Thursday, May 8, 2014

ඔබත් දවසේ වැඩිවේලාවක් ගත කරන්නේ අන්තර්ජාලය සමඟද? එසේනම් මෙම ලිපිය අනිවාර්යෙන්ම කියවිය යුතුය.




වර්තමානයේ පවතින තාක්ෂනික දියුණුව සහ ගෝලීයකරණය වැනි හේතුන් නිසා බොහෝ දෙනෙක් සිය දෛනික කාලසටහනෙන් වැඩිවේලාවක් ගෙවා දමන්නේ තාක්ෂණික මෙවලම් සහ අන්තර්ජාලය සමගයි.එසේම පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් සමග කාලය ගතකිරිමට ඔවුනට අමතක වි තිබෙන්නා සේම ඔවුන් විසින්ම නිර්මාණය කරගනු ලබන ලෝකවල තනිවි සිටින බවක් දක්නට ලැබෙන්නේ.

තරැණ පිරිස් අතරින් බෝහෝදෙනා පරිගණක ක්‍රිඩා සහ අන්තර්ජාල (Facebook ) භාවිතය සදහා දවසින් හරි අඩකට වඩා වැඩි කාලයක් වැය කරන බව හෙලි වි තියෙනවා.

මේ නිසාම  සීමා රහිතව අන්තර්ජාලය භාවිතය සදහා යොමු වි තිබෙන පිරිස් සිටිනබව සමීක්ෂණවලින් හෙලි වි තිබෙනවා.මොවුන් අන්තර්ජාල භාවිතය සදහා ඇබ්බැහි වුවන් ලෙස හැදින්විය හැකිය.මෙම තත්වය මානසික රෝග තත්වයක් දක්වාම වර්ධනය වි තිබෙන අතර මෙය Internet Addiction Disorder (IAD) ලෙස හදුන්වනු ලබනවා.

ඇමරිකානු මනෝවෛද්‍යයවරැන් පිරිසක් විසින් කරනු ලබන සමීක්ෂණ වලින් හෙලි වි තිබෙන්නේ මෙසේ අන්තර්ජාල භාවිතය සදහා ඇබ්බැහි වු පුද්ගලයන් තුල මොළයේ අසාමාන්‍යය රසායනික වෙනස්විම් දක්නට ලැබෙන බවය.





සාමාන්‍යය පුද්ගලයකු සමඟ සැසදිමේදි මොළයේ රැධිර සැපයුමෙහි පහත වෙනස්විම් දක්නට ලැබෙන බව හෙළී වි තිබෙනවා.මොළයේ සතුට දනවනු ලබන ප්‍රදේශ සදහා රැධිර සැපයුම වැඩි වි තිබෙන අතර දෘශ්‍යය සහ ශ්‍රවණ ප්‍රදේශ සදහා රැධිර සැපයුම අඩු වි තිබෙන බව සොයාගෙන තිබෙනවා.

එලෙසම ඩෝපැමින්(Dopamine) ලෙස හදුන්වනු ලබන රසායනික සම්ප්‍රේෂකය පරිවහනය කරනු ලබන එකක වල අඩු විමක් සිදුවන බවත් එමගින් මෙම රසායනික සම්ප්‍රේෂක උපාගම තුල එක් රැස්විම නිසා මොළයේ අසාමාන්‍ය උද්දිප්‍යයතාවයක් හටගන්නා බවද හෙලි වි තිබේ.

අන්තර්ජාල භාවිතය සදහා ඇබ්බැහි වුවන් තුල දක්නට ලැබෙන රෝග ලක්ෂන ලෙස ......

  • සීමා රහිත අන්තර්ජාල භාවිතය( දිනකට පැය 6 කට වඩා කාලයක් ළුලදායි නොවන අන්තර්ජාල භාවිතය)
  • වෘත්තීමය සහ අධ්‍යාපනික ,සමාජීය කටයුතු වල සැලකිය යුතු මට්ටමේ පහත වැටිමක් සිදුවිම.
  • මනෝභාවයේ සිදුවන වෙනස්විම්
  • මුල්‍යමය කළමනාකරණයකින් තොරව අන්තර්ජාල භාවිතය
එසේම මානසික ආතතිය,මත්ද්‍රව්‍යය වලට යොමුවිම , සියදිවි හානි කරගැනිම වැනි තත්වයන් සදහා ද මඟ පාදනබව අනාවරණය වි තිබෙනවා.

අප විසින් අවධාරණය කරගත යුතු කරැණ වන්නේ අන්තර්ජාලය ප්‍රයෝජනවත් සහ සීමාසහිතව භාවිත කිරිමයි.

ඔබත් අන්තර්ජාලයට ඇබ්බැහි වුවෙක්දැයි පරික්ෂා කිරිමට පහත ලින්කුවට පිවිසෙන්න.





0 comments:

Post a Comment