Friday, May 2, 2014


මිහිමත වෙසෙන දියුණුම සහ බුද්ධිමත්ම ජිවින් ලෙස හදුන්වනු ලබන්නේ මිනිසාය.ඊට හේතුව ලෙස දැක්විය හැක්කේ මිනිසාගේ ස්නායු පද්ධතියේ පවතින අපුර්ව හැකියාවයි.

මිනිස් ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය සරලව අවබෝධ කරගැනිම සදහා පළමුවෙන්ම එහි සරලම එකකයන් ලෙස හැදින්විය හැකි ස්නායු සෛල සහ එම පටකයන්ගේ ක්‍රියාකාරිත්වය හඳුනාගත යුතුය. 

ස්නායු පද්ධතියේ තැනුම් එකකය නියුරෝනයයි (ස්නායුසෛල).මිනිස් ස්නායු පද්ධතිය මෙම නියුරොන සෛල අතිවිශාල සංඛ්‍යාවකින් සමන්විත වුවකි.ස්නායු සෛල සකස් වි තිබෙනුයේ පණිවිඩ ලබාගැනිම හඳුනා ගැනිම සහ එවා සම්ප්‍රේෂනය කිරිම සදහාය.




නියුරෝන සෛලයක් විශේෂිත සෛල දේහයකින්
(cell body) සහ ඉන් ඉවතට විහිදෙන ප්‍රසර වලින් සමන්විත වේ.දිගු ප්‍රසරයන් අක්සනයන් (Axon) ලෙස හදුන්වනු ලබන අතර මෙම අකසනයන් වටා සම්බන්ධක පටක සකස් විමෙන් ස්නායු තන්තු නම් ව්‍යූහයන් සකස් වි තිබේ.

සමස්ත ස්නායු පද්ධතිය තුලම පණිවිඩ සම්ප්‍රේෂනය සිදුවනුයේ මෙම ස්නායු තන්තු තුලින්ය.ස්නායු තන්තු තුලින් පනිවිඩ සම්ප්‍රේෂනය සිදුවනුයේ විද්‍යූත් තරංගයක් (electrical impulse)ලෙසය.




නමුත් ස්නායු සෛල දෙකක් හෝ ස්නායු සෛලයක් සහ පේශි සෛලයක් හෝ ස්නායු සෛලයක් සහ සංවේදි ප්‍රතිග්‍රාහකයක් එකිනෙකට සම්බන්ධ වන ස්ථානය උපාගමය(synapse) ලෙස හදුන්වනු ලබයි. මෙම උපාගමයන් හරහා පණිවිඩ සම්ප්‍රේෂණය සිදුවන්නේ රසායනික ද්‍රව්‍යය මගිනි. මෙම රසායනික ද්‍රව්‍යය රසායනික ස්නායු සම්ප්‍රේෂක (Neurotransmitters) ලෙස හදුන්වනු ලබයි.

ස්නායු පද්ධතියේ සිදුවන මුලික ක්‍රියාකාරිත්වයන්  තවදුරටත් අවබෝධ කරගැනිම සදහා පහත power-point ඉදිරිපත් කිරිම භාගත කරගන්න.

භාගත කිරිමට පහත ලින්කුව යොදා ගන්න.

ස්නායු සෛලවල ව්‍යුහය සහ ක්‍රියාකාරිත්වය....


http://albiologysinhala.blogspot.com/

2 comments:

  1. වටිනා බ්ලොග් අඩවියක්. ඔබගේ උත්සාහය සාර්ථක වේවා. බොහෝ දරුවන්ට මෙම අඩවිය හරහා පහසුවෙන් පාඩම ඉගෙන ගන්න පුළුවන්. ඔබට ජය

    ReplyDelete
  2. ඉතා වටිනා ලිපියක්. neurotransmitters වර්ග ඒවායේ ක්‍රියාකාරිත්වය පිළිබද දැන ගැනීමට කැමතියි ඒ පිළිබද ලිපියක් ලබා දිය හැකිනම් මහත් සේ අගය කරමි. ස්තූතියි

    ReplyDelete