Thursday, September 18, 2014

හෘදරෝග,ආඝාතය වැනි රැධීර වාහිනි අවහිරවිම් නිසා හටගන්නා බොහෝමයක් රෝග තත්වයන් සදහා සුලභවම හේතු සාධකයක් වන තත්වයක් තමයි දේහයේ /රැධීරයේ අධීක කොලෙස්ටරෝල් මට්ටමක් පැවතිම.එ නිසා කොලෙස්ටරෝල් පිළිබද ප්‍රමාණවත් දැනුමක් තිබිම ගොඩක් වැදගත් වෙනවා.


කොලෙස්ටරෝල් යනු:
කොලෙස්ටරෝල් යනු සැම දේහ සෛලයක් තුලම දක්නට ලැබෙන වැදගත් ලිපිඩ ස්වරෑපයකි. කොලෙස්ටරෝල් දේහය තුල ප්‍රධාන කාර්යයන් ගණනාවක් සදහාම වැදගත් වෙනවා.

  • හොර්මෝන නිපදවිම සදහා - ලිංග හොර්මෝන,ඇල්ඩෙස්ටරෝන්, කොර්ටිසෝන්
  • විටමින් D නිපදවිම 
  • පිත (Bile) නිපදවිම -අක්මාව මඟින් කොලෙස්ටරෝල් භාවිත කරමින් මේද ජීර්ණය සහ විටමින් අවශෝෂණය සදහා වැදගත්වන පිත නිපදවනු ලබයි.
  • සෛලවල ප්ලාස්ම පටලයේ සංඝඨකයක් ලෙස වැදගත් වේ.
දේහය තුල සිදුවන බොහොමයක් කෘත්‍යයන් සදහා අවශ්‍යය කොලෙස්ටරෝල් මිනිස් අක්මාව මඟින් නිපදවනු ලබනවා.එමෙන්ම සමහර ආහාර ඔස්සේද දේහයට කොලෙස්ටරෝල් එකතු විම සිදු වෙනවා.
රැධිරය ඔස්සේ කොලෙස්ටරෝල් පරිවහනය වනුයේ ප්‍රෝටීන සමග එක්විමෙන් සැදුන ලිපෝප්‍රෝටීන අණු වශයෙනි.ලිපෝ-ප්‍රෝටීන වල අභ්‍යයන්තරයේ කොලෙස්ටරෝල් සහ ට්‍රයිග්ලිසරයිඩ ලෙස හදුන්වන ලිපිඩ කාන්ඩයන් අන්තර්ගත වේ.


LDL සහ HDL වශයෙන් කොලෙස්ටරෝල් අන්තර්ගත ප්‍රධාන ලිපෝප්‍රෝටීන ආකාර දෙකකි
LDL යනු රැධීරයේ පවතින අහිතකර කොලෙස්ටරෝල් ස්වරැපයයි. එමඟින් අක්මාවේ සිට කොල්සටරෝල් අවශ්‍යය වන දේහ සෛලයන් වෙත පරිවහනය කරනු ලබයි.අධීක LDL මට්ටමක් පැවතිම මඟින් රැධිරවාහිනි තුල මේවා තැම්පත්විමක් දැකිය හැකිය.මෙම ක්‍රියාවලිය  මේද තැම්පත්විම හෙවත් Atherogenesis ලෙස හදුන්වනු ලබන අතර එවා වර්ධනය විම මඟින් රැධීර වාහිනි අවහිර වි අවයව/පටක වලට පවතින ඔක්සිජන් සැපයුම අඩාළ වි අවයව අක්‍රීයවිම සිදු වේ.
HDL යනු දේහයේ පවතින හිතකර කොලෙස්ටරෝල් ස්වරෑපයයි. එමඟින් දේහයේ විවිධ කොටස්වල සිට අක්මාව වෙත කොලෙස්ටරෝල් නැවත පරිවහනය කිරිම මඟින් දේහයෙන් කොලෙස්ටරෝල් ඉවත්කිරිම සිදු කරනු ලබයි.

