Wednesday, September 17, 2014

බහුවරණ ප්‍රශ්න විසදිම සදහා අත්වැලක් (Mcq points) – සෛලීය ශ්වසනය 2


vසුලභ ශ්වසන උපස්තරය වන ග්ලුකෝස් ඔක්සිජන් ඇතිවිටදි ඔක්සිකරණය විම පියවර 3ක් ඔස්සේ සිදු වේ.
vග්ලයිකොලිසිය (Glycolisis)
vක්‍රෙබ්ස් චක්‍රය (kreb`s cycle)
v ඉලෙක්ට්‍රෝන පරිවහනය දාමය (Electron transport chain)

ග්ලයිකොලිසිය:


vසෛල ප්ලාස්මය තුලදි සිදු වේ.
vග්ලයිකොලිසිය සදහා අවශ්‍යය එන්සයිම සෛල ප්ලාස්මය තුල පවති.
vඔක්සිජන් අවශ්‍යය නොවන බැවින් නිර්වායු ක්‍රියාවලියකි.
vග්ලුකොස් අණූවක් (C6) පියවර 10 කින් සමන්විත රසායනික ප්‍රතික්‍රියා ශ්‍රේණීයක් මඟින් බිද හෙලිමෙන් පයිරැවික් අම්ල අණු (C3) දෙකක් බවට පත් වේ.
vසැම ප්‍රතික්‍රියාවක්ම එන්සයිම මගින් උත්ප්‍රේරණය වේ.
vග්ලුකෝස් අණූවක් පයිරැවික් අම්ල අණු දෙකක් බවට බිදහෙලිම ග්ලයිකොවිච්ජේදනය ලෙස හදුන්වනු ලබයි.
vග්ලයිකොලිසිය ආරාම්භක ප්‍රතික්‍රියා සදහා ATP අණූ 2ක් වැය වේ.එක් පියවරකදි ATP අණූව බැඟින් පියවර දෙකකදි ATP අණූ වැය වේ.
vඋපස්තරය බිදවැටිමෙන් නිදහස්වන අධීශක්ති ඉලෙක්ට්‍රෝන සහිත H2 , NAD+ මඟින් ප්‍රතිග්‍රහණය කොට NADH2  අණු 2ක් සාදනු ලබයි.මෙය උපස්තරඩිහයිඩ්‍රජනීකරණයයි.
vග්ලයිකොලිසියේ අවසන් ප්‍රතික්‍රියා වලදි එක් පියවරකදි 2 බැඟින් පියවර දෙකකදි ATP අණූ 4ක් නිපද වේ.
vඑමනිසා ග්ලයිකොලිසියේදි ශුද්ධ ATP ලාභය 4-2=2ATP වේ.
vග්ලයිකොසියේදි ATP නිපදවනුයේ උපස්තරපොස්පෝරයිලීකරණය මඟිනි.
vග්ලයිකොලිසියේදි කාබොක්සිහරණයක් එනම් උපස්තරය බිදවැටිමේඳි Co2 පිටවිමක් සිදු නොවේ.
vග්ලයිකොලිසියේ අවසානයේදි ළුලය වශයෙන් 2ATP , 2NADH2 සහ අන්තළුලය වන පයිරැවික් අම්ල අණු දෙකක් සැදි තිබේ.
vසෛල තුලට ප්‍රමාණවත් ඔක්සිජන් සැපයුමක් පවතින විට ග්ලයිකොලිසිය අවසානයේදි සැදෙන පයිරැවික් අම්ලය තවදුරටත් ඔක්සිකරණය විම සදහා මයිටකොන්ඩ්‍රියා තුලට ඇතුළු වේ.

ක්‍රෙබ්ස් චක්‍රය (Crabe`s cycle):

vමෙහිදි සිදුවන ප්‍රතික්‍රියා අනුපිළිවෙළ විස්තර කරන ලද්දේ හාන්ස් ක්‍රේබ්ස් නැමැත්තකු විසිනි.
vමයිටකොන්ඩ්‍රියා පුරකය තුල සිදු වේ.
vඅවශ්‍යය එන්සයිම මයිටකොන්ඩ්‍රියා පුරකය තුල පවති.
vමෙය සිදුවිම සදහා ප්‍රමාණවත් ඔක්සිජන් සැපයුමක් පැවතිම අවශ්‍යය බැවින් ස්වායු ක්‍රියාවලියක් ලෙස හදුන්වනු ලබයි.
vමෙහිදි ග්ලයිකොලිසියෙන් සැදුන පයිරැවික් අම්ල අණු සම්පර්ණයෙන්ම ඔක්සිකරණය වි අන්තළුල ලෙස Co2 සහ H2O සැදේ.
vග්ලයිකොලිසිය අවසානයේදි සැදෙන පයිරැවික් අම්ල අණු මයිටකොන්ඩ්‍රියා තුලට ඇතුළු විමෙන් පසු එහි අන්තර්පටල අවකාශය තුලදි සහ-එන්සයිම් A සමඟ එක්විමෙන් ඇසිටයිල් සහ එන්සයිම් -A (C2) සැදේ.

vමෙහිදි Co2 පිටවිමක් හෙවත් කාබොක්සිල්කරනයක් සිදුවන අතර NAD+ ,NADH2 බවට ඔක්සිහරණය විමක්ද සිදු වේ.
vමෙම ප්‍රතික්‍රියාව සුදානම් කිරිමේ ප්‍රතික්‍රියාව ලෙසද හදුන්වනු ලබයි.
vඑ අනුව මෙම ප්‍රතික්‍රියාව අවසානයේදි ග්ලුකෝස් අණූවකින් ඇසිටයිල් සහ-එන්සයිම් අණු 2ක් ,2Co2, සහ 2NADH2 සැදේ.
vප්‍රතික්‍රියාවේ අවසානළුලය වන ඇසිටයිල් සහ එන්සයිම් A චක්‍රියව සිදුවන ප්‍රතික්‍රියාමාලාවකට සහභාගි වේ.


vඇසිටයිල් සහඑන්සයිම් A මයිටකොන්ඩ්‍රියා පුරකය තුල වු ඔක්සලෝ ඇසිටික් අම්ලය (OAA/C4) සමඟ ප්‍රතික්‍රියා කොට C6 සහ -COOH කාන්ඩ 3ක් සහිත සිට්රික් අම්ලය බවට පත් වේ.
vක්‍රේබ්ස් චක්‍රයේදි සැදෙන මුල්ම සංයෝගය සිට්රික් අම්ලයයි.
vඑබැවින් ක්‍රේබ්ස් චක්‍රය සිට්රික් අම්ල චක්‍රය,ට්‍රයි කාබොක්සිලික් අම්ල චක්‍රය ලෙසද හදුන්වනු ලබයි.
vසිට්රික් අම්ලය සංකීර්ණ ප්‍රතික්‍රියා මාලාවකට සහභාගි විමෙන් පසු නැවතත් OAA ප්‍රතිජනනය විම සිදු වේ.
vක්‍රේබ්ස් චක්‍රය තුලදි කාබොක්සිල්කරණයක් සිදු වේ .එනම් Co2 අණූ 4ක් සැදේ.
vඋපස්තර ඩිහයිඩ්‍රජනීකරණය මගින් ග්ලුකෝස් අණුවකින් 6NADH2 සහ 2FADH2 සැදේ.
vඋපස්තර පොස්පොරයිලිකරණය මඟින් 2ATP සැදේ.
vක්රේබ්ස් චක්‍රයේ අන්තළුල වනුයේ 4Co2, 2H2o, 2ATP, 2FADH2, 6NADH2

ඉලෙක්ට්‍රෝන පරිවහන පද්ධතිය (Electron transport chain):

v මයිටකොන්ඩ්‍රියාවල අභ්‍යයන්තර පටලය මත සිදු වේ.
v ග්ලුකෝස් අණු බිද හෙලිමෙන් ලැබුණ ශක්තියෙන් වැඩි ප්‍රමාණයක් NADH2 සහ FADH2 තුල වු අධී ශක්ති ඉලෙක්ට්‍රෝන තුල අන්තර්ගත වේ.
vමයිටකොන්ඩ්‍රියා අභ්‍යයන්තර පටලය මත වු විශේෂ ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක ශ්‍රේණීය ඔස්සේ මෙම ඉලෙක්ට්‍රෝන ගමන් කිරිමේදි ශක්තිය (H+) නිදහස් වේ.
vමෙසේ නිදහස් වන ශක්තිය භාවිතයෙන් මයිටකොන්ඩ්‍රියා අභ්‍යයන්තර පටලය මත වු ATPsynthase මඟින් ADP අණූවලට අධීශක්ති පේස්පේට් කාණ්ඩයක් එක් කරමින් ATP නිපදවිම සිදු කරනු ලබයි.


vඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක ශ්‍රෝණීයේ I සංකීර්ණය මඟින් NADH2 ඔක්සිකරණය කිරිම මඟින් ඉලෙක්ට්‍රෝන ලබාගනි.
vFADH2 වලින් ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රහණය කරනු ලබන්නේ II ප්‍රතිග්‍රාහක සංකීර්ණය මඟිනි.
vI සහ II සංකීර්ණ වලින් ලබාගන්නා ඉලෙක්ට්‍රෝන සහ එන්සයිම් Q ඔස්සේ III ප්‍රතිග්‍රාහක සංකීර්ණයට ඉලෙක්ට්‍රෝන ලබා දේ.
vIII වන ප්‍රතිග්‍රාහක සංකීර්නයේ සිට ඉලෙක්ට්‍රෝන් සයිටකොම් C අණු වෙතටත් එ ඔස්සේ IV වන ප්‍රතිග්‍රාහක සංකීර්ණය වන සයිටක්‍රෝම් C ඔක්සිඩේස් වෙතටත් ඉලෙක්ට්‍රෝන පරිවහනය වේ.


vඉලෙක්ට්‍රෝන පරිවහන දාමයේ අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා වනුයේ O2 ය.
vඔක්සිජන් ඉලෙක්ට්‍රෝන (2e +2H+) ලබාගනිමින් ජලය බවට පත් වේ.එනම් ශ්වසනයේදි ලබාගන්නා ඔක්සිජන් අන්තර්ගත වන්නේ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය අවසානයේදි සැදෙන ජලය තුලය.
vඉලෙක්ට්‍රෝන පරිවහන දාමයේදි ATP නිපදවිම සිදුවන්නේ ඔක්සිකාරක පොස්පොරයිලිකරණයක් මඟිනි.ATP නිපදවිම සදහා ඔක්සිජන් අවශ්‍යය වේ.
vඉලෙක්ට්‍රෝන පරිවහන දාමයේදි NADH2 අණුවකින් ATP අණු 3ක් නිපදවිය හැකිය.
vFADH2 අණූවකින් ATP අණූ දෙකක් නිපදවිය හැකිය.
vස්වායු ශ්වසනයේ වැඩිම ATP සංඛ්‍යාවක් (34 ATP) සැදෙන්නේ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයේදි මයිටකොන්ඩ්‍රියා අභ්‍යයන්තර පටල අවකාශය තුලදිය.

ස්වායු ශ්වසනයේදි නිපදවන සමස්ත ATP ප්‍රමාණය:
ග්ලයිකොලසියේදි =  ශුද්ධ  2 ATP
                             2NADH2 =6 ATP
ක්‍රේබ්ස් චක්‍රයේදි   = කෙලින්ම      2 ATP
                            8NADH2 =24 ATP
                            2FADH2 = 4 ATP
ශුද්ධ ATP නිෂ්පාදනය =38 ATP
vස්නායු සෛල වැනි සෛල තුල ශුද්ධ ATP ලාභය 36 ක් වේ. ග්ලයිකොලිසියේදි නිපදවෙන 2NADH2 මයිටකොන්ඩ්‍රියා වෙතට ලබාදිමට 2ATP අණූ වැයවිම ඊට හේතුවයි.



ස්වායු ශ්වසනයේ කාර්යක්ෂමතාවය සෙවිම:
vග්ලුකොස් අණූ මවුලයක් සම්පුර්ණයෙන් ඔක්සිකරණය විමේදි -2880kJ/mol(720kcal/mol) ශක්ති ප්‍රමාණයක් නිදහස් වේ.
vස්වායු ශ්වසනයේ කාර්යක්ෂමතාවය 40.37%{(30.6×38)/2880} ක් වේ.
vග්ලයිකොලිසියේ කාර්යක්ෂමතාවය 2% {(30.6×2)/2880}

