Monday, September 8, 2014

බහුවරණ ප්‍රශ්න විසදිම සදහා අත්වැලක් (Mcq points) – එන්සයිම

vඑන්සයිම බොහෝවිට තෘතියක ව්‍යූහය දරනු ලබන ගෝලීය ප්‍රෝටීන වේ.
vසියළු එන්සයිම අන්තර්සෛලීයව රයිබොසෝම තුල නිපද වේ.
vසියළු එන්සයිම ප්‍රතික්‍රියා කරනුයේ ජලීය මාධ්‍යයන් තුලදිය.
vඑන්සයිම තාපඅස්ථායි වේ.
vඑන්සයිම ඉහළ උෂ්ණත්වයන් තුලදි දුස්වාභාවිකරණය වේ.
vඑන්සයිම ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරනු ලබයි. එන්සයිම ප්‍රතික්‍රියා සිදුවිම පහසු කරවයි.එන්සයිම කිසියම් ජෛව රසායනික ප්‍රතික්‍රියාවක ශිඝ්‍රතාවය වැඩිකරනු ලබයි.
vඑන්සයිම මඟින් උත්ප්‍රේරණය කරනු ලබන ප්‍රතික්‍රියා ප්‍රත්‍යාවර්ත වේ.
vඑන්සයිම මඟින් කිසියම් ජෛව රසායනික ප්‍රතික්‍රියාවක් උත්ප්‍රේරණය කිරිමේදි ප්‍රතික්‍රියාව සිදුවිම සදහා අවශ්‍යය සක්‍රියන ශක්තිය අඩු කරනු ලබයි.
vඑන්සයිම ප්‍රතික්‍රියාවක් සදහා සහභාගි වුවද එහිදි වැයවිමක් සිදු නොවේ.එම නිසා එන්සයිම නැවත නැවතත් ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය සදහා භාවිත කළහැකිය.
vඑන්සයිම කිසියම් ජෛව රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතිළුල ස්වභාවය හෝ ගුණය කෙරේ බලපැමක් සිදුකරනු නොලබයි.
vකිසියම් ප්‍රතික්‍රියාවක් සදහා එන්සයිම අවශ්‍යය වන්නේ ඉතාසුළු ප්‍රමාණ වලිනි.
vඑන්සයිම ප්‍රතික්‍රියක අණු වලට වඩා බෙහෙවින් විශාල මහාඅණු වේ.
vඑන්සයිමයක උපස්තර අණූ සම්බන්ධවිම සදහා පවතින ප්‍රදේශ සක්‍රියන ප්‍රදේශ/ලක්ෂ්‍යය ලෙස හදුන්වනු ලබයි.
vඑන්සයිමයක සක්‍රියන ලක්ෂය විශාල සංඛයාවක් පවති.
vසක්‍රියන ප්‍රදේශවල හැඩය උපස්තරවල හැඩයට බෙහෙවින් සමාන වේ.
vඑන්සයිම උපස්තර අණු සමඟ සම්බන්ධ විමෙන් එන්සයිම-උපස්තර සංකීර්ණ සාදනු ලබයි.
vඑන්සයිම උපස්තර විශිෂ්ඨ වේ.
vඋත්ප්‍රේරණය කරනු ලබන්නේ විශේෂ එක් වර්ගයක ප්‍රතික්‍රියාවක් පමණී. තවදුරටත් ප්‍රතික්‍රියා කරනු ලබන්නේ එක් බන්ධන වර්ගයක් මත පමණි.
vඑන්සයිම නම්කරනු ලබන්නේ එවා උත්ප්‍රේරණය කරනු ලබන ප්‍රතික්‍රියාවේ ස්වභාවය සහ ප්‍රතික්‍රියකවල නාමයන් භාවිත කිරිම මඟිනි.
vඋත්තේජනය කරනු ලබන ප්‍රතික්‍රියාවේ ස්වභාවය අනුව එන්සයිම ප්‍රධාන කාණ්ඩ 6ක් යටතේ වර්ග කරනු ලබයි.
vඑන්සයිමයක ක්‍රියාකාරිත්වය පැහැදිලි කරනු ලබන යාන්ත්‍රන දෙකකි.