රැධීරය තුල කොලෙස්ටරෝල් මට්ටම අඩුකරගත යුත්තේ ඇයි?
කොලෙස්ටරෝල් මේ අයුරින් දේහ කාර්යයන් ගණනාවක් සදහා දායක වුවද රැධීරය තුල අධීක කොලෙස්ටරෝල් මට්ටමක් පැවතිම දේහයට අතිශයින් හානිකරය.
මක්නිසාද යත් අධීක කොලෙස්ටරෝල් මට්ටමක් පැවතිම සෘජුවම රෝග ලක්ෂණයන් ඇති නොකළද බොහොමයක් රෝග තත්වයන් සදහා වන අවධානම සැලකිය යුතු මට්ටමකින් වැඩිකරනු ලබයි.
විශේෂයෙන්රැධීරනාල වල මේද තැම්පත්විමේ සිට, කිරිටක ධමනි අවහිරවිම් නිසා හටගන්නා හෘදයාබාධ තත්වයන්,මොළයේ රැධීර නාල අවහිරවිම් නිසා හටගන්නා ආඝාත තත්වයන් සදහා වන අවධානම වැඩිකරනු ලබයි.
LDL මට්ටම වැඩිවිමට සාපේක්ෂව හෘදයාබාධ සදහා වන අවදානම වැඩිවේ.
HDL මට්ටම වැඩිවිමට සාපේක්ෂව හෘදයාබාධ සදහා වන අවධානම අඩු වේ.
එම නිසා රැධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ප්‍රශස්ත මට්ටමකව පවත්වා ගැනිම වැදගත් වේ.

දේහයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩිවිම සදහා හේතුවන තත්වයන් මොනවාද......
  • කොලෙස්ටරෝල් සහිත සංතෘප්ත මේදය,ට්‍රාන්ස් මේදය අධීක ආහාර ලබාගැනිම (විශේෂයෙන්ම සත්තව ආහාර ඔස්සේ සංතෘපත් මේදය දේහයට එක් වේ.)
  • අධීක තරබාරැභාවය:මේද තැම්පත්විම වැඩි වේ.
  • කායික ක්‍රියාකාරිත්වය අඩුවිම:මේද තැම්පත්විම වැඩි වේ.
  • වයස : වයස අවු 20 න් පමණ පසු දේහයේ කොලෙස්ටරෝල් මට්ටම ක්‍රමයෙන් වැඩිවිමට පටන්ගනි.
  • ස්ත්‍රී-පුරැෂ භාවය :කාන්තාවන් තුල ආර්තවහරනයෙන් පසුව ක්‍රමයෙන් වැඩිවිම සිදු වේ.
  • දුම්පානය කිරිම- HDL මට්ටම අඩුකරනු ලබයි.
  • රෝග තත්වයන් : දියැඩියාව,තයිරෝයිඩ් හොර්මෝනය අඩුවිම,සහ වෘක්ක ,අක්මාව සම්බන්ධ රෝග තත්වයන් වලදි කොලෙස්ටරෝල් මට්ටම වැඩිවිම සිදු වේ.
  • අධීක කොලෙස්ටරෝල් මට්ටමක් සහිත පවුල් ඉතිහාසයක් පැවතිම
  • ඖෂධ වර්ගයන් : thiazide,diuretics,beta-blockers,estrogen, steroids
දේහයේ කොලෙස්ටරෝල් මට්ටම පරික්ෂා කරන්නේ කේසේද:
පුද්ගලයකුගෙන් ගන්නා රැධීර සාම්පලයක් භාවිතයෙන් රැධීරයේ අඩංගු එක් එක් කොලෙස්ටරෝල්,ලිපිඩ අගයන් මැන බැලිම සිදු කරනු ලබයි.මෙම පරික්ෂාව සාමාන්‍යය වයාවහාරයේ කොලෙස්ටරෝල් පරික්ෂාව ලෙස හැදින්වුවද එහි නිවරදි නාමය වනුයේ ලිපිඩ පරික්ෂාව (Lipid profile ) යි.
(පරික්ෂාව සිදු කිරිමට පෙර සාමාන්‍යයෙන් පුද්ගලයකු පැය 8-10 ත් අතර කාලයක් නිරාහාරව සිටිම වැදගත් වේ.)
සාමාන්‍යයෙන් වයස අවු 20 ට වැඩි පුද්ගලයකු වසර 5කට වරක්වත් ලිපිඩ පරික්ෂාවක් කරගත යුතු අතර වයස අවු 35 වැඩි පිරිමි පුද්ගලයන් සහ වයස අවු 45 ට වැඩි කාන්තාවන් මෙම පරික්ෂාව පිළිබඳ වැඩි අවදානයක් යොමු කළ යුතුය.

