Monday, September 8, 2014

බහුවරණ ප්‍රශ්න විසදිම සදහා අත්වැලක්(Mcq points) – සෛල පිළිබඳ අධ්‍යයනය
vසියළු ජිවින් සෛල වලින් සකස් වි තිබෙන අතර සමහර ජිවින් එකසෛලික වන අතර සමහරැ බහුසෛලික ජිවින් වේ.
vසෛලය ජිවයේ මුලික කෘත්‍යයමය සහ ව්‍යුහමය එකකය වේ.
vසෛලයට පහළ කිසිදු ජිවි මට්ටමක් ජිවි ලෙස හෝ ජිවියෙකු ලෙස සැලකිය නොහැකිය.
vසෛල පිළිබඳ මුලික සොයාගැනිම් සිදුකළ විද්‍යාඥායින් වනුයේ....
ü  රොබට් හුක් - සෛල මුලින්ම හදුනාගන්නා ලදි.
ü ඇන්ටන් වැන් ලිවෙන්හුක් - එකසෛලික ජිවින් සහ බැක්ටිරියා නිරික්ෂණය කර වාර්තා ඉදිරිපත් කරන ලදි.
ü මැතියස් ශ්ලයිඩන් - ශාක පටක අධ්‍යයනය කර සියළුම ශාක සෛලවලින් සකස් වි ඇතිබව නිගමනය කළේය.
ü තියඩොර් ශ්වාන්  - සියළු සත්තවයින් සෛලවලින් සැදි තිබෙනබව නිගමනය කළේය.
ü රැඩොල්ෆ් වර්චෝව් - සෛල වාදය ඉදිරිපත් කරන ලදි.
vසෛල වාදයේ අන්තර්ගත කරැණු වනුයේ....
ü සියළු ජිවින් තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් සැදි තිබේ.
ü ජිවින්ගේ මුලික ව්‍යූහමය සහ කෘත්‍යමය එකකය සෛලයයි.
ü සෛල ඇතිවන්නේ කලින් පැවති සෛල බෙදිමෙනි.

vසෛලිය ව්‍යුහයන් හඳුනා ගැනිම සදහා උපකරණ භාවිතය.....


                                       
vමුල් යුගයේ ජිවින් නිරික්ෂණය කිරිම සදහා යොදාගත් සරල අත් කාච සහ අණ්වීක්ෂ වෙනුවට වර්තමානයේ ආලෝක අණ්වික්ෂ,ඉලෙක්ට්‍රෝන අණ්වික්ෂ භාවිත කරනු ලබයි.
vඅණ්වීක්ෂයක විශාලනය ලෙස අදහස් කරනුයේ එය පියවි ඇසින් පෙනෙන ප්‍රමාණය මෙන් කි ගුණයක් විශාල වි පෙනෙන්නේද යන්නය.උපනෙත් කාචයේ විශාලන බලය අවනෙත් කාචයේ විශාලන බලයෙන් ගුණ කිරිම මඟින් අණ්වීක්ෂයේ සමස්ත විශාලන හැකියාව ගණනය කළ හැකිය.
vආලෝක අණ්වීක්ෂයක උපරිම විශාලන බලය ×1000 පමණ වන අතර ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂයන් මඟින් ×15000 ක වැනි උපරිම විශාලනයක් ලබාගත හැකිය.
v එක ළඟ පිහිටි වස්තු දෙකක් වෙන් වෙන්ව දැකිම සදහා වස්තු දෙක අතර පැවතිය යුතු අවම දුර අණ්වීක්ෂයක විභේදන බලය ලෙස හදුන්වන අතර ආලෝක අණ්වීක්ෂයක විභේදන බලය 0.2μm වේ.ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂයක විභේදන බලය 0.5nm පමණ වේ.
vපියවි ඇසක විභේදන බලය 0.1mm  වේ.
vවිවිධ ක්‍රමෝපායන් භාවිත කිරිම මඟින් ආලෝක අණ්වික්ෂයක විභේදන බලය වැඩි කළ හැකිය .උදා - oil emersion method
vවිවිධ වර්ණක භාවිතය මඟින් පටක සාම්පලයන් පරික්ෂා කිරිමෙන් වෙන්කර හදුනාගැනිම සදහා වැඩි හැකියාවක් ලැබේ.
vසෛලයන දළ ව්‍යුහය,හැඩය,සෛල බිත්ති,රික්තක,න්‍යෂ්ටිය ආදිය ආලෝක අණ්වීක්ෂයෙන් පහසුවෙන් දැකිය හැකිය.විෂ්කම්භය 200mmට කුඩා සෛලිය ව්‍යුහයන් ආලෝක අණ්වික්ෂයෙන් දැකිය නොහැකිය.
vඉලෙක්ට්‍රෝන අණ්වික්ෂයක් තුලදි ආලෝකය වෙනුවට කෙටි තරංග අයාමයක් සහිත ඉලෙක්ට්‍රෝන ධාරාවක් භාවිත කරනු ලබයි.එමෙන්ම ඉලෙක්ට්‍රෝන අණ්වික්ෂයන් තුලදි ඉලෙක්ට්‍රෝන ධාරාවන් පාලනය කිරිම සදහා චුම්භක කොටස් භාවිත කරනු ලබයි.
vසම්ප්‍රේෂක ඉලෙක්ට්‍රෝන අණ්වික්ෂයන් (T.E.M) මඟින් අභ්‍යයන්තර ව්‍යුහයන් වැඩි විභේදනයකින් හඳුනා ගතහැකි අතර මෙහිදි ඉලෙක්ට්‍රෝන නිදර්ශකය තුලින් විනිවිද යන බැවින් භාවිත කළ හැක්කේ අජිවි නිදර්ශකයන් පමණී.එමෙන්ම මේ සදහා ඉතා තුනි නිදර්ශකයක් භාවිත කළ යුතුය.
vපරිලෝකන ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂයන් (S.E.M) මඟින් මතුපිට පෘෂ්ඨයන් වල ව්‍යුහය හදුනා ගැනිම සදහා භාවිත කළ හැකිය.මේ සදහා සජිවි නිදර්ශකයන් භාවිත කළ හැකිය.එමෙන්ම ත්‍රිමාණ ප්‍රතිබිම්බයන් ලබාගත හැකිය.