ü අඟුළු-යතුරැ යාන්ත්‍රණය -- එන්සයිම උපස්තර විශිෂ්ඨබව පැහැදිලි කරනු ලබයි.එන්සයිමවල සක්‍රියන ප්‍රදේශවලට උපස්තරවලට සම්බන්ධවිය හැකි පරිදි නිශ්චිත හැඩයක් පවති.උපස්තර යතුර ලෙස ද එන්සයිමයේ සක්‍රියන ප්‍රදේශ අඟුළු ලෙසද ක්‍රියාකරයි.
ü ප්‍රේරීත-සීහුම් යාන්තණය -- එන්සයිමවල සක්‍රිය ලක්ෂයවලට උපස්තර අණූ සමඟ වඩා හොදින් සම්බන්ධවිම සදහා සිය හැඩය වෙනස් කරගත හැකිය.උපස්තර ලක්ෂ වල හැඩය වෙනස්විම උපස්තරය සම්බන්ධවිමත් සමඟ උත්තේජනය වේ.
vඑන්සයිමවල ක්‍රියාකාරිත්වය සදහා බලපාන ප්‍රධාන සාධක කිහිපයකි.

ü උෂ්ණත්වය - එන්සයිම උපරිම ලෙස ක්‍රියාකරනුයේ ප්‍රශස්ත උෂ්ණත්වය තුලදිය.ඉතා පහළ උෂ්ණත්වයන් තුලදි ඒන්සයිම අක්‍රිය ස්වරෑපවලින් පවති.උෂ්ණත්වය ක්‍රමෙයන් වැඩිකිරිමේදි එක්තරා අගයක් වනතුරැ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩිවේ.බොහෝ එන්සයිමවල ප්‍රශස්ත උෂ්ණත්වය 40`C පමණ වේ.ඉහළ උෂ්ණත්වයන් තුලදි එන්සයිම බිඳ වැටෙන බැවින් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ඉක්මනින් පහළ බසි.
ü pH අගය -එන්සයිම pH සංවේදි වේ.කිසියම් එන්සයිමයක් උපරිම ලෙස ක්‍රියාකරනුයේ ප්‍රශස්ත pH අගයන් තුලදිය.එන්සයිම ක්‍රියාකාරිවන pH පරාසයක් පවති.
ü උපස්තර අණූ සාන්ද්‍රණය වැඩිකිරිමේදි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ක්‍රමයෙන් වැඩිවන අතර සක්‍රියන ලක්ෂය සන්තෘප්ත විමෙන් පසු ප්‍රතික්‍රියා ශීඝතාවය තවදුරටත් වැඩි නොවේ.
ü එන්සයිම සාන්ද්‍රණය වැඩි කිරිමේදි සෛද්ධාන්තිකව ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය දිගින් දිගටම වැඩි වේ.
vසමහර එන්සයිමවල ක්‍රියාකාරිත්වය සදහා ප්‍රෝටීන නොවන කොටස්ද වැදගත් වේ.
vඑන්සයිමවල ක්‍රියාකාරිත්වය සදහා වැදගත්වන ප්‍රෝටීන නොවන කොටස් සහ-සාධක ලෙස හදුන්වනු ලබයි.
vසහ-සාධක අකාබනික අයන හෝ සංකීර්ණ කාබනික සංයෝග වියහැකිය.
vඑන්සයිම සහසාධකය සමඟ එක්ව ගත්කළ හොලො එන්සයිමය ලෙස හදුන්වනු ලබයි.
v සහ සාධකය රහිතව එන්සයිමය ඇපො එන්සයිමය ලෙස හදුන්වනු ලබයි.
vසහ-සාධක වර්ග 3කි

