Tuesday, September 16, 2014

බහුවරණ ප්‍රශ්න විසදිම සදහා අත්වැලක් (Mcq points) - සෛලීය ශ්වසනය

ජිවින් තුල ශක්ති අවශ්‍යයතාවය:
ජිවින් තුල සිදුවන සියළුම ජිවක්‍රියාවලින් සදහා ශක්තිය අවශ්‍යය වේ.
ජිවින් තුල සිදුවන සංස්ලේෂණ ක්‍රියාවලින් සංවෘත්තිය ප්‍රතික්‍රියා ලෙස හදුන්වනු ලබයි.
ජිවින් තුල පවතින සිදුවන බිදහෙලිමේ ප්‍රතික්‍රියා අපවෘත්තීය ප්‍රතික්‍රියා ලෙස හදුන්වනු ලබයි.
සංවෘත්තීය සහ අපවෘත්තීය ක්‍රියාවලින් සියල්ලම එක්ව ගත් කළ ජිවින්ගේ පරිවෘත්තිය (metabolism) ලෙස හදුන්වනු ලබයි.
සංවෘත්තීය සහ පරිවෘත්තිය ක්‍රියාවලින් එන්සයිම උත්ප්‍රේරිත ප්‍රතික්‍රියා ලෙස සිදු වේ.
ජිවින් තුල සිදුවන පරිවෘත්තිය ක්‍රියාවලින් සදහා අවශ්‍යය ශක්තිය සපයනු ලබන්නේ ATP ලෙස හදුන්වනු ලබන අණු මඟිනි.

ජිවින් තුල ශක්ති සම්බන්ධතා:
ජිවින් තුල පවතින ශක්තියේ මුල් ප්‍රභවය සුර්යය ශක්තියයි.
පරිසරයේ සිට සුර්යය විකිරණ ඔස්සේ ජිවි පද්ධති තුලට ශක්තිය ගලා යයි.
ප්‍රභාසංස්ලේෂී ජිවින් එම ශක්තිය ප්‍රතිග්‍රාහණය කරමින් කාබනික ආහාර තුල ගබඩා කරනු ලබයි.
ජිවි පද්ධති තුල සිදුවන ප්‍රධාන සංවෘත්තීය ක්‍රියාවලිය ප්‍රභාසංස්ලේෂණය වේ.
මෙලෙස තැම්පත් වන්නේ සුර්යය ශක්තියෙන් 1%ක් පමන සුළු සංඛයාවකි.
මෙලෙස කාබනික ආහාර තුල තැම්පත් වු ශක්තිය සෛල තුලදි බිඳහෙලිම මඟින් නිදහස් වන ශක්තිය සෛල තුලදි භාවිතයට ගතහැකි ATP අණූ බවට පත් කරනු ලබයි.
ජිවි පද්ධති තුල සිදුවන ප්‍රදාන අපවෘත්තීය ක්‍රියාවලිය ශ්වසනයයි.

ATP: ඇඩිනොසින් ට්‍රයි පොස්පේට්
සියළුම සෛල ක්‍රියාවන් සදහා භාවිත කරනු ලබන ශක්ති ස්වරෑපයයි.
සියළුම ජිවින් තුල සෛලවල ශක්ති අවශ්‍යයතා සපුරනු ලබයි.එබැවින් සාර්වශක්ති වාහකයා ලෙස ක්‍රියා කරනු ලබයි.
නියුක්ලියොටයිඩයකි.පියුරින් භෂ්මයක් වන ඇඩිනින් ,රයිබෝස් පෙන්ටෝස් සීනි අණූවක් සහ පොස්පේට් කාණ්ඩ තුනකින් සමන්විත වේ.
ATP අණූවක අධීශක්ති බන්ධන 2 ක් අන්තර්ගත වේ.එ එක් බන්ධනයක් ජලවිච්ජේදනය විමේදි (බිදිමේදි) 30.6kj/mol (7.3kcal/mol) ශක්තියක් නිදහස් වේ.
ATP අණූවක අඩු ශක්ති බන්ධනය බිඳමේදි 13.8kj/mol ශක්තියක් නිදහස් වේ.
බොහෝමයක් ජෛවීය ප්‍රතික්‍රියා සදහා තුන්වන (අවසාන) පොස්පේට් කාණ්ඩය බිදමෙන් නිදහස් වන ශක්තිය (ATP – ADP) භාවිත කරනු ලබයි.
ATP සචල අණුවක් වන අතර පහසුවෙන් ශක්තිය නිදහස් කර නැවත සකස්විමට හැකිය.
සෛල තුල ප්‍රභාසංස්ලේෂණයේ ආලෝක ප්‍රතික්‍රියාව තුලදි,ස්වායු සහ නිර්වායු ශ්වසන ක්‍රියාවලින් තුලදි ATP නිපදවිම සිදු වේ.
ATP නිපදවිම සිදුවන ප්‍රදාන ආකාරයන් තුනකි.
v     උපස්තරපොස්පොරයිලීකරණය - ග්ලයිකොලිසිය/ක්රේබ්ස් චක්‍රය
v     ඔක්සිකාරක පොස්පොරයිලීකරණය - ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය
v     ප්‍රභාපොස්පොරයිලීකරණය - ප්‍රභාසංස්ලේෂණයේ ආලෝක ප්‍රතික්‍රියාව

