Saturday, June 7, 2014

පුරැෂයකු තුල පවතින ප්‍රජනක හැකියාව මැනබැලිය හැකි පරික්ෂණයක් තමයි මේ ශ්‍රක්‍රතරල පරික්ෂාව (Seminal Fluid Analysis) කියලා කියන්නේ.ශුක්‍ර තරල පරික්ෂණයකදි පුරැෂයකුගේ ශුකාණූවල ප්‍රමාණාත්මක සහ ගුණාත්මකභාවය පිළිබඳව සංඛ්‍යාත්මක ඇගයිමක් සිදු කෙරෙනවා.

මෙම පරික්ෂණය සිදුකරන්නේ කුමන අවස්ථාවලදිද?
  • දරැළුල නොමැතිවිම සදහා කරනු ලබන වෛද්‍යයවිද්‍යාත්මක පරික්ෂණවලදි -- දරැළුල නොමැතිවිම විවාහකයින්අතර දක්නට ලැබෙන සුලභ සිදුවිමක්. විවාහයෙන් වසර කිහිපයක් යනතුරැත් දරැවන් නොලැබිම නිසා තමයි මේ අය  මුලින්ම වෛද්‍යයප්‍රතිකාර සදහා යොමුවෙන්නේ.ප්‍රජනක සෞඛ්‍යය පිළිබඳ නොදැනුවත්කම වගේ සරල කරැණූත් මේ සදහා හේතුසාධක වෙන්න පුළුවන්.එ වගේම ස්ත්‍රී පුරැෂ දෙපාර්ශවයේම ප්‍රජනන පද්ධතින් තුල පවතින දුර්වලතා(මදසරැභාවය) බහුලවම මේ සදහා හේතු පාදක වෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවලදි පුරැෂයකුගේ ශුකාණූවල තත්වය මැනබැලිම සදහා මුල් අවස්ථාවේදිම මෙම පරික්ෂණය සිදුකරනවා.
ශුක්‍ර තරල පරික්ෂණයකදි පරික්ෂා කරනුලබන තත්වයන්(සාධකයන්) මොනවාද?


සාධකය සාමාන්‍යය අගය(නිරෝගි)
ශුක්‍ර තරල පරිමාව- Volume (එක්වරකදි විසර්ජනය කරන පරිමාව) 2-5 ml(මිලිලිටර) පමණ විය යුතුය
pH අගය  7.1-8.0
ශුක්‍ර තරලය විසිරිම සදහා ගතවන කාලය - (Liquefaction time) 20-30 මිනිත්තු(ආසාදන තත්ව වලදි මෙම කාලය වැඩි වේ.)
ශුකාණූ ප්‍රමාණය (Sperm count) (ඒක්වරකදි විසර්ජනය කරනු ලබන ශුක්‍ර තරලය තුල මිලිලිටර 1ක් තුල පවතින ශුකාණු ප්‍රමාණය)
20 මිලියන /1 මිලිලිටර
රෑප විද්‍යාත්මකව සාමාන්‍යය ශුක්‍ර ප්‍රමාණය (Morphology) 30%  කට වඩා සාමාන්‍යය වියයුතුය.
ශුකාණූ වල ක්‍රියාකාරිභාවය (Motility) (පිහිනා යා හැකිවිම) 50% කට වඩා ශුකාණූ ක්‍රියාකාරි විය යුතුය.
සුදුරැධීර සෛල ප්‍රමාණය (WBC)  නොමැත (ආසාදන තත්වවලදි මෙම සෛල දක්නට ලැබේ)
මෙම පරික්ෂණය සිදුකරන්නේ කේසේද?
සාමාන්‍යයෙන් මඳසරැභාවය පිළිබඳ සායන තුලදි මෙම පරික්ෂාව සිදු කරනු ලබයි.මේ සදහා ශුක්‍ර තරල සාම්පලය ලබා ගැනිමට පෙර 
  • දින 3-5 ත් අතර කාලයක් තුල ලිංගික ක්‍රියාකාරිත්වයෙන් වැළකි සිටිම  කළ යුතුය.මෙමගින් ශුක්‍ර සාන්ද්‍රණය ප්‍රමාණවත් ලෙස වැඩිවිම සිදු වේ
  • මධ්‍යසාර පානයෙන් වැළකි සිටිය යුතුය.
  • ලබා ගනුලබන ඖෂධ පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කළ යුතුය.
පරික්ෂණයට සහභාගි වන පුද්ගලයා විසින් ශුක්‍ර සාම්පලය නියමිත එක්රැස්කරනය තුලට එක්කොට ලබා දිය යුතුය.ලිංගිකව එක්විමකදි ලබාගන්නා සාම්පලයන් දෝෂ සහිත විය හැකිය.
පළමු පරික්ෂණයේ ආසාමාන්‍යයතා පවතින්නේනම්  එහි නිරවද්‍යයතාවය පරික්ෂා කිරිම සදහා මාස 3කට පමණ පසු නැවතත් සිදුකරනු ලබයි.
මෙම පරික්ෂණය හේතු කොටගෙන කිසිදු අතුරැ ආබාධයක් හෝ අවදානම් ස්වභාවයක් නොපවති.

ශුක්‍ර තරල පරික්ෂණයකදි හඳුනාගන්නා ආසාමාන්‍යයතා සදහා බහුලවම හේතුසාධක වියහැකි කරැණූ මොනවාද?
  • ඉහළ උෂ්ණත්වයක් පවතින /තාපයක් නිපදවන රැකියාවල නිරතවිම
  • දවසේ වැඩි වේලාවක් තද යට ඇඳුම් ඇද සිටිම
  • විකිරණවලට ලක්විම
  • වෘෂණවල හටගන්නා ආසාදන තත්වයන්
  • ලිංග වර්ණදේහයන්ගේ පවතින ආසාමාන්‍යයතා
  • රැධිරනාලිකාවල ගැටගැසිම් සිදුවිම
ශුක්‍ර තරල සාම්පලයකදි හඳුනාගන්නා රෑප විද්‍යාත්මකව ආසාමාන්‍යය ශුකාණූ(Abnormal Morphology) යනු මොනවාද ?
සාමාන්‍යයෙන් පරිණත ශුකාණුවක පවතින රෑපීය සහ කායික විද්‍යාත්මක සැකැස්මෙන් වෙනස් වු ශුකාණූ නිදර්ශකයක පැවතිය හැකිය.නමුත් එම ප්‍රමාණය ආසාමාන්‍යය ලෙස වැඩි වුවිට නිරෝගි ශුකාණූ ප්‍රමාණය සැලකිය යුතු ලෙස පහළ බසී.මෙම ආසාමාන්‍යය  ශුකාණූවලට ඩිම්බයක් සංසේචනය කිරිමේ හැකියාව නොපවති.



0 comments:

Post a Comment