v බහු සෛලීය ජිවින් තුල පටක සංවිධානය ......
vබහු සෛලිය ජිවින්ගේ කාර්යක්ෂමතාවය වැඩි කිරිම සදහා පටක සංවිධානයක් දක්නට ලැබේ.
vපටකයක් ලෙස හඳුන්වනු ලබන්නේ කිසියම් කෘත්‍යයක් හෝ කෘත්‍යය කිහිපයක් සිදුකිරිම සදහා සකස් වු (විශේෂණය වු),භෞතික වශයෙන් එකිනෙකට බැඳි පවතින සෛල සමුහයකි.
vඅපිච්ජද,සම්බන්ධක,පේශි,ස්නායු පටක වශයෙන් සතුන් තුල දක්නට ලැබෙන මුලික පටක ආකාර හතරකි.
vශාක තුල පවතින පටක දෙයාකාරයකි.තනි සෛල වර්ගයකින් පමණක් සමන්විත වන පටක සරල පටක ලෙස හදුන්වනු ලබයි.උදා - මෘදුස්ථර,ස්ථූල කෝණාස්තර,දෘඩස්ථීර
vසෛල දර්ශ කිහිපයකින් සමන්විත වන ශාක පටක සංකීර්ණ පටක ලෙස හදුන්වනු ලබයි.උදා -සෛලම සහ ෆ්ලෝයම පටකයන්

v සෛල ප්‍රමාණය.....
vසෛල විවිධ ප්‍රමාණයන්ගෙන් යුක්ත වේ.සමහරක් සෛල අණ්වීක්ෂීය ප්‍රමාණයේ වන අතර පියවි ඇසින් දැකිය හැකි ප්‍රමාණයේ සෛල පවා ජිවින් තුල පවති.
vබැක්ටීරියා මඟින් නිරෑපණය කරනු ලබන ප්‍රාග්න්‍යස්ටික සෛල ප්‍රමාණයෙන් කුඩාම සෛල වේ.දිග 0.2μm පමණ වේ.
vවෛරස් අංශු බැක්ටීරියා සෛල වලට වඩා බෙහෙවින් කුඩා වන අතර ආලෝක අණ්වික්ෂයෙන් දැකිය නොහැකිය.
vවසර 1953 දි පමණ මුලින්ම වෛරස් අංශු සොයාගන්නා ලද්දේ ඉලෙක්ට්‍රෝන අණ්වික්ෂය සොයා ගැනිමත් සමඟය.
vසත්තව සෛලයක සාමාන්‍යය ප්‍රමාණය 20μm පමණ වේ.
vශාක සෛලයක සාමාන්‍යය ප්‍රමාණය 35 μm පමණ වේ.
v විශාල සෛලයක් වන කුකුළු ඩිමිබය 3cmපමණ වේ.

