Monday, May 19, 2014


සමස්ථිතිය යනු කුමක්දැයි අවබෝධ කරගැනිමට මත්තෙන් දේහයේ අභ්‍යයන්තර සහ බාහිර පරිසරයන් ලෙස හදුන්වනුනේ මොනවාදැයි හඳුනා ගනිමු...




දේහයේ සෛල වල ක්‍රියාකාරිත්වය සදහා වැදගත්වන සෛල අවට පරිසරය(පටක තරලය ) දේහයේ අභ්‍යයන්තර පරිසරය (Internal environment) ලෙස හදුන්වනු ලැබේ.දේහයට පිටතින් පවතින වටපිටාව බාහිර පරිසරය (external environment) ලෙස හදුන්වනු ලබයි.

දේහයේ අභ්‍යයන්තර පරිසරය තුල පවතින විවිධ රසායනික ද්‍රව්‍යයන්ගේ සාන්ද්‍රණය,උෂ්ණත්වය ,pH අගය වැනි සාධකයන් කිසියම් ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනිම මගින් දේහයේ කාර්යයන් වඩාත් කාර්යක්ෂම ලෙස සිදුකරගත හැකිය.එමෙන්ම මෙම සාධකයන් විවිධ පරාසයන්ගෙන් විචලනය විම නිසා මරණය පවා සිදුවිය හැකිය.....


සමස්ථිතිය ලෙස හඳුන්වනු ලබන්නේ......

දේහයේ අභ්‍යයන්තර පරිසරයේ (පටක තරලයේ) විවිධ සාධකයන් නියතව පවත්වා ගැනිම දේහයේ සමස්ථිතිය ලෙස හදුන්වනු ලැබේ.

දේහය තුල සමස්ථිතිය පවත්වා ගනු ලබන්නේ කේසේද?
දේහය තුල සමස්ථීතිය පවත්වා ගැනිම සදහා විවිධ අවයවයන්ගෙන් සැදුම්ලත් පාලක යාන්ත්‍රණයක් පවති.සෘණප්‍රතිපෝෂී යාන්ත්‍රණය ලෙස හදුන්වනු ලබන්නේ මේ සදහා වැදගත්වන එක් යාන්ත්‍රණයකි.

දේහයේ පවතින කිසියම් අභ්‍යයන්තර සාධකය වෙනස්විම මගින් ආරම්භ වන වෙනස්විමට ප්‍රතිවිරැද්ධ ක්‍රියාකාරිත්වයක් මගින් නැවතත් සමස්ථිතිය පවත්වා ගැනිම මෙහි ප්‍රධාන මුලධර්මයයි.

මෙම යාන්ත්‍රණය තුල පැහැදිලිව හඳුනා ගතහැකි ක්‍රියාකාරි අවයවයන් 3ක් පවති.
  • සංවේදි ප්‍රතිග්‍රාහක --- අභ්‍යයන්තර සාධකයේ වෙනස්විම් නිරන්තරයෙන් නිරික්ෂණය කරනු ලබයි.වෙනස්විම පිළීබද සංවේදන පාලකය වෙත යැවිම සිදුකරයි.
  • පාලක අවයවය --- සාධකයේ සිදුවන අපගමනය (Calculation of error) හඳුනා ගනිමින් සුදුසු ක්‍රියාකාරි අවයවයන් වෙත පණීවිඩ යැවිම සිදුකරයි.
  • ක්‍රියාකාරි අවයවය -- සංවේදනයට ප්‍රතිවිරැද්ධ ක්‍රියාකාරිත්වයක් මගින් දේහයේ සමස්ථිතිය පවත්වනු ලබයි.

i  සෘණප්‍රතිපෝෂී යාන්ත්‍රණය මගින් පාලනය වන සාධක කවරේද?
  • දේහ උෂ්ණත්වය
  • රැධීරයේ ග්ලුකෝස් මට්ටම
  • රැධීරයේ පරිමාව සහ විවිධ අයනයන්ගේ සාන්ද්‍රණය
වැඩිදුර අධ්‍යයනය කිරිම සදහා පහත Power-point ඉදිරිපත් කිරිම භාගත කරගන්න.
භාගත කිරිමට පහත ලින්කුව යොදාගන්න....

දේහයේ සමස්ථිතිය පවත්වා ගැනිම.....

0 comments:

Post a Comment