Sunday, June 1, 2014

වැඩිහිටි ජනගහනයෙන් වැඩිදෙනෙකුට මුහුණදිමට සිදු වි තිබෙන ප්‍රධාන සෞඛ්‍යය ගැටලුවක් තමයි මේ හෘද්‍යාබාධ /හදවත් රෝග කියලා කියන්නේ. වෛද්‍යයවිද්‍යාත්මකව බලනකොට හෘදයාබාධ අයත් වෙලා තියෙන්නේ බෝ නොවන රෝග (Non communicable disease) කියන ප්‍රධාන රෝග ගණයට.



හෘදයාබාධයන් හේතුකොටගෙන වසරකට ලෝක ජනගහනයෙන් මිලියන 17.3 කට වඩා වැඩි ප්‍රමාණයක් මියයනවා.එ විතරක් නෙමයි වැඩිහිටි ජනගහනයෙන් විශාල පිරිසක් මෙම රෝග තත්වයෙන් දීර්ඝ කාලිනව පීඩා විදිනවා.වැඩිහිටියන් පමණක් නෙවයි මේ වන විට කුඩා ළමුන් පවා හෘදයාබාධ වලින් පීඩා විදින තත්වයට පත් වෙලා තියෙනවා.



හෘදයාබාධයක් ඇතිවිමේදි සිදුවන්නේ කුමක්ද?
හෘදයාබාධයක් ලෙස හදුන්වනු ලබන්නේ මේද තැම්පත්විමක් හෝ ලේ කැටියක් මගින් හෘදයේ පටකයන්ට රැධීරය සපයනු ලබන කීරිටක ධමන් අවහිරවිමක් හේතුකොටගෙන හෘදවස්තුවේ පටකයන්ට ඔක්සිජන් සැපයිම  ආඩාල විම නිසා එම පටකයන් මියයාමයි.



හෘදයාබාධයක් හඳුනාගන්නේ කේසේද?
හෘදයාබාධයකදි පුද්ගයකුගේ පපුවේ වම් පැත්තට තරමක් බරව අධීක වේදනාවක් හටගන්නා අතර මේ වේදනාව වම් අත දිගේ ගමන්කරන්නාක් සේ දැනේ.එමෙන්ම හුස්ම ගැනිමේ අපහසුතාවයක් , දහඩිය දැමිමක් , ක්ලාන්ත කැරකිල්ල ගතියක් ඇතිවිය හැකිය.
කිරිටක ධමනි අවහිරවිමේ ප්‍රමාණය අනුව පුද්ගලයකුට ඇතිවන රෝග ලක්ෂණයන්ගේ ස්වාභාවය කීරණය වේ. මෙම වෙනස්වම් හටගන්නා මුල් අවධීවලදි පුද්ගලයකුට දෛනික කටයුතු වලදි ඉක්මනින් වෙහෙස දැනිම,පපුවේ තදගතිය සහ වේදනාව ,හුස්ම ගැනිමේ අපහසුව,නිදා ගැනිමේදි හුස්ම ගැනිමේ අපහසුතා ඇතිවිය හැකිය.
මෙම රෝග ලක්ෂණ වලට අමතරව ....

  • ECG පරික්ෂණ
  • ට්‍රොපෝනින්  පරික්ෂණ
  • Echo cardiogram 
  • රැධීරයේ සීනි මට්ටම (FBS)
  • රැධීරයේ ලිපිඩ සංයුතිය (Serum Lipid profile) 
මුලික පරික්ෂනත් සිදුකරනවා.....


