Thursday, May 29, 2014

වර්තමාන සමාජය තුල ජිවත්වෙන බොහෝදෙනාට තියෙන බරපතල සෞඛ්‍යය ගැටලුවක් තමයි මේ තරබාරැකම/ස්ථුලතාවය(Obesity) කියලා කියන්නේ.ඉතින් මේක පුද්ගලයාගෙන් පුද්ගලයාට බෝ වෙන්නේ නැති උනාට ගැහැණු ,පිරිමි දෙපාර්ශවයටම ලොකු හිසරදයක් වෙලා අවසානයි.එ වගේම බොහෝ දෙනා විශ්වාස කරන විදියට වර්තමාන සමාජ රටාව නිසා මිනිසුන් තාක්ෂණික මෙවලම් වලට සිමාවිමත් , අධික ලෙස මේද අඩංගු ආහාර වලට පුරැදු විමත් තමයි මේකට මුලික හේතුන් වෙලා තියෙන්නේ.එපමනක්ම නෙවෙයි ස්ථුලභාවය නිසා දෙවනුව හටගන්නා සංකුලතාවයන් මෙහි ස්වාභාවය දෙගුණ තෙගුණ කිරිමට හේතුසාධක වෙලා තියෙනවා...... 




තරබාරැබව එහෙමත් නැත්නම් ස්ථුලභාවය කියන්නේ මොකද්ද?
සාමාන්‍යය වචනයෙන් කියනවනම් පුද්ගලයකුගේ දේහ ස්කන්ධය/ප්‍රමාණය අසාමාන්‍යය ලෙස වැඩි නම් තමයි එ පුද්ගලයා තරබාරැයි කියලා අපිකියන්නේ.එත් පුද්ගලයකුගේ දේහ ස්කන්ධය/ප්‍රමාණය  විතරක් සලකා බලලා පුද්ගලයකු තරබාරැයි කියලා නිරවද්‍යයව කියන්න බැහැ. තරබාරැබව  වඩාත් නිවැරදිව අර්ථකථනය කරනාවානම් පුද්ගලයකුගේ දේහ ස්කන්ධය වයස(Age) සහ උසට(Height) අනුරැපව ඉදිරිපත් කළ යුතු වෙනවා.
මේ සදහා දේහ ස්කන්ධ දර්ශකය(BMI) කියලා පරිමාණයක් හදුන්වලා දිලා තියෙනවා. මේ පරිමාණයට අනුව.....



                  BMI =weight(Kg)/height(cm²)



  • වැඩිහිටි පුද්ගලයන්ගේ සාමාන්‍ය දේහ ස්කන්ධ දර්ශක අගයන් ලෙස හදුන්වා දි තියෙන්නේ 18.5 - 24.9 ත් යන අගය පරාසය.
  • දේහ ස්කන්ධ අගය 25-30 ත් අතර අගයන් අධිකබර නැතහොත් තරබාරැබවට අවධානම් කලාපය(Overweight) ලෙස හදුන්වනු ලබනවා.
  • දේහ ස්කන්ධ අගය 30 ට වඩා වැඩි වු විට ස්ථුලභාවය /තරබාරැබව ලෙස හදුන්වනු ලබනවා. 
  • ඔබේ දේහ ස්කන්ධ අගය වම් පස පවතින දර්ශකය භාවිතයෙන් ගණනය කර බලන්න.(එකකය සමඟ අගය එක්කරන්න)


  • ස්ථුලභාවය බහුලතවම දක්නට ලැබෙන්නේ කුමන පුද්ගලයන් තුලද?
    ස්ථුලභාවය සමාජයේ ගැහැණු , පිරිමි(36%) යන දෙපාර්ශවය තුලම පොදුවේ දක්නට ලැබෙන ගැටලුවක් විදියට හදුන්වන්න පුළුවන්. එමෙන්ම කුඩා ළමුන්(20-25%) අතර දක්නට ලැබෙන ප්‍රධාන සෞඛ්‍යය ගැටලුවක් බවට පත්වෙලා කියෙනවා.

    ස්ථුලභාවය සදහා බලපාන හේතු මොනවාද?
    අපි විසින් දේහය තුලට ලබාගන්නා අහාරයන් තුල වු ශක්තිය ප්‍රමාණාත්මක ලෙස වැයවිම සිදුනොවන විට එවා දේහය තුල අනවශ්‍යය ලෙස තැම්පත් විම මුලික හේතු සාධකයකි.ප්‍රතිළුලය ලෙස දේහයේ මේද සෛලයන්ගේ ප්‍රමාණය සහ විශාලත්වය වැඩිවිම සිදුවෙනවා.