නිර්වායු ශ්වසනය(පැසිම):
vඔක්සිජන් නොමැතිව හෝ ඔක්සිජන් වල අවශ්‍යයතාවයක් නොමැතිව සිදු වේ.
vයීස්ට් සහ බැක්ටීරියා සෛලවල ශක්තිය නිපදවා ගැනිම සදහා ප්‍රධාන ලෙස භාවිත කරනු ලබයි.
vඔක්සිජන් නොමැති තත්ව යටතේ ශාක සහ සත්තව සෛල තුලද සිදු වේ.
vග්ලුකෝස් අසම්පුර්ණ ඔක්සිකරණයකට ලක් වේ.ග්ලයිකොලිසිය අවසානයේදි සැදෙන පයිරැවික් තවදුරටත් ඔක්සිකරණය නොවේ.
vශාක සහ යීස්ට් සෛලවල නිර්වායු ශ්වසනයේදි අන්තළුලය ලෙස එතිල් මධ්‍යසාරය සැදිම සිදු වේ.මෙය මධ්‍යසාර පැසිමයි.
vමධ්‍යසාර පැසිමේදි පළමුව පයිරැවික් අම්ලය ඇසිටැල්ඩිහයිඩ් බවට පත් කරනු ලබන අතර එහිදි කාබෝක්සිල්කරණයක් සිදු වේ.
vදෙවනුව ඇසිටැල්ඩිහයිඩ් ග්ලයිකොලිසියේදි සැදුන NADH2 භාවිත කරමින් එතිල් මධ්‍යසාරය බවට ඔක්සිහරණය කරනු ලබයි.
vමධ්‍යසාර පැසිමේදි අවසන් ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා ලෙස ක්‍රියාකරනු ලබන්නේ ඇසිටැල්ඩිහයිඩ් නම් කාබනික සංයෝගයයි.
vමධ්‍යසාර පැසිමේදි ATP ලාභය දෙකකි.
vමධ්‍යසාර පැසිමේ කාර්යක්ෂමතාවය 29.14% {(2×30.6)/210} කි.
vසත්තව සහ බැක්ටීරියා සෛල තුල නිර්වායු ශ්වසනයේදි අන්තළුලය ලෙස ලැක්ටික් අම්ලය සැදේ.මෙය ලැක්ටික් අම්ල පැසිම ලෙස හදුන්වනු ලබයි.
vලැක්ටික් අම්ල පැසිමේදි පයිරැවික් අම්ලය ග්ලයිකොලිසියේදි සැදුන ATP ද භාවිත කරමින් ලැක්ටික් අම්ලය බවට ඔක්සිකරණය වේ.
vලැක්ටික් අම්ල පැසිමේදි නිපදවන ATP ප්‍රමාණය 2කි.
vලැක්ටික් අම්ල පැසිමේ කාර්යක්ෂමතාවය 40.8%{(30.6×2)/150}කි.
vලැක්ටික් අම්ල පැසිමේ අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා පයිරැවික් අම්ලයයි.
vපැසිමේදි ඉලෙක්ට්‍රෝන දායකයන් සහ ප්‍රතිග්‍රාහකයන් ලෙස ක්‍රියාකරනුයේදි කාබනික සංයෝගයන්ය.
vයීස්ට් (Saccharmy cerevisias) ස්වායු ශ්වසනය පෙන්වන මුත් O2 නොමැති විට නිර්වායු ක්‍රියාකාරිත්වයක් පෙන්වන බැවින් වෛකල්පිත නිර්වායු ජිවින් වේ
vClostridium වැනි බැක්ටීරියා වලට ඔක්සිජන් විෂ සහිත බැවින් අනිවාර්ය නිර්වායු ජිවින් වේ.
vLactobacillus නම් බැක්ටිරියාව මඟින් සිදුකරනු ලබන කිරිවල පැසිම ලැක්ටික් අම්ල පැසිම (නිර්වායු ශ්වසනය) සදහා උදහරණයකි.
vග්ලයිකොලිසිය ස්වායු සහ නිර්වායු යන ක්‍රියාවලින් දෙකටම පොදු ක්‍රියාවලියකි.

ශක්තිය නිපදවිම සදහා භාවිතවන ශ්වසන උපස්තර:
vප්‍රධානම ශ්වසන උපස්තරය වනුයේ ග්ලුකෝස්ය.
vග්ලුකෝස් ග්ලයිකොලිසිය ඔස්සේ ස්වායු ශ්වසනයට දායක වේ.
vමේද (ලිපිඩ) ශ්වසන උපස්තර ලෙස භාවිත කිරිමේදි ඇසිටයිල් සහ එන්සයිම් A ලෙස ක්රේබ්ස් චක්‍රය ඔස්සේ ස්වායු ශ්වසනයට දායක වේ.
vමේද බිදහෙලිමෙන් ශක්තිය නිපදවිම සදහා ඔක්සිජන් පැවතිම අනිවාර්යය වේ.
v C6 සහිත මේද අම්ල අණුවක් ස්වායු ශ්වසනයට දායකවිමෙන් ශුද්ධ ATP අණු 48 ක් නිපදවිය හැකිය.
vමේද වල ග්ලුකෝස්වලට වඩා වැඩි ශක්තිජනක අගයක් පවති.
vප්‍රෝටීන සහ ඇමයිනෝ අම්ල පයිරැවික් අම්ලය ලෙස හෝ ක්‍රේබ්ස් චක්‍රයේ සංඝඨකයක් ලෙස ශ්වසන ක්‍රියාවලියට එක් වේ.


0 comments:

Post a Comment