Monday, September 8, 2014

බහුවරණ ප්‍රශ්න විසදිම සදහා අත්වැලක්(Mcq points) - සෛල ව්‍යුහය සහ කෘත්‍යය


v      සෛල බිත්තිය (cell wall)
ü ශාක සෛලවල බාහිර ආවරණය වන අතර සත්තව සෛල තුල දකනට නොලැබේ.
ü ශාක සෛලවල ප්‍රථමික සෛල බිත්තිය සෙලියුලෝස් තන්තු,පෙක්ටින් ,හෙමිසෙලියුලෝස් වැනි පොලිසැකරයිඩ වලින් සමන්විත වේ.
ü ශාක සෛලවල බිත්තියේ ද්විතික ඝනවිම් වලදි ලිග්නින් ,සහ සුබෙරින් තැම්පත්විම සිදු වේ.
ü ද්විතික ඝනවිම් සහිත සෛලබිත්ති ජලයට අපාරගම්‍යය බැවින් එම සෛල අජිවි වේ.
ü දීලිර වල සෛල බිත්තිය කයිටින් ලෙස හදුන්වනුලබන N-පොලිසැකරයිඩ වලින් සමන්විත වි තිබේ.
ü ශාක සෛලවල සෛල බිත්තියේ පවතින කු සිදුරැ ඔස්සේ යාබද සෛලවල සෛල ප්ලාස්ම එකිනෙක යාකරන ප්ලාස්ම බන්ධ පවති.
ü සෛල බිත්තිය පුර්ණ පාරගම්‍යය පටලයක් බැවින් එ තුලින් වරණීයතාවයකින් තොරව ද්‍රව්‍යයවලට පරිවහනය විය හැකිය.
ü සෛලවලට හැඩයක් ලබාදෙන අතරම සාන්ධාරණය සදහා වැදගත් වේ.

v      ප්ලාස්ම පටලය (Plasma memberane)