ATP synthase යනු මයිටකොන්ඩ්‍රියා අභ්‍යයන්තර පටලය මත පවතින ADP වලින් ATP නිපදවිම සදහා වැදගත් වන ප්‍රධාන ATP ජනක එන්සයිමයයි.
Adenyl Cyclase නම් එන්සයිමය මඟින් ATP –CAMP බවට හරවනු ලබන අතර CAMP සෛලය තුල ද්විතික පණිවිඩකාරක අණූවක් ලෙස ක්‍රියාකරනු ලබයි.
සෛල තුල පවතින ATP/AMP අනුපාතය මඟින් සෛලයේ පවතින ශක්ති මට්ටම (Energy state) නිරෑපණය වන අතරම එය සෛලවල පරිවෘත්තිය ක්‍රියා පාලනය සදහා නිර්ණායකයක් ලෙසද ක්‍රියාකරනු ලබයි.

සෛලීය ශ්වසනය (Cellular respiration):
සජිවි සෛල තුලදි කාබනික ආහාර පියවරෙන් පියවර ක්‍රමානූකූලව ඔක්සිකරණය කර එවා බිදහෙලිමෙන් ලැබෙන ශක්තිය ජිවි ක්‍රියාවලදි ප්‍රයෝජනයට ගතහැකිවන ලෙස ATP වල අඩංගු බන්ධන ශක්තිය බවට පත්කරලිමේ ජෛවරසායනික ප්‍රතික්‍රියා මාලාව සෛලීය ශ්වසනයයි.

ශ්වසනය මඟින් කාබනික සංයෝග තුල වු ශක්තිය නිදහස් වේ.
සෛලීය ස්වසනයේදි බිදහෙලිම සදහා භාවිත කරනු ලබන කාබනික සංයෝගය ශ්වසනය උපස්තරයයි.
ජිවින් තුල මුලික ශ්වසන උපස්තරය ග්ලුකෝස්ය.
මීට අමතරව පිෂ්ඨය,ප්‍රෝටීන,ලිපිඩ යන කාබනික සංයෝගයන්ද ශ්වසන උපස්තර ලෙස භාවිත කරනු ලබයි.
ඉහළශක්තිජනක අගයක් සහිත ශ්වසන උපස්තරය වන්නේ මේදයයි.එනම් මේදය අණු මවුලයක් බිඳහෙලිමෙන් නිදහස්වන ශක්තිය ප්‍රමාණය ග්ලුකෝස් අණු මවුලයක් බිඳහෙලිමෙන් නිදහස් වන ශක්තිය මෙන් තුන් ගුණයකි.
සෛලීය ශ්වසනයේදි උපස්තරය බිදහෙලිමේදි පිටවන ශක්තියෙන් සියල්ලම ATP අණූ තුල අන්තර කිරිම සිදුනොවන අතර ඉන් කොටසක් තාපය ලෙසද අනෙක් අතුරැළුලවල බන්ධන ශක්තිය ලෙසද හානිවිම සිදු වේ.
ජිවින් තුල සෛලීය ශ්වසනය සිදුවන ප්‍රදාන ආකාර දෙකකි.
සෛලවලට ප්‍රමාණවත් ඔක්සිජන් සැපයුමක් පවතිනවිට සිදුවන ශ්වසනය ස්වායු ශ්වසනයි.
බොහෝජිවින් සම්බන්ධ වඩා සුලභ ශ්වසන ක්‍රමය ස්වායු ශ්වසනයයි.
ඔක්සිජන් සම්බන්ධවිමක් නොමැතිව සෛල ප්ලාස්මය තුලදි පමණක් සිදුවන ශ්වසනය නිර්වායු ශ්වසනය ලෙස හදුන්වනු ලබයි.
නිර්වායු ශ්වසනය යීස්ට් ,බැක්ටීරියා සහ සමහර අවස්ථාවල ශාක සහ සත්තව සෛල තුලත් සිදු වේ.


0 comments:

Post a Comment