ඉතින් මේ තත්වයට ගොඩක්ම හේතු වෙලා තියෙන්නේ අප විසින්ම පවත්වාගෙන යන අපයහපත් සෞඛ්‍යය පුරැදු. මෙම අයහපත් සෞඛ්‍යය පුරැදු වලින් වැළකිමෙන් හෘදයාබාධයන් බොහෝ දුරට වළක්වාගතහැකි බව බොහෝ පර්යේෂණ වලින් සනාථ කරගෙන තියෙනවා. එ හේතුව නිසාම මේ රෝග තත්වය හටගැනිම වැළැකිවිම(Prevention)  කියන සංකල්පය පිළිබඳව ලෝකයේ බොහෝ සෞඛ්‍යය ක්ෂේත්‍රවල අවධානය යොමුවෙලා තියෙනවා වගේම එ පිළිබඳ බොහොමයක් සෞඛ්‍යය වැඩසටහන් පවත්වාගෙන යනවා.

හෘදයාබාධයන් හටගැනිමට හේතුපාදක වන අවධානම් සාධකයන්(Risk factors)  මොනවද කියලා දැනගන්න එක ගොඩක් වැදගත් වෙනවා එ දේ වලින් අත් මිදෙන්න නම් . වෛද්‍යයවිද්‍යාත්මකවනම් මේ අවධානම් සාධකයන් කොටස් දෙකට වෙන්කරලා ඉදිරිපත් කරලා තියෙනවා.

වෙනස් කළ නොහැකි සාධකයන් (Non-modifiable risk factors)-
  • වයස (Age)  -- සාමාන්‍යයෙන් පුද්ගලයකු වයස්ගතවිමත් සමඟ හෘදයාබාධ හටගැනිමට තිබෙන අවධානම වැඩිවෙනවා . විශේෂයෙන් වයස අවු 60 ඉක්මවු පුද්ගලයන්ට මේ සදහා ඉහළ අවධානම් තත්වයක් පවතිනවා.
  • ස්ත්‍රි /පුරැෂ භාවය (Gender) -- සාමාන්‍යයෙන් කාන්තාවන්ගේ දේහය තුල ප්‍රජනක අවධියේදි  (16-45)  ඊස්ට්‍රජන් හොර්මෝනයේ ක්‍රියාකාරිත්වය හේතුකොටගෙන හෘදයාබාධ වැළකිමට හැකියාවක් පවතිනවා .නමුත් ආර්තවහරණයෙන් පසුව කාන්තාවන් හෘදයාබාධ සදහා ලක්විමට වැඩි ප්‍රවණතාවයක් පවතිනවා.
  • ප්‍රවේණීක සාධක (Genetics) -- පවුල් පරිසරයෙන් පැමිණෙන හෘදයාබාධ තත්වයන්ද මේ සදහා හේතුපාදක වෙනවා.උදාහරණ ලෙස ඔබගේ දෙමාපියන්ට සහ සහෝදර සහ සහෝදරියනට හෘදයාබාධ පවතින්නේනම්  ඔබට හෘදයාබාධක්  සැදිමට යම් ප්‍රවණතාවයක් පවති.
වෙනස්කළ හැකි සාධක (Modifiable risk factors) ---