vසෛල සංවිධාන ආකාර
vප්‍රාග් න්‍යෂ්ටික(ප්‍රෝකැරියෝටා) සහ සු න්‍යෂ්ටික (ඉයුකැරියෝටා) ලෙස සෛල සංවිධාන ආකාර දෙකකි.
vබැක්ටිරියා සහ ආකි බැක්ටීරියා ප්‍රාග් න්‍යෂ්ටික සෛල සංවිධානය පෙන්වනු ලබයි.
vඅනෙකුත් සියළු ජිවින් සු න්‍යෂ්ටික සෛලීය සංවිධානයක් දරනු ලබයි.
vසියළුම ප්‍රාග් න්‍යෂ්ටික ජිවින් සතුව පහත ලක්ෂණ පවති.
ü 1-10μm පමණ කුඩා සෛල දරනු ලබයි.
ü පටලයකින් වට වු (සංවිධානය වු ) න්‍යෂ්ටියක් නොදැරිම සහ න්‍යෂ්ටික ප්‍රදේශයට සීමා වු වළයාකාර DNA අණු දැරිම.
ü පටලවලින් වටවු ඉන්ද්‍රයිකා නොදැරිම
ü 70s රයිබොසෝම දැරිම
ü අන්තස් ප්ලාස්මීය ජාලිකා සහ සෛල සැකිල්ලක් නොදැරිම
ü බැක්ටීරියාවල සෛල බිත්ති පෙප්ටිඩොග්ලයිකැන් (මියුකොපොලිසැකරයිඩ) වලින් සහ ආකි බැක්ටීරියා වල සෛල බිත්තිය පොලිසැකරයිඩ සහ ප්‍රෝටින වලින් සමන්විත වි තිබිම.
ü ක්ෂුද්‍ර නාලිකා වලින් සමන්විත නොවු සරල කශිකා දැරිම සහ එවා පටලයකින් වට නොවි තිබිම.
vසියළුම සු න්‍යෂ්ටිකයන් තුල පහත ලක්ෂණ දක්නට ලැබේ.
ü ප්‍රාග්න්‍යස්ටිකයන්ට වඩා සෛල ප්‍රමාණයෙන් විශාලය.
ü පටලවලින් වටවු (සංවිධානය වු) න්‍යෂ්ටියක් පවති.න්‍යෂ්ටිය තුල ප්‍රවේණීක ද්‍රව්‍යය කොමැටින් (වර්ණදේහ ) ලෙස සංවිධානය වි පවති.
ü මයිටකොන්ඩ්‍රියා ,හරිතලව වැනි පටල වලින් වටවු සංකීර්ණ ඉන්ද්‍රයිකා දරනු ලබයි.
ü 80s රයිබොසෝම දරනු ලබයි.
ü ශාක සෛලවල සෛල බිත්ති සෙලියුලෝස් ලෙස හදුන්වන පොලිසැකරයිඩ වලින්ද දීලිර වල සෛල බිත්ති කයිටින් වලින්ද සමන්විත වි තිබේ.
vඅන්තඃසහජීව වාදය (endosymbiotic theary)
ü විවිධ විශේෂවලට අයත් ප්‍රාග් න්‍යස්ටික ජිවින් අතර සහජිවි සංගම් සැදිමෙන් සු න්‍යස්ටික ජිවින් පරිනාමය වු බව මින් කියවේ.
ü මයිටකොන්ඩ්‍රියා සහ හරිතලව නිදහස් බැක්ටීරියා ලෙස සම්භවය වු බවත් එවා විශාල මුල් සු න්‍යස්ටික සෛලයක් මඟින් අල්ලා ගිලදමන ලද බවත් එසේ ගිලගත් බැක්ටීරියා ආවරණය වි එම සෛල තුල සහජිවි සම්බන්ධතාවයන් ඇතිකරගත් බවත් පැහැදිලි කරනු ලබයි.
ü මෙම මතයට අනුව මයිටකොන්ඩ්‍රියා ස්වායු බැක්ටීරියා වලින් සම්භවය වි තිබේ.
ü හරිතලව ප්‍රභාසංස්ලේෂී ස්වායු බැක්ටීරියා වලින් සම්භවය වි තිබේ.
ü මයිටකොන්ඩ්‍රියා සහ හරිතලව තුල බැක්ටීරියා වලට සමාන DNA සහ රයිබොසෝම පැවතිමත්,එවා ප්‍රමාණයෙන් බැක්ටිරියා වලට සමානවිමත් මේ සදහා හේතු ලෙස දැක්විය හැකිය.


1 comments: