Thursday, September 11, 2014

මිනිසාට තමා අවට පවතින පරිසරය නිවැරදිව දැකිම සහ හදුනාගැනිම සදහා වැදගත්වන වඩාත් සංකීර්ණ මෙන්ම  අපුර්ව ක්‍රියාකාරිත්වයක් සහිත සංවේදි අවයවය වනුයේ ඇසයි.


වෙනත් ජිවින් තුල හමුවන ආලෝක සංවේදි අවයව....
පහළ පරිණාමික ජිවින් තුල ආලෝකය සංවේදනය කිරිම සදහා අක්ෂී ලප,සරල ඇස්,සංයුක්ත ඇස් වැනි සරල අවයවයන් දක්නට ලැබුණ අතර සත්තව පරිණාමයේ මුලින්ම ප්‍රකාශ ප්‍රතිග්‍රාහක සහිත සංවේදි අක්ෂීලප දක්නට ලැබෙන්නේ සිලෙන්ටරාටා වංශීකයන් තුලය.උදා -ලොඩියන්ගේ අක්ෂී ලප
පැතලි පණුවන් - සංවේදි අක්ෂී ලප
ඇනෙලිඩා සහ මොලුස්කාවන් තුල -සරල ඇස්
ආත්‍රොපෝඩා වංශිකයන් තුල - සරල /සංයුක්ත ඇස්

මිනිසාගේ ඇසේ ව්‍යූහය........


මිනිස් ඇස විෂ්කම්භය 25mm පමණ වන ගෝලාකාර ව්‍යූහයක් වන අතර එහි පිටත පෘෂ්ඨයට සවිවි පවතින අක්ෂි පේශී මඟින් ඇස හිස්කබලේ අක්ෂී කුහරයට සම්බන්ධව පවති.
අක්ෂීගෝලයේ බිත්තිය පිටත සිට ඇතුළතට පිළීවෙළින් ශ්වේතඝන ස්ථීරය ,රැධීරග්‍රාහිය සහ දෘෂ්ඨී විතානය යන ස්තර 3 කින් සමන්විත වේ.
අක්ෂීගෝලයේ පුර්ව කලාපය තුලදි ශ්වේතඝන ස්තරය පාරදෘශ්‍යය ස්වච්ජය බවට පත්වෙමින් ඇස තුලට ආලෝකය ඇතුල්විමට සලස්වනු ලබයි.
ඇස අභ්‍යයන්තරයේම පවතින දෘෂ්ඨී විතානය ආලෝකය ප්‍රතිග්‍රහණය/සංවේදනය කිරිම සදහා වැදගත්වන කේතු සහ යෂ්ටි සෛල ලෙස හදුන්වන ප්‍රකාශප්‍රතිග්‍රාහක සෛල දරනු ලබයි.දෘෂ්ටිවිතානය තුල ප්‍රකාශ ප්‍රතිග්‍රාහක සෛල මඟින් ආලෝකය සංවේදනය කිරිමෙන් පසුව එවා ස්නායු පණිවිඩ බවට හැරවිම සදහා වැදගත්වන ස්නායු සෛල ස්තරයක්ද දෘෂ්ඨී විතානය තුල පවති.
එ අනුව දෘෂ්ටිවිතානය තුල මුලික සෛල ස්තර දෙකක් පවති.

  • කේතු සහ යෂ්ටි සෛල වලින් සමන්විත ප්‍රකාශ ප්‍රතිග්‍රාහි සෛල ස්තරය
  • ද්විධ්‍රැව නියුරෝන සහ ගැන්ග්ලියා සෛලවලින් සමන්විත ස්නායු සෛල ස්තරය -- ප්‍රකාශ ප්‍රතිග්‍රාහි සෛලවලින් ලැබෙන පණීවිඩයන් ස්නායු පණවිඩයන් බවට හරවනු ලබයි.දෘෂ්ටි විතානයේ වු සෛල වලින් ක්‍රියා විභවයක් ජනනය කළහැකි එකම සෛල කාණ්ඩය වනුයේ ගැන්ග්ලිය සෛලයන්ය.

ස්නායු සෛලවල අක්සනයන් එක්විමෙන් සැදෙන දෘෂ්ඨීක ස්නායුව අක්ෂීගෝලයේ පිටුපසින් ආරාම්භ වි අපර කපාල ඛණ්ඩිකාවේ පිහිටි පෙනිම සදහා වැදගත්වන දෘෂ්ඨික ප්‍රදේශය වෙතට පනීවිඩ රැගෙන යනු ලබයි.


වැඩිදුර අධ්‍යයනය කිරිම සදහා පහත Powerpoint/PDF ඉදිරිපත් කිරිම භාගත කරගන්න.
භාගත කිරිම සදහා පහත ලින්කුව භාවිත කරන්න.

මිනිස් ඇසේ ව්‍යුහය සහ ක්‍රියාකාරිත්වය

5 comments: