Sunday, June 29, 2014

මිනිසාගේ ප්‍රජනන ක්‍රියාවලිය ආරාම්භ වනුයේ පුරැෂ ජන්මාණූ (ශුකාණූ සෛල ) ස්ත්‍රි යෝනි මාර්ගය තුලට නිදහස් කිරිමත් සමඟය. මෙම ශුකාණූ සෛල ස්ත්‍රි යෝනි මාර්ගය තුලින් අණ්ඩ සෛලය දක්වා පිහිනා යාමත්,පැලෝපීය නාලයන් තුලදි පරිණත අණ්ඩ සෛලයත් සමඟ එක්විම මගින් ද්විගුණ යුක්තාණූවක් සැදිමත් සංසේචනය ලෙස හදුන්වනු ලබනවා.



සංසේචනය සිදු වු අවස්ථාවේ සිට ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වි දරැ උපතක් සිදුවන අවස්ථාව දක්වා සිදුවන සියලුම ක්‍රියාවලින් මානව කළළ විකසනය ලෙස සරලව හැදින්විය හැකි නමුදු සත්‍යය වශයෙන්ම කළල විකසනය ආරාම්භ වනුයේ අධිරෝපණ(Implantation) ක්‍රියාවලි (විකසනය වන කළලය ගර්භාෂ බිත්තිය තුල තැම්පත් විම) සම්පුර්ණ විමේ සිටය...

සංසේචනයේ සිට අධීරෝපණය දක්වා යුක්තාණූව තුල සිදුවන වෙනස්විම් මෙසේය....

  •  මෝරැලාව සැදිම -- යුක්තාණූවේ සෛල අනුනනය මඟින් බෙදිමට ලක් වි සෛල ගොනුවකින් (16-32) යුත් ගෝලයක් නිර්මාණය විම.පැලෝපීය නාලය තුලදි සිදු වේ.
  • බ්ලාස්ට කෝෂ්ඨය සැදිම -- මෝරැලාවේ සෛල විභේදනය විම මගින් පිටත තනි සෛල ස්ථරයකින් සහ ඇතුලත විශේෂිත සෛල ගොනුවකින් යුත් කුහරමය ගෝලයක් වැනි ව්‍යුහයක් සැදිම.මෙහි පිටත සෛල ස්ථරය පෝෂ බ්ලාස්ට ස්ථරයයි.අධීරෝපණය ආරාම්භ වනුයේ මෙම අවස්ථාවේදිය.
  • පරිණත කළල අවස්ථාව --- බ්ලාස්ට කෝෂ්ඨයේ පිටත සෛල ස්ථරයන් බෙදිම මගින් සෛල සාදමින් ගර්භාෂ එන්ඩොමෙට්රියම තුලට වර්ධනය වි කළළ බන්ධය සැදිම.ඇතුල් සෛල පිණ්ඩය බෙදිම මගින් කළල පටල නිර්මාණය විම සහ කළලයේ මුලික පටක ස්ථරයන් විභේදනය විම ආරාම්භ වේ.
සංසේචනයේ සිට දරැ ප්‍රසුතිය දක්වා කාලය තුලදි සිදුවන ක්‍රියාවලින් මුලික අවධි දෙකක් යටතේ ඉදිරිපත් කළ හැකිය.

  • කළළ අවධීය -- සංසේචනයෙන් පසු මුල් සති 8 ක් දක්වා කාලය කළල අවධීය ලෙස හදුන්වනු ලබයි.මෙම අවධීය තුලදි යුක්තණූවෙන් නව ජිවියකු නිර්මාණය කිරිමට අවශ්‍ය මුලික පටක සැකැස්ම නිර්මාණය විම සිදු වේ.
  • භ්‍රැණ අවධීය --- සති 8 කට පසුව කළළය භ්‍රැණයක් ලෙස හදුන්වනු ලබන අතර මෙම අවධීය තුලදි මුලික පටක වලින් අවයව පද්ධතින් නිර්මාණය විම සහ එවායේ පරිණතිය සිදු වේ.


මානව කළළ විකසනය පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කිරිම සදහා පහත Power -point /PDF ඉදිරිපත් කිරිම භාගත කරගන්න.

භාගත කිරිමට පහත ලින්කුව භාවිත කරන්න.
මානව සංසේචනය සහ කළල විකසනය

0 comments:

Post a Comment