ü මෙය එකක පටලය /සීමාකාරි පටලය ලෙසද හදුන්වනු ලබයි.
ü සියළුම සෛලවල ප්‍රාක් ප්ලාස්මය බාහිරින් සීමා කරනු ලබන පටලයයි.
ü ප්ලාස්ම පටලයේ මුලික ලක්ෂන 3 කි .වරණපාරගම්‍යයතාවය,සුනම්‍යයතාවය,ප්‍රත්‍යාස්ථතාවය
ü සෛලයේ පවතින සියළුම පටලවලද මුලික ව්‍යුහමය සංයුතිය මීට සමාන වේ.
ü ආලෝක අණ්වික්ෂයකින් සෛලයක පිටත සීමාව ලෙස හඳුනාගත හැකි අතර E.M.මඟින් තදපාට රේඛා දෙකක් මැද පිහිටි ලා පාට ප්‍රදේශයක් ලෙස හඳුනා ගතහැකිය.
ü ප්ලාස්ම පටලයේ ව්‍යුහය විස්තරාත්මකව පැහැදිලි කරනු ලබන තරල විචිත්‍ර ආකෘතිය ඉදිරිපත් කරනු ලැබුවේ සින්ගර් සහ නිකර්ල්සන් යන දෙදෙනා විසිනි.
ü තරල විචිත්‍ර ආකෘතියට අනුව ප්ලාස්ම පටලය 0.1 μm පමණ ඝනකමින් යුත් ප්‍රෝටින සහ ලිපිඩ ද්විත්ව ස්තරයකින් සමන්විත වේ.
ü ලිපිඩ ද්විත්ව ස්තරය සමන්විත වන්නේ ලෙසතින් ලෙස හදුන්වනු ලබන පොස්පෝලිපිඩ වලිනි.
ü පොස්පොලිපිඩ සංතතිකව පවතින,අඛණ්ඩ ස්තරයකි.
ü පොස්පොලිපිඩ අණුවල ජලභිතික වලිගය පටලය තුලටත්  ජලකාමි හිස පටලයෙන් පිටතට වන්නටත් පිහිටා තිබේ.
ü චලනය වන මෙම පොස්පොලිපිඩ ද්විත්ව ස්ථරය මඟින් ප්ලාස්ම පටලයට තරලමය බවක් එක් කර තිබේ.
ü ප්‍රෝටීන ස්තරය චලනය වන ලිපිඩ ද්විත්ව ස්තරය තුල සම්පුර්ණයෙන් හෝ අර්ධ ලෙස ගිලි පවති.
ü ප්‍රෝටීන ස්තරයේ තුන් ආකාරයක ප්‍රෝටීන දක්නට ලැබේ. ඇතුල් පටලය මත වු ප්‍රෝටින,ලිපිඩ ස්තරයේ අර්ධ ලෙස ගිලුණ ප්‍රෝටින,ලිපිඩ ස්තරයේ සම්පුර්ණ ලෙස ගිලුණ ප්‍රෝටීන
ü ප්ලාස්ම පටලයේ ප්‍රෝටීන ස්තරය සංතතික නොවු ස්ථරයකි.
ü ප්‍රෝටීන ස්තරය ප්ලාස්ම පටලයට විචිත්‍රබවක් ලබාදිමට හේතු වේ.
ü ප්ලාස්ම පටලයේ අභ්‍යයන්තර පටලයට සම්බන්ධව පවතින ප්‍රෝටින පටලයේ හැඩය පවත්වා ගැනිම සහ ප්‍රත්‍යාස්ථතාවය සදහා වැදගත් වේ.උදා ලෙස රතු රැධීර සෛලවල විශේෂ ද්වි අවතල හැඩය පවත්වා ගැනිම සදහා අභ්‍යයන්තර පටලයේ සෛල සැකිල්ලට සම්බන්ධව පවතින ස්පෙක්ට්‍රීන් නම් ප්‍රෝටින වැදගත් වේ.
ü ප්ලාස්ම පටලයේ පිටත පටලය මත ලිපිඩ සහ ප්‍රෝටින අණු වලට සම්බන්ධව පවතින කාබෝහයිඩ්‍රේට් දාම පවති.මෙම ග්ලයිකොප්‍රෝටින සහ ග්ලයිකොලිපිඩ අණු සංස්ලේෂණය සදහා අන්තර්ප්ලාස්මිය ජාලිකා සහ ගොල්ගි දේහ වැදගත් වේ.
ü මෙම ග්ලයිකොලිපිඩ සහ ග්ලයිකොප්‍රෝටින අණු සෛල හඳුනාගැනිම සදහා වැදගත් වේ.
ü මීට අමතරව ලිපිඩ ද්විත්ව ස්තරය මත කොලෙස්ටරෝල් අණූ පවතින අතර එවා සුනම්‍යයතාවය සදහා වැදගත් වේ.ශාක සෛල පටලය තුල කොලෙස්ටරෝල් දක්නට නොලැබේ(අවම ලෙස).
ü ප්ලාස්ම පටලයේ ප්‍රධාන කෘත්‍යයන් වනුයේ සෛලයේ ගතික ආවරණය ලෙස ක්‍රියා කිරිම,ජලය අයන සහ සමහර කාබනික අණු ඇතුළුවිමට ඉඩලබාදිම,අපද්‍රව්‍යය පිටවිම පාලනය,සෛල තුල ආස්‍රැති තුල්‍යයතාවය පවත්වා ගැනිම,සෛල අතර පණිවිඩ හුවමාරැව සදහා වැදගත් විම

v      න්‍යෂ්ටිය (Nucleus) 