  • දුම්පානය කිරිම (Smoking)-- සමස්ත හෘදයාබාධ තත්වයන්වලින් 10% ප්‍රමාණයක් සදහා දුම්පානය හේතු සාධකවෙලා තියෙනවා.  ඉතින් තනි සාධකයක් විදියට බලපුවාම විශාල බලපැමක් කරන්න පුළුවන් සාධකයක් තමයි දුම්පානය කියලා කියන්නේ.වැදගත්ම කරැණ තමයි  වර්තමානයේ දුම්පානය කරන පුද්ගලයකුට උනත් වසර දෙකක කාලයක් දුම්පානය නැවැත්විම මගින් හෘදයාබාධ සදහා අවධානම අඩුකරගතහැකි අතර වසර 15 කාලයකදි දුම්පානය නොකරනු ලබන පුද්ගලයකුගේ අවධානම් තත්වයට ලඟාවෙන්න පුළුවන්.
  • අධිරැධීර පීඩනය (High blood pressure)- ආසන්න වශයෙන් ලෝක ජනගහනයෙන් මිලියන 1ක පමණ ජනගහනයක් මෙම තත්වයෙන් පීඩා විදින අතර හෘදයාබාධ සදහා අංක 1හි අවධානම් සාධකය වන්නේ අධිරැධිර පීඩනයයි.සමස්ත හෘදයාබාධ වලින් 13% ප්‍රමාණයක් සදහා හේතු සාධක වන්නේ අධිරැධීර පීඩනයයි. අධීරැධීර පීඩනය මගින් හෘදය අධීක්‍රියාකාරිත්වයකට පමුණන බැවින් හෘදයාබාධ සදහා විශාල ප්‍රවණතාවයක් ඇතිකරනු ලබයි.
  • පෝෂ්‍යයදායිත්වයෙන් හීන මේද අධීක ක්ෂණීක ආහාරපාන ලබා ගැනිම(Unhealthy diet) -- සංතෘප්ත මේදයන්  අධීක ලෙස අන්තර්ගත ආහාර ලබාගැනිමත් පළතුරැ සහ එළවළු ,පලාවර්ග ආහාරයට එක් කරනොගැනිමත් මීට ප්‍රධාන හේතුවයි.
  • කායික ක්‍රියාකාරිත්වය අඩුවිම(Physical inactivity) -- වර්තමාන සමාජ- ආර්ථීක රටාව හේතුකොටගෙන කායික වෙහෙසිමකින් තොරවු රැකියාවල නිරතවිම නිසා දේහයෙන් ශක්තිය වැයවිමක් සිදුනොවන බැවින් මේද වශයෙන් දරහයේ තැම්පත් විම නිසා හෘදයාබාධ සදහා විශාල ප්‍රවණතාවයක් ඇති වි තිබේ.සමස්ත හෘදයාබාධයන්ගෙන් 6% සදහා හේතු වි තිබෙන්නේ කායික අක්‍රිය බවයි.
  • අධීක තාරබාරැබව(Obesity)-- සමස්ත හෘදයාබාධවලින් 5% ප්‍රමාණයක් සදහා හේතුසාධක විතිබෙන්නේ අධික තරබාරැබවයි.
  • දියවැඩියා තත්වයන්(DM) --- දියවැඩියා තත්වය නිසා හටගනු ලබන ප්‍රධානතම සංකූලතාවයක් ලෙස හෘදයාබාධ දැක්විය හැකිය.සාමාන්‍යය පුද්ගලයකුට සාපේක්ෂව හෘදයාබාධ ඇතිවිම සදහා පවතින අවධානම දෙතුන් ගුණයකින් වැඩිය.සමස්ත හෘදයාබාධයන්ගෙන් 13% සදහා හේතුසාදධක විතිබෙන්නේ දියවැඩියා තත්වයයි.
  • දේහයේ කොලෙස්ටරොල් ප්‍රමාණය අධීක විම --- 
  • මත්පැන් පානය කිරිම--