                  ශක්තිය ලබාගැනිම --###--- ශක්තිය වැයවිම  

    • විවිධ ජානමය සාධක /පරම්පරාවෙන් පැමිණෙන ස්ථුලතාවය(Genetic factors)-- පරම්පරාවෙන් පැමිණෙන ස්ථූලභාවය ස්ථුලභාවය සදහා බහුලවම බලපැම් කරනු ලබන සාධකයකි.
    • දේහ ක්‍රියාකාරිත්වය (physical activities)- එදිනෙදා ජිවිතයේදි ක්‍රියාකාරි වන ප්‍රමාණය අඩුවනවිට දේහයේ ශක්ති වැයවිම අඩුවනබැවින් එය ස්ථුලභාවය සදහා හේතු සාධකයක් වේ.(තාක්ෂණික මෙවලම් භාවිතය සහ කයවෙහෙසා කරනු ලබන රැකියාවලින් පුද්ගලයන් ඉවත්විම )
    • ආහාර පුරැදු (Dietary habits) -- අධික මේද සහිත ,ක්ෂනික ආහාර රටාවන්ට පුරැදුවිම නිසා දේහය තුල මේද ප්‍රමාණය එක්රැස්විම සිදුවේ.
    • ස්ත්‍රි ,පුරැෂභාවය සහ වයස -- සාමාන්‍යයෙන් ස්ත්‍රින් ස්ථුලභාවයට ලක්විම සදහා ප්‍රවණතාවයක් දක්වනු ලබයි.වයස්ගතවිමත් සමඟ මෙම තත්වය හටගැනිම සිදුවිය හැකිය.
    • සමාජ සහ සංස්කෘතික රටාවන්-- විශේෂයෙන් මාංශමය ආහාර සහ බටහිර සංස්කෘතික පුරැදුවලට නැඹුරැ වු පරිසරයක් ස්ථුලතාවය සදහා  හේතු සාධක වේ.
    • ආර්ථික මට්ටම -- ඉහළ ආර්ථික මට්ටමක් පවතින විට කායික ක්‍රියාකාරිත්වය සාපේක්ෂව අඩුවන අතර පමණට වඩා ආහාර ලබාගැනිමද සිදුවිය හැකිය.
    • ගර්භණිභාවය,ආර්තවහරණය -- කාන්තාවන් ගර්භණි කාල සමයෙන් සහ ආර්තවහරණයෙන් පසුව ස්ථුලතාවය සදහා වැඩි නැඹුරැවක් දක්වනු ලබයි.
    • දේහයේ පරිවෘත්තිය සම්බන්ධ විවිධ රෝග තත්වයන් --- විශේෂයෙන් දියවැඩියාව සහ අන්තරාසර්ගපද්ධතිය තුල රෝගතත්වයන් වලදි මේ සදහා ප්‍රවණතාවයක් දක්වනු ලබයි.
    • මානසික ආතතිය (Psychological factors) -- වර්තමාන සමාජ රටාව හේතුකොටගෙන බොහෝදෙනා මානසික ආතති තත්වයන්ගෙන් පෙලෙන බැවින් ස්ථුලභාවය සදහා ප්‍රවණතාවයක් දක්වනු ලබයි.
    ස්ථූලභාවය හදුනාගැනිම සදහා යොදාගතහැකි මිනුම් සහ රසායනාගාර පරික්ෂණයන් මොනවාද?
    • දේහ ස්කන්ධය (Kg)
    • උස (cm)
    • උදර වටප්‍රමාණය (Abdominal circumference) -- මිනුම් පටියක් භාවිත කරමින් සාමාන්‍යය දේහ ඉරියව්වේදි නාභිය සහ පහළ පර්ශුක ප්‍රදේශ හරහා යන පරිදි පාඨාංකය ලබාගත යුතුය.
    • උදර බිත්තියේ මේද ස්ථරයේ ඝතනම (Skin fold thickness)
    •  රසායනාගාර පරික්ෂණයන් ....
    • රැධීරයේ සීනි ප්‍රමාණය(Blood sugar level)
    • HbA1c
    • දේහයේ ලිපිඩ සංයුතිය (Lipid profile)
    • තයිරොයිඩ හෝර්මෝන ප්‍රමාණයන් (Thyroid function test)

    ස්ථුලභාවය නිසා හටගන්නා සංකූලතා(Complication) මොනවාද ?


