Tuesday, May 13, 2014


ඔබ ජිවිතකාලය පුරාවටම විශාල පරිශ්‍රමයක් යොදමින් ආරක්ෂා කරගනු ලබන දේහයේ අවයවය කුමක්දැයි ඇසුවොත් ඔබ සියලුදෙනාගේ මුවට නැගෙන එකම පිළිතුර වන්නේ සම(Skin)යන්නයි.......



මක්නිසාද යත් අප සියලු දෙනාම තමතමන්ගේ බාහිර පෙනුම පවත්වා ගැනිම සදහා සුවිශේෂී කැමැත්තක් දක්වන බැවිනි....

බාහිර පෙනුම පවත්වා ගැනිමට පමණක් නොව දේහයේ බෝහෝ කාර්යයන් සදහා වැදගත්වන බහුකාර්යය අවයවයක් ලෙස  සම හැදින්විය හැකිය. එනිසා එහි ව්‍යුහය සහ ක්‍රියාකාරිත්වය විස්තරාත්මකව දැනගැනිම වැදගත් වේ.

දේහයේ පිටතින්ම පවතින ආවරණයයි එනම් දේහයේ බාහිර සීමාව ලෙස ක්‍රියාකරනු ලබයි.සම දේහයේ විශාලතම අවයවය ලෙසද හැදින්විය හැකිය.දේහයේ විවිධ ප්‍රදේශ ආවරණය කිරිමේදි සුදුසු විකරණයන්ද සහිතව සකස් වි තිබේ.

මිනිසාගේ සම මුලික ස්ථර දෙකකින් සමන්විත වේ.
  • පිටතින්ම පවතින --- අපිචර්මය (Epidermis)
  • ඊට ඇතුලතින් පවතින චර්මය (Dermis)
මෙම ස්ථර දෙකට ඇතුලතින්ම පවතින මේද පටකවලින් සමන්විත අධඃශ්චර්මය (Hypo dermis) නම් ස්ථරයක්ද පවති.

අපිචර්මය පිටතින්ම පවතින කෙරටිනිභවණය වු ඝර්ෂණට ඔරොත්තු දිමට සකස් වු අපිච්ජද පටකයකි.මෙහි මෙලනින් නම් සමෙහි වර්ණය ඇතිකිරිමට දායකවන වර්ණකය නිපදවන මෙලනොසයිට නම් විශේෂිත සෛල පවති.

චර්මය ලෙසින් හදුන්වනු ලබන ස්ථරය තුල සංවේදි ප්‍රතිග්‍රාහක,රැධීරවාහිනි,ස්නායු තන්තු,විවිධ ග්‍රන්ථීන් යන මේවා ගිලි පවති.

සම දේහය ආවරණය කිරිම,රෝගකාරක ජිවින් සදහා බාධකයක් ලෙස ක්‍රියාකිරිම,දේහයේ අභ්‍යයන්තර අවයව ආරක්ෂා කිරිම,දේහ උෂ්ණත්වය යාමනය,විවිධ සංවේදන ලබා ගැනිම වැනි විශේෂීත කාර්යයන් සදහා දායක වේ.

වැඩිදුර අධ්‍යයනය කිරිම සදහා පහත Power-point ඉදිරිපත්කිරිම භාගත කරගන්න.

භාගත කිරිමට පහත ලින්කුව යොදාගන්න.....

0 comments:

Post a Comment