හෘදයාබාධයන්ගෙන් මිදෙන්නේ කේසේද?
මේ වනවිටත් හෘදයාබාධවලින මිදිමට කළයුතු දේ පිළිබඳව වඩා හොද අවබෝධයක් ලැබි ඇතැයි සිතමි.ඉහත විස්තර කරන ලද  අවධානම් සාධක අතරින් වඩා වැදගත් වන්නේ වෙනස්කළ හැකි සාධකයන්ය. මක්නිසාද යත් මෙම අයහපත් සෞඛ්‍යය පුරැදු වලින් මිදිමෙන් බොහෝදුරට  (80%)  හෘදයාබාධවලින් මිදිසිටිමට ඔබට හැකි නිසාය.
  •  දුම් පානයෙන් වැළකිම --- හැකිතාක් දුරට දුම්පානයෙන් හා සිගරට් දුමට නිරාවරණයවිමෙන් වැළකි සිටින්න.
  •  දිනපතා ව්‍යායාමවල නිරතවිම -- දෛනිකව දේහය වෙහෙසවන කාර්යයන්හි නිරත වන්න.දිනකට මිනිත්තු 30-60 ක පමණ කාලයක් සුදුස ව්‍යායාමයක නිරත වන්න.ව්‍යායාම තොරා ගැනිමේදි ඔබගේ වයස සහ සෞඛ්‍යය තත්වයට සුදුසු පරිදි තෝරාගන්න.විශේෂයෙන් දිනකට වැඩිවේලාවක් එක්තැනක ඉදගෙන කාර්යයන්හි නිරතවන්නේනම් වඩාත් සැලකිල්ලෙන් සුදුසු ක්‍රීයාකාරකම්වල නිරතවිය යුතුය.
  • සුදුසු පෝෂ්‍යයදායි ආහාරයන් ලබාගැනිම - මේද ප්‍රමාණය අඩු ආහාරයන් සහ පළතුරැ ,එළවළු විශාල වශයෙන් ආහාරයට එක්කරගත යුතුය.මේද ප්‍රමාණය අධික මාංශමය ආහාර සහ කෘතිම ආහාරයන් ලබාගැනිම අවම කළ යුතුය. එමෙන්ම සීනි ප්‍රමාණය අධික ආහාර ලබාගැනිම සහ ලුණූ අධික ලෙස ආහාරයට එක්කර ගැනිමෙන් වැළකිය යුතුය.(ලුණු අධීක ලෙස ආහාරයට එක්කර ගැනිම අධීරැධීර පීඩනයට හේතු වේ.එමනිසා දෛනිකව පුද්ගලයකුට ලුණු 5 g පමණ ලබා ගැනිම ප්‍රමාණවත්ය)
  • මත්පැන් පානය කිරිමෙන් හැකිතාක් දුරට වැළකි සිටිය යුතුය.
ඉහත සෞඛ්‍යමය පුරැදු වෙනස් කරගැනිමට අමතරව ,ඔබ ඉහත සදහන් කළ යම් රෝග තත්වයකින් පෙලෙන්නේනම් ඊට නියමිත ප්‍රතිකාර ලබාගැනිම මගින් පාලනය කරගැනිම සහ සුදුසු කාලයේදි රෝග පරික්ෂාවන් සිදුකරගැනිම වැදගත් වේ.

  • ඔබගේ රැධිර පීඩනය පරික්ෂා කරගන්න ---  ඔබ අධීරැධීර පීඩනයෙන් පෙලෙන්නේ නම් වෛද්‍යවරයා නියම කරන පරිදි රැධීර පීඩනය පරික්ෂා කරගැනිම සහ ඖෂධ ලබාගැනිම කළ යුතුය . මක්නිසාදයත් අධීරැධීර පීඩනය කිසියම් පුර්ව දැනුම් දිමකින් තොරව (Silent killer)ඔබගේ හෘදය අක්‍රිය කරනු ඇත.මෙම රෝගය සදහා ප්‍රතිකාර ලබාගන්නකු නොවුවත් වසරකට වරක් හෝ ඔබගේ රැධීර පීඩනය මැන බැලිම වැදගත් වේ.
  • ඔබගේ රැධීරයේ සීනි මට්ටම පරික්ෂා කරගන්න--- දියවැඩියා රෝගියකින් නම් නිසිකාලයේදි සීනි පරික්ෂාව සිදු කරගැනිමත් ,හොදින්ම රැධීරයේ සිනි මට්ටමම පාලනය කරගැනිමත් කළ යුතුය.
  • රැධීරයේ ලිපිඩ සංයුතින් පරික්ෂා කරගන්න --දේහයේ ලිපිඩ මට්ටම වැඩිවිම නිසා කීරිටක ධමනි අවහිරවිම වේගවත් කරනු ලබන බැවින්   ලිපිඩ සංයුතින් නියමිත අගයක පවත්වා ගැනිම වැදගත්ය.

0 comments:

Post a Comment