඟින් ජලය ගමන් කිරිම සිදු වේ.

මුල කේශ සෛලවල සිට මුලේ සෛලම දක්වා ජලය පරිවහනය විමේදි අන්තශ්චර්මය තුල පවතින සුබෙරින් ඝනවිම් (කැස්පාර් පටිය) මඟින් මුලේ සනාල කලාප තුලට ඇපොප්ලාස්ට පථය මඟින් ජලය ඇතුල්විම වළක්වනු ලබයි.එබැවින් සනාල කලාප තුලට ජලය ඇතුළු විය යුත්තේ සිම්ප්ලාස්ටය (ප්ලාස්ම පටලයන් හරහා ) මඟිනි.එම නිසා අන්තශ්චර්මය මඟින් පාංශු ජලය වරණීය පාරගම්‍යයතාවයකට ලක් කරනු ලබයි.

පෝෂක ද්‍රව්‍යය -- ශාක ස්වයංපෝෂීන් බැවින් සිය පෝෂක ද්‍රව්‍යයන් තමන් විසින්ම නිපදවා ගනි.ශාකයක ප්‍රධාන ප්‍රභාසංස්ලේෂී පටකයන් වනුයේ හරිතප්‍රද දරනු ලබන ශාක පත්‍රයි.ශාක පත්‍ර සුර්යාලෝකය සහ වායුගෝලීය Co2 භාවිත කරමින් ආහාර නිපදවනු ලබයි.
මෙසේ නිපදවන ආහාර ශාක පත්‍රවල සිට දේහයේ විවිධ පටකයන් වෙත පරිවහනය කිරිම සිදුකරනු ලබන්නේ විශේෂීත ශාක පටකයන් වන ෆ්ලෝයම පටකය ඔස්සේය.ෆ්ලෝයම පටකය ඔස්සේ ආහාර පරිවහනය කිරිම ෆ්ලෝයමීය පරිසංක්‍රමණය ලෙස හදුන්වනු ලබයි.ආහාර ෆ්ලෝයම පටකය ඔස්සේ පරිවහනය වනුයේ අක්‍රිය සීනි ස්වරෑපයක් වන සුක්රෝස් බවට පරිවර්තනය විමෙන් පසුවය.
ෆ්ලෝමීය පරිසංක්‍රමණය ශාක දේහය තුල දෙදිශාවටම සිදුවන සක්‍රිය ක්‍රියාවලයකි.

හොර්මෝන -- ෆ්ලොයම පටකයන් ඔස්සේ කාබොහයිඩ්‍රේට් වලට අමතරව විටමින් ,හොර්මෝන,K+ .පොස්පේට් වැනි ඛණිජ ලවණයන්ද පරිවහනය විම සිදු වේ.

මෙම එකකයේ අන්තර්ගත කරැණු පිළිබඳව සරල අවබෝධයක් ලබා ගැනිමට මෙම සාරාංශය භාවිත කරන්න....



වැඩිදුර කරැණු අධ්‍යයනය කිරිම සදහා පහත Power-point ඉදිරිපත්කිරිම භාගත කරගන්න.........
භාගත කිරිම සදහා පහත ලින්කුව භාවිත කරන්න.

ශාක තුල ද්‍රව්‍යය පරිවහනය

5 comments: