Friday, May 2, 2014




එදිනෙදා ජිවිතයේදි ඔබ ගතකරනු ලබන සැම තත්පරයකදිම දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබ විසින් විවිධාකාර දේහ චලනයන් සිදු කරනු ලබයි.



චලනයන් සිදුකිරිම සදහා දේහය තුල පවතින විශේෂිත පටකය පේශි පටකයයි.ක්‍රියාකාරිත්වය සහ ව්‍යුහමය සැකැස්ම අනුව මුලික පේශි පටක අකාර 3ක්  දක්නට ලැබේ.

  • කංකාල පේශි පටකය(skeletal muscles) -- දේහයේ ඉච්ජානුග චලනයන් සදහා වැදගත් වේ.
  • සිනිඳුපේශි පටකය(smooth muscles) -- දේහයේ අභ්‍යයන්තර අවයවයන්ගේ චලනයන් සදහා දායක වන බැවින් අනිච්ජානුග ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කරනු ලබයි.
  • හෘත් පේශි පටකය(heart muscles) - රිද්මයානුකුල චලනයන් සදහා වැදගත්වන හෘදයටම විශේෂිත වු පේශි පටකය හෘත් පේශි පටකයයි.

ඉච්ජානුග ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කරනු ලබන කංකාල පේශි දේහයේ දෛහික ස්නායු පද්ධතිය යටතේ පාලනය වන අතර අනිච්ජානුග ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කරනු ලබන සිනිඳු පේශී සහ හෘත් පේශි ස්වයංසාධක ස්නායු පද්ධතිය යටතේ පාලනය වේ.



එක් එක් පේශි පටකයන් සැලකු විට එවායේ ව්‍යුහමය සැකැස්ම විවිධාකාරය.කංකාල පේශි පටකය තුල පේශී සෛල ශාඛනය නොවු සිලින්ඩරාකාර පේශි තන්තු (muscle fibers) ලෙස සකස් වි පවති.සිනිඳු පේශි තනි තනි තර්කුරෑපි සෛල වලින් සමන්විත වේ.හෘත් පේශී ශාඛනය වු පලසක් අකාරයෙන් දක්නට ලැබේ.

පේශි පටකයන් සංකෝචනය සහ ඉහිල්විම සදහා සකස් වි තිබේ.එ සදහා කංකාල පේශි තුල ප්‍රෝටීන තන්තු(Actin සහ myosin) වලින් සකස් වු පේශි කෙදිති ලෙස හදුන්වන ව්‍යූහ වලින් සමන්විත වේ.තවදුරටත් මෙම පේශී කෙදිති තුල සාකොමියර නම් කුඩා සංකෝචන එකක පවතිනු ලබයි.

කංකාල පේශි වල සංකෝචනය සිදුවන අකාරය සුත්‍රිකා සර්පණ යාන්ත්‍රණය(Sliding filament theory)  මගින් විස්තර කරනු ලබයි.

සිනිඳු පේශී  තුලද ප්‍රෝටීන තන්තු වලින් සකස් වු සංකෝචන සුත්‍රිකා පවතින නමුඳු එවා කංකාල පේශින්ගේ සාකොමියර තරමටම සංකීර්ණ නොවේ.

සිනිදු පේශී සංකෝචන යාන්ත්‍රණයද කංකාල පේශීවල ක්‍රියාවලියට තරමක් සමාන වේ.

උසස්පෙළ විෂය නිර්දේශයේ සංධාරණය සහ චලනය (9 වන එකකය) යන එකකය යටතේ අන්තර්ගත කොට තිබෙන පේශි සංකෝචන යාන්ත්‍රණය සම්පුර්ණ  රචනා ප්‍රශ්ණ ප්‍රශ්නයක්(Essay question) ලෙස එක් කළ හැකි කොටසකි.එම නිසා මේ පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා තිබිම වැදගත් වේ.


වැඩිදුර අධ්‍යයනය සදහා පහත Power-point ඉදිරිපත් කිරිම භාගත කරගන්න.
භාගත කිරිමට පහත ලින්කුව යොදා ගන්න.

පේශි පටකය සහ පේශි සංකෝචන යාන්ත්‍රණය

http://albiologysinhala.blogspot.com/

2 comments: