Friday, May 2, 2014


ඒකසෛලීක ජිවින්ගේ සිට මිනිසා දක්වා සියලුම ජිවින් උත්තේජ(stimulus) වලට ප්‍රතිචාර(reactions) දක්වනු ලබයි.උත්තේජයක් ලෙස හදුන්වනු ලබන්නේජිවින් තුල ප්‍රතිචාරයක් ජනිත කළ හැකි බාහිර හෝ දේහයේ අභ්‍යයන්තර පරිසරයේ සිදුවන කුමන හෝ වෙනස්විමකි.

කිසියම් උත්තේජයකට ප්‍රතිචාර දැක්විමට පළමුව ජිවින් විසින් එම උත්තේජ ප්‍රතිග්‍රහණය කරගත යුතුය. මේ සදහා ජිවින් තුල පවතින විශේෂ අවයවන් ප්‍රතිග්‍රාහක අවයව(receptors) ලෙස හදුන්වනු ලබයි. ජිවින් සිය ප්‍රතිග්‍රාහක අවයවයන් මගින් උත්තේජ ලබාගැනිමෙන් පසු මෙම උත්තේජ සදහා සුදුසු ප්‍රතිචාරයන් දැක්විමට නම් එවා විශ්ලේෂණය කොට හඳුනා ගත යුතුය.පසුව එම පණිවිඩ සුදුසු ක්‍රියාකාරි අවයවයන් (effectors) වෙත ලබාදිය යුතුය.
ප්‍රතිග්‍රාහකයන් සහ ක්‍රියාකාරි අවයවයන් අතර මනා සම්බන්ධතාවයක් පවත්වා ගැනිම“සමායෝජනය” ලෙස හදුන්වනු ලබයි.

 එසේම ජිවින්ගේ දේහය තුල අභ්‍යයන්තර පරිසර තත්වයන් දේහයට හිතකර (ප්‍රශස්ත) මට්ටමක පවත්වා ගත යුතුය.උදාහරණයක් ලෙස ඔබේ දේහ උෂ්ණත්වය, රැධිර පිඩනය,රැධිරයේ ග්ලුකෝස් මට්ටම වැනි සාධක පිළිබඳවද සිතා බලන්න.මෙම සාධක දේහය තුල වු කිසියම් යාන්ත්‍රණයන් මගින් නියමිත පරාසයක පවත්වා ගනු ලබයි.මෙසේ දේහයේ අභ්‍යයන්තර පරිසර සාධක නියමිත පරාසරයක පවත්වා ගැනිම “සමස්ථිතිය”ලෙස හදුන්වනු ලැබේ. 

දේහය තුල සමායෝජනය සහ සමස්ථිතිය පවත්වා ගැනිම සදහා සකස් වු සුවිශේෂි අවයව පද්ධතින් ලෙස ස්නායු පද්ධතිය(nervous system) සහ අන්තරාසර්ග පද්ධතිය(endocrine system) දැක්විය හැකිය.


  • ස්නායු පද්ධතිය --- විද්‍යුත් පණිවිඩ සම්ප්‍රේෂණය
  • අන්තරාසර්ග පද්ධතිය --- හෝර්මෝන(රසායනික ද්‍රව්‍යය) ස්‍රාවය කිරිම 


මෙම ලිපි මාලාව යටතේ උසස්පෙළ ජිවවිද්‍යාව නවවිෂය නිර්දේශයේ 7 වන එකකයට අනුරැප විෂය කරැණු රෑපසටහන් සහිතව අවබෝධ කරගත හැකි ලෙස power-point presentation භාවිතයෙන් ඉදිරිපත් කොටතිබේ.

ගැටලු සහගත කරැණු žඇතොත් එ පිළිබඳ ඔබගේ අදහස්(comments) ඉදිරිපත් කරන්න.


0 comments:

Post a Comment