Saturday, June 7, 2014

ස්නායු පද්ධතිය හැරැණූවිට දේහයේ සාමායෝජනය සහ සමස්ථීතිය සදහා වැදගත්වන අනෙක් පද්ධතිය වනුයේ අන්තරාසර්ග පද්ධතියයි (Endocrine system).



අන්තරාසර්ග අවයවයන් (ග්‍රන්ථීන්) මගින් හොර්මෝන ලෙසින් හදුන්වනු ලබන රසායනික ද්‍රව්‍යයක් නිපදවනු ලබන අතර මෙම හොර්මෝනයන් නාල රහිතව කෙලින්ම රැධීරයට නිදහස් කරනු ලබයි. එබැවින් මෙම ග්‍රන්ථීන් නාල රහිත නිර්නාල ග්‍රන්ථීන් ලෙසද හඳුන්වනු ලබයි.
හොර්මෝන ලෙස හඳුන්වනු ලබන්නේ අන්තරාසර්ග ග්‍රන්ථීන් විසින්  නිපදවනු ලබන ,රැධිරය ඔස්සේ විශේෂීත ක්‍රියාකාරි අවයවයන් වෙත පරිවහනය වන ,පරිවහනය විමෙන් පසුව ක්‍රියාකාරි අවයවයන් තුල පවතින විශේෂීත ප්‍රතිග්‍රාහක සමඟ සම්බන්ධවිමෙන් දේහ ක්‍රියාවලින් පවත්වා ගැනිම සදහා දායකවනු ලබන රසායනික ද්‍රව්‍යයන්ය. 

ස්නායු පද්ධතිය සමඟ සැසදිමේදි -- අන්තරාසර්ග පද්ධතිය තුල පණීවිඩ හුවමාරැව රඳා පවතින්නේ හොර්මෝන මගින් සිදුවන රසායනික සම්ප්‍රේෂණයන් මගිනි.



අන්තරාසර්ග ග්‍රන්ථීන් විසින් නිපදවනු ලබන හොර්මොනයන් මුලික රසායනික ස්වරැප 3කින් දක්නට ලැබේ.
  • ප්‍රෝටීන සහ පොලිපෙප්ටයිඩමය හොර්මෝන -- පිටියුටරි , අග්න්‍යාසයික සහ පැරාතියරොයි ඩ හොර්මෝන
  • ස්ටෙරොයිඩ හොර්මෝන -- අධිවෘක්ක බාහිකය සහ ලිංග අවයවයන් මගින් නිපදවන ලිංග හොර්මෝන
  • ඇමයිනෝ අම්ලවලින් ව්‍යුතපන්න වු ඇමීනමය හොර්මෝන --තයිරොයිඩ සහ අධීවෘක්ක මජ්ජාව ,පිනයිල් ග්‍රන්ථීය මගින් නිපදවන හොර්මෝන
හොර්මෝන නිපදවිමෙන් පසුව එවා විශේෂ ඉලක්ක අවයවයන් තුල ක්‍රියාකාරිවිම දක්වා සිදුවන ක්‍රියාවලිය පහත පරිදි සාරාංශ කොට දැක්විය හැකිය.


මෙම හොර්මෝනයන් සදහා ක්‍රියාකාරි අවයවයන් තුල සෛල ප්ලාස්මය, න්‍යෂ්ටිය සහ ප්ලාස්ම පටලය යන ස්ථානවල විශේෂීත ප්‍රතිග්‍රාහකයන් පවති.
ප්ලාස්ම පටලය තුල ප්‍රතිග්‍රාහක පවතින හොර්මෝනයන් හැර අනෙකුත් හොර්මෝනයන් මගින් සිය ක්‍රියාකාරිත්වයට අනුරැප ජාන සක්‍රිය කිරිම කෙලින්ම(තවත් රසායනික අණුවක උපකාරිත්වයෙන් තොරව)සිදුකරනු ලබයි.
ප්ලාස්ම පටලයට සම්බන්ධවන හොර්මෝනයන්  ද්විතික පණීවිඩ හුවමාරැ යාන්ත්‍රණයක් මගින් සිය ක්‍රියාකාරිතවයට අනුරැප ජාන සක්‍රිය කිරිම සිදුකරනු ලබයි.

අන්තරාසර්ග අවයවයන්ගේ මෙම ක්‍රියාකාරිත්වයන් සෘණ (-)ප්‍රතිපෝෂී යාන්ත්‍රණයන් මගින් පාලනය විම සිදුකෙරේ.

එක් එක් අන්තරාසර්ග අවයවයන්ගේ ක්‍රියාකාරිත්වය විස්තරාත්මකව අධ්‍යයනය කිරිම සදහා පහත power-point ඉදිරිපත් කිරිම භාගත කරගන්න.

බාගත කිරිම සදහා පහත ලින්කුව භාවිත කරන්න.....

මිනිස් අන්තරාසර්ග පද්ධතිය

3 comments:

  1. සයිබර් අවකාශය තුළ දැනුම සොයා යන අප වැන්නවුන්ට ඔබ දැක්වූ සහයෝගයට තුති පුදමි.

    ReplyDelete
  2. නොදන්න දේ දැන ගැනීමට ඔබ දක්වන සහයෝගයට ස්තූතියි

    ReplyDelete
  3. Thanks wadagathmadewa de danganimata oba dak u sahayogayata thanks

    ReplyDelete