ලිපිඩ පරික්ෂාවකින් හදුනාගනු ලබන ප්‍රදාන නිර්ණායකයන් කිහිපයකි.
  • සම්පුර්ණ කොලෙස්ටරෝල් මට්ටම (Total cholesterol)
  • LDL මට්ටම (අහිතකර කොලෙස්ටරෝල් මට්ටම)
  • HDL කොලෙස්ටරෝල් මට්ම (හිතකර කොලෙස්ටරෝල් මට්ටම)
  • ට්‍රයිග්ලිසරයිඩ මට්ටම (ආහාරයෙන් ලබාගන්නා සහ දේහය තුල අන්තර්ගත ප්‍රධාන මේද ස්වරෑපය) 
ලිපිඩ පරික්ෂාවකින් ලැබෙන අගයන් පමණක් භාවිත කිරිම මඟින් පුද්ගලයකුගේ සෞඛ්‍යය තත්වය පිළීබඳව නිගමනයකට එළබිම නුසුදුසු වේ.පුද්ගලයකු තුල පැවතිය යුතු කොලෙස්ටරෝල් මට්ටම තීරණය කිරිම සදහා වයස,වැළදි තිබෙන රෝග තත්වයන්,දේහ බර,දුම්පානය ,අධීරැධීර පීඩනය වැනි සාධකද සියල්ලද සැලකිල්ලට ගනිමින් එය සිදු කළ යුතුය.

ලිපිඩ පරික්ෂාවකින් එළඹිය හැකි නිගමනයන්.....
LDL :ප්‍රමාණය අඩුවන තරමට දේහයට හිතකරය
          :<100mg/dl- ප්‍රශස්ත මට්ටම
          :100-159mg/dl - අවදානම් මට්ටම 
          :160-169 mg/dl - අධීක LDL මට්ටමකි.
          :>190 mg/dl - ඉතා අධීක LDL මට්ටමකි.
නමුත් පුද්ගලයාගෙන් පුද්ගලයාට පවතින අවධානම අනුව පවත්වාගත යුතු LDL මට්ටම වෙනස් වන බව සැලකිය යුතුය.උදාහරණ ලෙස හෘදයාබාධ සදහා ඉතා ඉහළ අවධානමක් පවතින පුද්ගලයන් සදහා LDL මට්ටම 70mg/dl අඩු අගයක පවත්වා ගැනිම සුදුසු වේ.

HDL :ප්‍රමාණය වැඩිවිමට සාපේක්ෂව අවදානම  අඩු  වේ.
         :>60mg/dl - පැවතිම සුදුසු වේ.
         :40-59 mg/dl - සාමාන්‍යය ලෙස සැලකිය හැකිය.
         :<40mg/dl  -අඩු මට්ටමක් ලෙස සලකනු ලබයි.

