Sunday, June 29, 2014

ස්ත්‍රින් සහ පුරැෂයින් මුලින්ම ප්‍රජනන ක්‍රියාවලිය සදහා සුදුසු තත්වයට පත්වනුයේ යොවුන්වියට පැමිණීමත් සමඟය.යොවුන්විය ලෙස හඳුන්වනු ලබන්නේ ගැහැණූ සහ පිරිමි දරැවන් තුල විශේෂීත පෙරළියක් සිදුවන අවධීයකි.මෙම කාලසීමාව තුලදි ශරිරයේ නොයෙකුත් කායික සහ මානසික වෙනස්විම් සමුහයක් සිදුවන අතර මෙය පරිවර්තන අවධීයක් ලෙසද හඳුන්වා දිය හැකිය.



මෙම කාල සීමාව තුල ගැහැණූ සහ පිරිමි දරැවන් තුල සිදුවන මුලික වෙනස්විම් ලෙස...

  • කායික වර්ධනයේ සැලකිය යුතු වෙනසක් සිදුවිම
  • ද්විතික ලිංගික ලක්ෂණ ඇතිවිම
  • මානසික ක්‍රියාකාරිත්වයේ සහ චර්යාවේ සැලකිය යුත් වෙනසක් සිදුවිම
මෙම ක්‍රියාවලින් සදහා හේතු වනුයේ යොවුන්වියේදි දේහයේ සිදුවන හොර්මෝනමය වෙනස්විමයි.යොවුන්වියට පැමිණිමත් සමඟ හයිපොතැලමසයේ GnRH නිපදවිම සක්‍රිය වන අතර එමගින් පුර්ව පිටියුටරියෙන් FSH සහ LH නිපදවිම උත්තේජනය කරනු ලබයි.මෙම හොර්මෝනයන් මගින් ප්‍රජනේන්ද්‍රියන් සක්‍රිය වන අතර එමගින් ප්‍රජනන අවයවයන්ගේ පරිණතිය උත්තේජනය කරනු ලබයි.

එ අනුව යොවුන්විය ලෙස හදුන්වනු ලබන්නේ දේහය ප්‍රජනනය සදහා සුදානම් කිරිමේ කාලසමයයි.

යොවුන් වියේ සිදුවන වෙනස්විම් වලට අමතරව පහත උප එකක යටතේ  දැනගත යුතු සියලු කරැණූ විස්තරාත්මකව එක්කොට තිබේ.
  • ගර්භණීභාවය හඳුනා ගැනිම සහ ගර්භණි සමය තුලදි දේහයේ සිදුවන වෙනස්විම් 
  • උපත් පාලන ක්‍රම 
    • හොර්මෝනමය
    • හොර්මොනමය නොවන
  • මඳසරැභාවය
  • ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග සහ එවායෙන් මිදිමට මඟ
ප්‍රජනක සෞඛ්‍යය පිළිබඳව වැඩිදුර කරැණූ දැනගැනිම සදහා පහත Power-point/PDF ඉදිරිපත් කිරිම භාගත කරගන්න.

භාගත කිරිමට පහත ලින්කුව යොදා ගන්න.
ප්‍රජනක සෞඛ්‍යය

0 comments:

Post a Comment