ü සෛලයේ පාලක මධ්‍යස්ථානය (මොළය) ලෙස ක්‍රියා කරනු ලබයි.
ü සමහර සෛල එක න්‍යෂ්ටික වන අතර සමහර සෛල බහු න්‍යෂ්ටික වේ.දිලිර බහු න්‍යෂ්ටික වේ.
ü සමහර සෛල පරිණත විමේදි (ද්විතිකව) න්‍යෂ්ටියක් දැකිය නොහැකි වේ.උදා -රතු රැධීර සෛල
ü ආලෝක අණ්වීක්ෂයෙන් පැහැදලිව හඳුනාගත හැකිය.
ü ද්විපටලමය වේ.බොහෝ සෛලවල මධ්‍යයේ පවතින විශාල ඉන්ද්‍රයිකාව වේ.ශාක සෛලවල විශාල මධ්‍යය රික්තකය මඟින් න්‍යෂ්ටිය පර්යන්තයට විස්තාපනය වි තිබේ.
ü න්‍යෂ්ටිය මධ්‍යයේ පවතින ක්‍රොමැටින් ඝනවිමෙන් සකස් වු න්‍යෂ්ටිකාව ප්‍රදේශය රයිබොසෝම සංස්ලේෂණය සදහා වැදගත් වේ.
ü න්‍යෂ්ටික පටලය තුල කුඩා න්‍යෂ්ටික ජිද්‍ර පවතින අතර මේවා සෛල ප්ලාස්මය සහ න්‍යෂ්ටිය අතර ද්‍රව්‍යය හුවමාරැව ( විශේෂයෙන් රයිබොසෝම,RNA) සදහා වැදගත් වේ.
ü න්‍යෂ්ටි පටලයට සම්බන්ධව රයිබොසෝම දක්නට ලැබේ.
ü න්‍යෂ්ටිය තුල සෛලයේ ලක්ෂණ පාලනය කිරිමට වැදගත් වන DNA (ප්‍රවේණීක ද්‍රව්‍යය) ක්‍රොමැටින් ජාල ලෙස සකස් වි පවති.
ü න්‍යෂ්ටියේ ප්‍රධාන කෘත්‍යයන් වනුයේ- ප්‍රවේණීක ද්‍රව්‍යය සංචිත කිරිම,සෛලයේ ක්‍රියාකාරිත්වය පාලනය කිරිම, රයිබොසෝම නිපදවිම සහ ප්‍රෝටීන සංස්ලේෂණයට අවශ්‍යය RNA නිපදවිම,ප්‍රජනනයේ සහ ආවේණීයේ රටා පාලනය කිරිම
v      සෛල ප්ලාස්මය (Cytoplasm)
ü සෛලයේ පුරකය /ප්‍රාක් ප්ලාස්මය ලෙසද හඳුන්වනු ලබයි.
ü ආලෝක අණ්වීක්ෂයෙන් සෛල ප්ලාස්මය කණිකාමය ජෙලයක් ලෙස පෙනේ.
ü සෛල ප්ලාස්මයේ ප්‍රධාන සංඝඨකය වනුයේ ජලයයි.අර්ධ තරලමය මධ්‍යයක් වන අතර ප්‍රතික්‍රියා සිදුකිරිම සදහා මාධ්‍ය සැපයිම,ඉන්ද්‍රයිකා අවලම්භනවය වි පැවතිමටත්,සෛල අතර ද්‍රව්‍යය පරිවාහනය සදහා සදහාත් වැදගත් වේ.

v      අන්තර් ප්ලාස්මීය ජාලිකා (Endoplasmic reticulum)     

                                  
ü අභ්‍යයන්තර පටල පද්ධතිය ලෙසද හඳුන්වනු ලබයි.
ü සෛල ප්ලාස්මීය පුරකය අන්තර් ප්ලාස්මිය ජාලිකාවේ කුහරයෙන් වෙන් කරනු ලබන පැතිලි හෝ නාලාකාර මඩි වලින් යුත් අභ්‍යයන්තර පටල පද්ධති ජාලයයි.
ü න්‍යෂ්ටියේ බාහිර පටලය සමඟ සම්බන්ධව පවති.
ü අන්තර්ප්ලාස්මීය ජාලිකා දෙවර්ගයකි.
ü රළු අන්තර් ප්ලාස්මීය ජාලිකා (RER) වල පිටත පටලයට රයිබොසෝම සම්බන්ධ වි පවති.රයිබොසෝම මඟින් සංස්ලේෂිත ප්‍රෝටීන අන්තර් ප්ලාස්මීය ජාලිකා කුහරයට යැවිම මඟින් එවා පරිවහනයට වැදගත් වේ.සෛල පටලවල පොස්පොලිපිඩ,ග්ලයිකොලිපිඩ සංස්ලේෂණය සදහා වැදගත් වේ.සෛලය තුල එන්සයිම සහ වෙනත් වැදගත් ප්‍රෝටීන පරිවහනයටත් පරිවහන ආශයිකා නිපදවිමටත් වැදගත් වේ.
ü ප්‍රෝටීන් ස්‍රාවය කරනු ලබන සෛලවල මෙම RER හොදින් වර්ධනය වි තිබේ.උදා - අග්න්‍යාසයික සෛල
ü සිනිඳු අන්තර් ප්ලාස්මීය ජාලිකා (S.E.R) පටලයට රයිබොසෝම සම්බන්ධ වි නොමැත. සෛලවල ලිපිඩ,ස්ටෙරොයිඩ,කාබෝහයිඩ්‍රේට් සංස්ලේෂණය සදහා වැදගත් වේ.සෛල තුල පරිවහනය ,පරිවහන ආශයිකා නිපදවිම සදහා වැදගත් වේ.Ca2+ අයන සංචිත කිරිම සදහාත් විෂහරණය සදහාත් වැදගත් වේ.
ü එක් එක් සෛලවර්ගයන් තුලදි සිනිඳු අන්තර්ප්ලාස්මීය ජාලිකා සතු විශේෂ කාර්යයන් පවති.
ü  SER සහ RER යන දෙවර්ගය තුලම අභ්‍යයන්තර පටලයට සම්බන්ධ එන්සයිම පවති.