ü අකාබනික අයන -එන්සයිම ප්‍රතික්‍රියාවක් සිදුවිම සදහා මාධ්‍යයේ පැවතිය යුතු අකාබනික අයන වේ.ප්‍රතික්‍රියාව සිදුවිමේදි එන්සයිමය සමග ලිහිල්ව බැඳේ. උදා-ඛේට ඇමයිලේස් සදහා Cl-
ü සංගලග්න කාන්ඩ යනු කුඩා අණුක ස්කන්ධයක් සහිත කාබනික සංයෝග වේ.මේවා එන්සයිමයට තඳින් බැඳි පවතින අතර එම කාණ්ඩය නොමැතිව එන්සයිමය ක්‍රියාකාරි නොවේ.උදා- සයිටක්‍රෝම් ඔක්සිඩේස් සදහා හීම් කාණ්ඩය
ü සහඑන්සයිම (Co-enzyme) සංකිර්ණ කාබනික සංයෝග වේ.ප්‍රතික්‍රියාව සිදුවිමසදහා එන්සයිමට බැඳිමට අවශ්‍යය නොවේ.සහ එන්සයිම නිපදවිම සදහා ජිවින්ට විටමින් අවශ්‍යය වේ.විටමින් ඌනතාවයකදි සහඑන්සයිම අඩුවන බැවින් විශේෂීත ප්‍රතික්‍රියාවන් සිදුවිම සදහා බලපානු ලබයි.උදා -NAD,NADP,FAD,සහඑන්සයිම් -A

v NAD,FAD සෛල තුල භාවිතකරනු ලබන ප්‍රධාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයන් ලෙස ක්‍රියාකරමින්          (NAD + + H + + 2e − → NADH) ඉලෙක්ට්‍රෝන පරිවහනයට වැදගත් වේ.සෛලීය ශ්වසනයේ ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයන් ලෙස භාවිත කරනු ලබයි.                               
vNADP ප්‍රභාසංස්ලේෂණයේදි භාවිත කරනු ලබන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා ලෙස ක්‍රියාකරනු ලබන සහඑන්සයිමයි.
vඑන්සයිම ක්‍රියාකාරිත්වය සදහ නිශේධක බලපානු ලබයි.
vනිශේධක එන්සයිම ක්‍රියාකාරිත්වය අඩුකිරිමට හෝ සම්පුර්ණයෙන් නතර කරදමනු ලබයි.
vනිශේධක මඟින් එන්සයිම ප්‍රතිවර්ත්‍යය හෝ අප්‍රතිවර්ත්‍යය ලෙස නිශේධනය කළ හැකිය.
vසාමාන්‍යයෙන් සෛල තුල සිදුවන නිශේධකවල ක්‍රියාකාරිත්වය ප්‍රතිවර්ත්‍යය වේ.
vනිශේධක වර්ග දෙයාකාරයකි.

ü තරඟකාරි නොවන නිශේධක එන්සයිමයේ සක්‍රිය ලක්ෂයවලට හැඩයෙන් සමාන නොවේ.එවා එන්සයිමයේ සක්‍රිය ලක්ෂය නොවන වෙනත් ප්‍රදේශවලට සම්බන්ධ වේ.එන්සයිමවල හැඩය වෙනස් කරනු ලබයි.සෛලවල සිදුවන සමහර පරිවෘත්තිය ක්‍රියා සීමා කිරිම සදහා ප්‍රතික්‍රියාවල අවසන්ළුලය එන්සයිමයට තරඟකාරි නොවන ලෙස බැඳිමෙන් ප්‍රතික්‍රියාව නිශේධනය කරනු ලබයි.සයිටක්‍රොම් ඔක්සිඩේස් එන්සයිමය සදහා CN- තරඟකාරි නොවන නිශේධකයකි.
ü තරඟකාරි නිශේධක උපස්තර අණුවල හැඩයට බෙහෙවින් සමානය.උපස්තර අණු සමඟ තරඟ කරමින් එන්සයිමවල සක්‍රිය ලක්ෂය වලට සම්බන්ධ වේ.එම නිසා ප්‍රතික්‍රියාව සදහා දායකවන සක්‍රියලක්ෂය ප්‍රමාණය අඩු වේ.
ü මෙම තරගකාරි නිශේධන මුලධර්මය ඖෂධවල ක්‍රියාකාරිත්වය සදහා යොදාගනු ලබයි.
ü පෙනිසිලින් ලෙස හදුන්වනු ලබන්නේද බැක්ටීරියා සෛලවල සෛල බිත්තිය සැදිම සදහා වැදගත්වන එන්සයිමයන්(transpeptidase) සදහා වන තරඟකාරි නිශේධකයකි.
vAg+,Cd+,Hg+ වැනි බැරලෝහ බොහෝමයක් එන්සයිම සදහා අප්‍රතිවර්ත්‍ය නිශේධක ලෙස ක්‍රියාකරනු ලබයි.


6 comments: