Saturday, July 12, 2014

සරල දේහයක් දරන ජිවින් තුල සෛල එකක් හෝ කිහිපයක් පමණක් දක්නට ලැබෙන බැවින් එවා අතර සම්බන්ධතාවය පවත්වා ගැනිම සහ ද්‍රව්‍යය හුවමාරැව සදහා විශේෂයෙන් සකස් වු පද්ධතියක් අවශ්‍යය නොවේ.බොහෝවිට එම ක්‍රියාවලින් සරල විසරණය වැනි ක්‍රම මඟින් පවත්වා ගත හැකිය.

නමුත් සංකීර්ණ ජිවින් තුල විවිධ දේහ පටක සහ අවයවයන් පවතින බැවින් සෛල අතර සම්බන්ධය සරල විසරණය වැනි ක්‍රියාවලින් මඟින් පවත්වා ගැනිම පහසු නොවේ.
එමනිසා ජිවින් ක්‍රමයෙන් සංකීර්ණවත්ම ජිවින් තුල ද්‍රව්‍යය හුවමාරැව සහ සෛල අතර සම්බන්ධතාවය පවත්වා ගැනිම සදහා සුවිශේෂී පද්ධතියක් විකසනය වු අතර එය සංසරණ පද්ධතීන් ලෙස සලකනු ලැබේ.
සත්තව රාජධානිය තුල මුලින්ම සංසරණ පද්ධතියක් දක්නට ලැබෙන්නේ ඇනෙලිඩාවන් තුලය.
ජිවින් තුල දක්නට ලැබෙන මුලික සංසරණ පද්ධතීන් ආකාර දෙකක් දක්නට ලැබේ.

  • විවෘත සංසරණ පද්ධති -- රැධීර තරලය සහ පටක තරලය මිශ්‍රවිම සිදු වන අතර රැධීර තරලය වෙන් වු තරලයක් ලෙස නොපවති. මොලුස්කාවන් සහ කෘමින් තුල දක්නට ලැබේ.
  • සංවෘත සංසරණ පද්ධති -- රැධීර තරලය සංසරණ පද්ධතිය තුල ව්‍යාප්ත වන අතරපටක තරලය සමග මිශ්‍රවිමක් නොවේ. ඇනෙලිඩාවන් සහ පෘෂ්ඨවංශින් තුල දක්නට ලැබේ.
තවද ජිවින්ගේ රැධීර සංසරණ පද්ධතිය තුල රැධීරය ගමන්කරනු ලබන ආකාරය අනුව ඒවා ඒක සහ ද්විත්ව සංසරණයන් වශයෙන් වර්ග කරනු ලැබේ.
  • ඒක-සංසරණය -- හෘදය තුලින් පිටවන රැධීරය ශ්වසන අවයව ,දේහ පටකයන් ඔස්සේ තනි පද්ධතියක් වශයෙන් ගමන් කිරිම සිදු වේ. එනම් හෘදය තුලින් පිටවන රැධීරය ශ්වසන අවයවයවලට ගමන් කිරිමෙන් පසු නැවත හෘදයට පැමිණිමකින් තොරව දේහය පුරා ගමන් කිරිමෙන් පසු නැවත හෘදය වෙත පැමිණේ.
  • ද්විත්ව සංසරණය -- හෘදයේ සිට පෙනහළු වෙතට ගමන් කරනු ලබන රැධීරය නැවතත් හෘදයට පැමිණිමෙන් පසුව දේහය පුරා පරිවහනය කිරිම සිදු කරනු ලබයි.එනම් හෘදය සහ පෙනහළු අතර පුප්ළුසීය සංසරණය වශයෙන් එක් පද්ධතියක් ලෙසද හෘදය සහ දේහය අතර සංස්ථානික සංසරණය වශයෙන් තවත් පද්ධතියක්ද දක්නට ලැබේ.
පෘෂ්ඨවංශී රැධීර සංසරණ පද්ධතිය ක්‍රමයෙන් ඔක්සිජනීකෘත රැධීරය සහ ඔක්සිජනීහෘත රැධීරය මිශ්‍රවිම වැලැක්විමටත් ක්‍රමවත් රැධිර ප්‍රවාහයත් පවත්වා ගැනිම සදහාත් සකස් වු බව දක්නට ලැබේ.

එමෙන්ම පෘෂ්ඨවංශී රැධීර සංසරණ පද්ධතිය තුල ප්‍රධාන අංගයන් ලෙස උදරිය පේශීමය හෘදයකින් ද උදරිය මහාධමනියෙන් පැන නඟින පාර්ශවික ධමනි වක්‍ර යුගල් හය සම්බන්ධ විමෙන් සැදෙන මධ්‍යය තනි පෘෂ්ඨිය ධමනියකින් සහ ඉන් විහිදෙන ධමනි පද්ධතියකින්ද සමන්විත වේ.

වැඩිදුර කරැණූ හැදැරිම සදහා පහත Power-point ඉදිරිපත් කිරිම භාවිත කරන්න.
භාගත කිරිම සදහා පහත ලින්කුව භාවිත කරන්න.
සතුන්ගේ සංසරණ පද්ධති

0 comments:

Post a Comment