v      ගොල්ගි දේහ (Golgi apparatus)
                            
ü පටලමය පැතලි ආශයිකා මඩි (ගොනු) වේ.
ü ශාක සහ සත්තව සෛල යන දෙවර්ගයම තුලම දක්නට ලැබේ.
ü සෛල තුල නිෂ්පාදනය වන අණු රැස් කිරිම, ඇහිරිම සහ බෙදා හැරිම වැනි කෘත්‍යයන් ඉටු කරනු ලබයි.
ü අන්තර් ප්ලාස්මීය ජාලිකා තුල නිපදවෙන අණු නළ මාර්ග ඔස්සේ හෝ ආශයිකා මඟින් ගොල්ගී සංකිර්ණය වෙත පරිවහනය වේ.ගොල්ගි සංකීර්ණය තුලදි එවායේ පරිණතිය එනම් ප්‍රෝටීන සහ ලිපිඩ පොලිසැකරයිඩ සමග එක්ව ග්ලයිකොප්‍රෝටින සහ ග්ලයිකොලිපිඩ සැදිම සිදු වේ.අවශ්‍යයතාවය අනුව ග්ලයිකොලිපිඩ සහ ග්ලයිකොප්‍රෝටීන සහිත ආශයිකා ගොල්ගිදේහ වලින් වෙන්වි වෙනත් ස්ථානවලට ගමන් කරනු ලබයි.
ü ලයිසොසෝම නිපදවිම සිදු කරනු ලබයි.

v      රයිබොසෝම (Ribosomes)       


ü r-RNA සහ ප්‍රෝටීන වලින් සැදුන නිර් පටලමය අංශු වේ.
ü සු න්‍යෂ්ටික සහ ප්‍රාග්න්‍යස්ටික දෙවර්ගය තුලම දක්නට ලැබේ.
ü සු න්‍යෂ්ටිකයන් තුල පවතින රයිබොසෝම (80s) ප්‍රාග්න්‍යස්ටික රයිබොසෝම (70s) වලට වඩා විශාල වේ.
ü රයිබොසෝමයක් උපඑකක දෙකකින් සමන්විත වි තිබේ.ඉන් එකක් ප්‍රමාණයෙන් විශාල වන අතර (විශාල උපඑකකය) අනෙක ප්‍රමාණයෙන් කුඩා (කුඩා උපඑකකය) වේ.
ü රයිබොසෝම නිදහස් ලෙස සෛල ප්ලාස්මය තුලද මයිටකොන්ඩ්‍රියා සහ හරිතලව වැනි ඉන්ද්‍රයිකාවල පුරකය තුලද RER පටලයට සම්බන්ධ වි ද පවති.
ü සියළුම ප්‍රෝටීන අන්තර්සෛලීයව රයිබොසෝම තුල නිපදවේ.
ü කිසියම් විශේෂීත ප්‍රෝටීනයක් විශාල ලෙස සංස්ලේෂණය කිරිම සදහා රයිබොසෝම විශාල සංඛයාවක් m-RNA අණුවකට සම්බන්ධ විමෙන් පොලිසෝම සැදේ.