සම්පුර්ණ කොලෙස්ටරෝල් මට්ටම:සියළුම ලිපිඩ අන්තර්ගතයන් අඩංගු වේ.
         :<200mg/dl - සාමාන්‍යය මට්ටම
         :201-240mg/dl - අවදානම් මට්ටම
         :>240mg/dl - අධීක කොලෙස්ටරෝල් මට්ටම

ට්‍රයිග්ලිසරයිඩ මට්ටම (Triglycerides level):
ට්‍රයිග්ලිසරයිඩ මට්ටම වැඩිවිමද හෘදයාබාධ සදහා වන අවධානම වැඩි කරනු ලබයි.
          :<150mg/dl - සාමාන්‍යය
          :.>150mg/dl - අධික ට්‍රයිග්ලිසරයිඩ මට්ටමකි.

දේ කොලෙස්ටරෝල් මට්ටම අඩුකරගැනිම සදහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කවරේද?
ආහාර පුරැදු වෙනස් කිරිම : සංතෘප්ත මේදය සහ කොලෙස්ටරෝල් අඩංගු ආහාර සීමාකිරිම.
දේහ ක්‍රියාකාරිත්වය නිසිපරිදි පවත්වා ගැනිම : දිනකට ප්‍රමාණවත් ලෙස ව්‍යායාමවල නිරතවිම.
කොලෙස්ටරෝල් මට්ටම අවම කරන ඖෂධ භාවිතය

දේහ කොලෙස්ටරෝල් මට්ටම අවම කිරිම සදහා වඩාත් සුදුසු ප්‍රතිකාරය වනුයේ ආහාර පුරැදු වෙනස්කිරිමත් සමඟ කොලෙස්ටරෝල් මට්ටම අඩුකරන ඖෂධයන් භාවිතයයි.

කොලෙස්ටරෝල් මට්ටම අඩුකරන ඖෂධයන් මොනවාද?
කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරිම සදහා භාවිත කරනු ලබන ප්‍රධාන ඖෂධ කාණ්ඩය වනුයේ ස්ටැටින් (Statins) :
Statin මඟින් අක්මාවෙන් කොලෙස්ටරෝල් නිපදවිම අවහිර කරනු ලබන අතර LDL,ට්‍රයිග්ලිසරයිඩ මට්ටම අඩුකරනු ලබයි.
තවද සුළු වශයෙන් HDL මට්ටම වැඩිකිරිමද සිදු කරනු ලබයි.
එබැවින් හෘදයාබාධ සදහා වන අවදානම අඩුකිරිම සදහා වැදගත් වේ.
ප්‍රධාන අතුරැ ආබාධයන් ලෙස ආහාර මාර්ගයේ ඇතිවන සුළු අසාමාන්‍යයතාවයන් සහ පේශි පටකවල හටගන්නා අසාමාන්‍යයතාවයන් දැක්විය හැකිය.
Statin කාණ්ඩයට අයත් සුලභවම භාවිත කරනු ලබන ඖෂධ වනුයේ:
Atrovastatin ,Lovastatin,Simvastatin

අනෙක් ඖෂධ වර්ග වනුයේ:
Niacin(නිකොටිනික් අම්ලය) - විටමින් B කාණ්ඩයට අයත් වේ.ආහාර තුලද අන්තර්ගත වේ.එමඟින් LDL මට්ටම අඩුකරන අතර HDL මට්ටම වැඩිකරනු ලබයි.

Fibrates (ෆයිබ්‍රරේට්ස්): ට්‍රයිග්ලිසරයිඩ නිපදවිම අඩුකරන අතරම HDL මට්ටම වැඩිකිරිමට දායක වේ.උදා- Atromid,Tricor

පිත් අම්ල රෙසින(Bile Acid Resins) ආහාර මාර්ගය තුල ක්‍රියාකරමින් පිත් අම්ල නැවතත් රැධීරයට අවශෝෂණය විම වළක්වමින් දේහයේ කොලෙස්ටරෝල් සදහා පවතින ප්‍රදාන සැපයුම් මාර්ගයක් අවහිර කරනු ලබයි.උදා - Colestid,Welchol

2 comments: