Sunday, June 29, 2014

ගර්භණී සමය තුලදි වර්ධනය වන කළලය/භ්‍රැණය මවගේ රැධිරයෙන් කළල බන්ධය හරහා අවශ්‍යය පෝෂක පදාර්ථයන් අවශෝෂණය කරගනු ලබයි.නමුත් දරැවකු උපත ලැබිමෙන් පසුව බාහිරින් අවශ්‍යය පෝෂ පදාර්ථයන් නියමිත පරිදි ලබාදිය යුතුය.


අළුතින් උපත ලැබු දරැවකු සදහා සුදුසුම ආහාරය වන්නේ මව්කිරිය. මව්කිරිවල නවජ දරැවකුට අවශ්‍යය පෝෂක පදාර්ථයන් සියල්ල නිසි පරිමාණයන්ගෙන් අන්තරගත වේ.එපමණක්ම නොව මුල් දින කිහිපය තුලදි නිපදවනු ලබන කහපැහැති දියරයක් වැනි මව්කිරි රන්කිරි /කොලෙස්ටරම් ලෙස හඳුන්වනු ලබන අතර එහි අඩංගු ප්‍රතිශක්තිජනක ද්‍රව්‍යයන් මඟින් දරැවාට ස්වාභාවිකවම විශේෂිත රැකවරණයක් සැල සේ.  (දරැවකු බිහිවිමෙන් පසු පිටත පරිසරයට නිරාවරණය වන මුල් සමය තුලදි ආසාදන තත්වයන් සදහා ලක්විමට පවත්නා ඉඩකඩ බොහෝ සෙයින් වැඩිය.)

මව්කිරි ලබාදීම සම්බන්ධව සිදුකරනු ලැබු බොහෝ වෛද්‍යයවිද්‍යාත්මක සමීක්ෂණයන් මගින් හෙලි වි තිබෙන කරැණක් වන්නේ නියමිත පරිදි මුල් මාස 4-6 ක කාලය තුලදි මව්කිරි පමණක්ම ලබාදීම මගින් මෙම කාලසීමාව තුලදි සිදුවන ළදරැ මරණ ප්‍රමාණය සැලකිය යුත් මට්ටමින් අඩු කරගත හැකි බවය.


එමනිසා ලෝකයේ බොහොමයක් සෞඛ්‍යමය ආයතන මගින් මුල් මාස 4ක කාලසීමාව තුලදි මව්කිරි පමණක්ම ලබාදීම අනුමත කරනු ලබයි.

මව්කිරි නිපදවනු ලබන්නේ මවගේ ස්තන ග්‍රන්ථී මගිනි.මෙම ස්තන ග්‍රන්ථිවල අභ්‍යයන්තර ව්‍යූහය සැලකු විට එවා ක්ෂිරය නිපදවනු ලබන සුවිශේෂී ස්‍රාවී පද්ධතීන් 15-20 ත් අතර ප්‍රමාණයකින් සමන්විත වන අතර  මේ සැම පද්ධතියක්ම ක්ෂිරය නිපදවන කුඩා ගර්තිකා රාශියකින් සමන්විත වි තිබේ.මෙම ගර්තිකාවල අපිච්ජද සෛල මගින් නිපදවන ක්ෂිරය නාල පද්ධතින් හරහා තණපුඩුවලට විවෘත වේ.

ක්ෂීරය නිපදවිම සදහා ප්‍රජනක සමය තුලදි ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් මගින් ස්තන ග්‍රන්ථීන්ගේ සිදුකරනු ලබන විශේෂිත වෙනස්විම් වැදගත්වේ.
දරැ ප්‍රසුතියෙන් පසු ක්ෂීරය නිපදවිම සදහා පුර්ව-පිටියුටරිය මගින් නිපදවනු ලබන ප්‍රොලැක්ටීන් නම් විශේෂීත හොර්මෝනය වැදග්ත වේ.එමෙන්ම ස්තන ග්‍රන්ථින්ගේ සිට ප්‍රණාලයන් තුලට ක්ෂිරය නිදහස් කිරිම සදහා අපර පිටියුටරියෙන් නිදහස් කරනු ලබන ඔක්සිටෝසීන් නම් හොර්මෝනය වැදගත් වේ.

මව්කිරි ලබාදෙන කාලසීමාව තුලදි අවශ්‍යය පරිදි කිරි නිපදවිමක් සිදුවිම සදහා මව සහ දරැවා අතර පවතින ආදරණිය  බැදිම ඉතා වැදගත් වන අතර දරැවා මව්කිරි උරා බොනවිට මවගේ තණපුඩු වල පවතින ස්පර්ශ සංවේදකයන් උත්තේජනය විම මගින් ක්ෂීරය නිපදවිම දිගින් දගටම උත්තේජනය විම සිදු වේ.

මාස 4-6 ත් අතර කාලය තුලදි දරැවකුට අමතර ආහාර ලබාදීම ආරාම්භ කළ යුතු අතර පළමුව දියරමය ආහාරද ක්‍රමයෙන් ඝන ආහාරයන්ද  ලබාදීම ආරාම්භ කළ යුතුය.අමතර ආහාර ලබාදීමේදි එහි සෞඛ්‍යයමත්භාවය පිළිබදව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය.

දරැවකුගේ වර්ධන ක්‍රියාවලින් කායික සහ මානසික වර්ධනයන් වශයෙන් කොටස් දෙකකින් දැක්විය හැකිය.
දරැවකුගේ මානසික වර්ධනයෙන් 90% ක් පමණ මුල් වසර 2 ක කාලය තුලදි සිදු වේ.

මේ පිළිබඳව වැඩිදුර කරැණූ අධ්‍යයනය කිරිම සදහා පහත Power-point /PDF ඉදිරිපත් කිරිම භාගත කරගන්න....

භාගත කිරිමට පහත ලින්කුව භාවිත කරන්න.
දරැවකුගේ පෝෂණය සහ වර්ධනය

0 comments:

Post a Comment