Sunday, June 8, 2014

කිසියම් ජිවි විශේෂයක් තම ජිවි විශේෂයේ නවජිවින් බිහිකරගැනිමේ ක්‍රියාවලිය ප්‍රජනනය ලෙස හඳුන්වනු ලබයි."ප්‍රජනනය" සියලුම ජිවින් තුල දක්නට ලැබෙන ජිවි ලක්ෂණයකි.ප්‍රජනන ක්‍රියාවලිය මගින් ජිවින් සියජිවි විශේෂයේ අඛණ්ඩ පැවැත්ම තහවුරැ කරගන්නා අතරම මිහිතලයේ වෙනස්විමට මුහුණ දීම සදහා අවශ්‍යය කරන පරිණාමික වෙනස්විම්ද නව පරම්පරාවනට දායද කරනු ලබයි.


ජිවින් තුල දක්නට ලැබෙන මුලික ප්‍රජනන ක්‍රම දෙකකි.
  • අලිංගික ප්‍රජනනය -- තනි ජිවියකු අනුනනය මගින් ප්‍රවේණීකව සර්වසමජිවියකු නිපදවිමයි.මෙහිදි ජන්මාණූ එක්විමක් හෝ ප්‍රභේදන හටගැනිමක් සිදුනොවේ.
  • ලිංගික ප්‍රජනනය - විරැද්ධ ලිංගික ජිවින් දෙදෙනකු විසින් නිපදවනු ලබන ජන්මාණූ එක්විමෙන් නවජිවියකු බිහිවිමයි.මෙහිදි බිහිවන ජිවියා මාතෘ ජිවින්ට සර්වසම නොවේ.එමනිසා ජිවිවිශේෂයේ පරිණාමය සදහා වැදගත් වේ. 
ජිවින් අතර දක්නට ලැබෙන අලිංගික ප්‍රජනන ක්‍රම කිහිපයකි.
  • ඛණ්ඩනය --(ද්විඛණ්ඩනය/බහුඛණ්ඩනය) -  බැක්ටීරියා/ප්‍රොටොසෝවාවන් 
  • අංකුරණය - යීස්ට් ,හයිඩ්‍රා
  • කඩකඩවිම - හයිඩ්‍රා ,Algae
  • බීජාණු සැදිම - දීලිර ,Algae
ලිංගික ප්‍රජනන ක්‍රියාවලිය ජිවින් තුල දක්නට ලැබෙන තරමක් සංකීර්ණ ප්‍රජනන ක්‍රමයක් වන අතර එහිදි පහත ක්‍රියාවලින් දක්නට ලැබේ.
  • පුං සහ ජායා ජන්මාණූ ජනනයවිම 
  • සංසේචනය සිදුවිම (පුං සහ ජායා ජන්මාණූ එක්විම)
  • යුක්තාණූව සැදිම සහ කළල විකසනය


ජිවින් තුල දක්නට ලැබෙන විවිධ ප්‍රජනන ක්‍රම පිළිබඳ විස්තරාත්මකව දැන ගැනිමට පහත Power- point/Pdf  ඉදිරිපත් කිරිම භාගත කරගන්න....

බාගත කිරිමට පහත ලින්කුව භාවිත කරන්න...
ජිවින්ගේ විවිධ ප්‍රජනන ක්‍රම

0 comments:

Post a Comment