    • හෘදයාබාධ සහ කීරිටක ධමනි අවහිරවිම්
    • අධීරැධීර පීඩනය 
    • මධ්‍ය ස්නායු පද්ධතිය ආශ්‍රැතව හටගන්නා ආඝාත තත්වයන් 
    • ස්වසන අපහසුතා,ඇදුම තත්වයන්,
    • පිත්තාශයේ ගල් හටගැනිම්,අක්මාවේ අධික ලෙස මේද තැම්පත්විම
    • දියවැඩියාව සහ දේහයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩිවිම
    • ප්‍රජනන ක්‍රියාවලියේ අඩපණවිම්
    • සන්ධීවල දුර්වලතා සහ විවිධ රෝගාබාධ
    • ශල්‍යාබාධයකට පසුව හටගන්නා සංකූලතා වැඩිවිම
    • දරැ ප්‍රසුතියකදි හටගන්නා සංකුලතා වැඩිවිම
    • දේහයේ ක්‍රියාකාරිත්වය අපහසු විම
    • මානසික ආතතිය  සහ සමාජයේ සමහර ක්‍රියාකාරිත්වයන්ගෙන් වැළකි සිටිමට සිදුවිම
    • ගර්භාෂයේ,පිත්තාශයේ,පියයුරැ ,පෙනහළු,ආහාර මාර්ගයේ පිළීකා තත්වයන් හටගැනිමට හේතු සාධක වේ.

    ස්ථූලභාවයෙන් වැළකිමට ගතහැකි ක්‍රියාමාර්ගයන් මොනවාද?
    • හැසිරිම් රටාවේ සහ චර්යාත්මක වෙනස්විම් සිදුකිරිම -- දේහයට ලබාගන්නා කැලරි ප්‍රමාණයට සාපේක්ෂව සුදුසු ක්‍රියාකාරිත්වයක් පවත්වා ගැනිම.දිපනපතා නියමිත වේලාවක් සුදුසු ව්‍යායාම් වල නිරතවිම.(ව්‍යායාම් වල නිරතවිමට පෙර සුදුසු වෛද්‍යයවරයකුගේ උපදෙස් ලබාගත යුතුය.හෘදයාබාධ සහ ශ්වසන ආබාධ පවතින පුද්ගයන්ගේ ව්‍යායාම කිරිමට පවතින හැකියාවන් සීමා සහිතය.) හැකි සැමවිටම කයවෙහෙසා කරන වැඩවල නිරතවිම.එසේම කුඩා ළමුන් රෑපවාහිනි සහ පරිගණක ක්‍රීඩාවල නිරතවන කාලය සීමාකිරිම සහ සුදුසු ක්‍රිඩා වලට යොමු කිරිම.
    • ආහාර පුරැදු වෙනස් කිරිම --- මේද සහිත ක්ෂණික ආහාරයන්ගෙන් වැළකිම.ආහාරයේ අඩංගු මේද ප්‍රමාණය අඩුකිරිම.නියමිත ආහාර වේල් ප්‍රමාණය ලබාගැනිම සහ එවායේ ප්‍රමාණය අඩුකිරිම.අමතර ආහාර වේල් ප්‍රමාණය අඩුකිරිම.ආහාරයට පළතුරැ එක්කර ගැනිම . නිවසේ සකස් කරන ලද ආහාර ලබාගැනිම.කුඩා ළමුන් නිතර ආහාර ලබාගැනිම වැළැක්විම සදහා නිවසේ ආහාර ගබඩා කර තැබිම අවම කිරිම.

    • දේහ ස්කන්ධයේ සිදුවන වෙනස්විම නිතර මැනබැලිම --- ඉහත වෙනස්විම් සමඟ දේහයේ ස්කන්ධයේ සිදුවන වෙනස්විම ප්‍රමාණාත්මකදැයි මැනබැලිය යුතුය.එසේ නොවන්නේනම් ඊට අනුරැප වෙනස්විම් සිදු කළ යුතුය. 
    • ඖෂධ ප්‍රතිකාර ලබාගැනිම --- ඉහත ප්‍රතිකාරයන් සමඟ සැලකිය යුතු වෙනසක් සිදුනොවන්නේ නම් හෝ විශේෂීත රෝග තත්වයක් පවති නම් එ සදහා සුදුසු ඖෂධ ගබා ගත යුතුය-- orlistat,locaserin,Metformin,Antidepressants
    • ශල්‍යයමය ප්‍රතිකර්ම -- ආමාශයෙන් කොටසක් කපා ඉවත් කිරිම මගින් ආමාශයේ ධාරිතාවය සහ ආහාර ලබාගන්නා ප්‍රමාණය අඩු කිරිම,ආමාශයට ඇතුල්වන ආහාර ප්‍රමාණය පාලනය කිරිම වැනි ක්‍රමවේදයන් යොදා ගතහැකිය.



    0 comments:

    Post a Comment