v      ලයිසොසෝම (Lysosomes)
ü සියදිවිනාශක මළු ලෙසද හදුන්වනු ලබයි.
ü සත්තව සෛල තුල පමණක් දක්නට ලැබේ.
ü සෛල ප්ලාස්මයේ පවතින ආශයිකා වර්ගයකි.එක පටලමය වේ.
ü ගොල්ගි සංකිර්ණයෙන් නිපද වේ.
ü කාබෝහයිඩ්‍රේට්,ලිපිඩ,ප්‍රෝටීන,න්‍යෂ්ටික අම්ල බිඳ දැමිම සදහා වැදගත් වන ජලවිච්ජේදක එන්සයිම අන්තර්ගත වේ.
ü ලයිසොසෝම ජීර්ණ එන්සයිම වල ක්‍රියාකාරිත්වය පවත්වා ගැනිම සදහා pH 4-5 අතර වු ආම්ලික අගයක් පැවතිම අත්‍යවශ්‍යය වේ.එ සදහා ලයිසොසෝම පටලය මඟින් සක්‍රියව ඉන්ද්‍රිකාව තුලට H+ අයන ලබාගනි.
ü ලයිසොසෝම තුල පවතින මෙම ජීර්ණ එන්සයිම වල ක්‍රියාකාරිත්වයේ දුර්වලතා නිසා සෛල තුල අනවශ්‍ය අණු විශාල ලෙස එක්රැස්විම සිදු වේ.
ü භක්ෂසෛලතාවය මඟින් සෛලය තුලට ලබාගත් ආහාර කොටස් ජීර්ණය කිරිම,ගෙවිගිය ඉන්ද්‍රයිකා ජීර්ණය කිරිම,බහිස්සෛලතාවය මඟින් ශේෂගත ද්‍රව්‍යය සෛලයෙන් පිටතට පරිවහනය කිරිම,ස්වයං ජීර්ණය මඟින් සෛල මියයාම වැනි කාර්යයන් සදහා වැදගත් වේ.
v      ක්ෂුද්‍ර දේහ (microbodies)
ü අන්තර් ප්ලාස්මීය ජාලිකා තුලින් ඇතිවන ඔක්සිකාරක එන්සයිම අන්තර්ගත එකපටලමය ආශයිකා වේ.
ü ක්ෂුද්‍ර දේහ දෙවර්ගයකි.
ü පෙරොක්සිසෝම - ශාක සහ සතත්ව සෛල යන දෙවර්ගය තුලම දක්නට ලැබේ.පෙරොක්සිසෝම තුල H2O2 (පෙරොක්සයිඩ) නිපදවනු ඔක්සිඩේස් එන්සයිම හෝ එවා බිඳ හෙලනු ලබන කැටලේස් එන්සයිම අන්තර්ගත වේ.මධ්‍යසාර සහ වෙනත් විෂද්‍රව්‍යයවල විෂහරණය සදහා වැදගත් වේ.ලිපිඩ බිදහෙලිම සදහා වැදගත් වේ. ශාකවල ප්‍රභා ශ්වසනය සදහා වැදගත් වේ.
ü ග්ලයිකොක්සිසෝම -- ශාක සෛලවල පමණක් පවති.මේද කාබෝහයිඩ්‍රේට් බවට පත්කිරිම සදහා වැදගත් වන එන්සයිම අන්තර්ගත වේ.

v      මයිටකොන්ඩ්‍රියා (Mitochondria) 
    

ü සෛලවල ශක්ති බලාගාරය ලෙස හදුන්වනු ලබයි.
ü සෛලයක පවතින මයිටකොන්ඩ්‍රියා සංඛයාව එම සෛලයේ ශක්ති අවශ්‍යයතාවයට අනුරැප ලෙස තීර්ණය වේ.උදා - පේශී සෛල
ü නාලාකාර හෝ සොසේජස් හැඩැති වේ.ප්‍රමාණයෙන් 1-3μm පමණ වන බැවින් බැක්ටීරියා වලට සමාන වේ.
ü ද්විපටලමය ඉන්ද්‍රයිකා වේ.
ü බාහිර පටලය සිනිදු වේ.අභ්‍යයන්තර පටලය පුරකය තුලට නෙරා යාමෙන් මියර ලෙස හදුන්වන නෙරැම් සාදනු ලබයි.
ü පටලදෙක අතර අවකාශය අන්තර්පටලමය අවකාශය ලෙස හඳුන්වන අතර එහි එන්සයිම පවති.
ü මයිටකොන්ඩ්‍රියා අභ්‍යයන්තර පටලය මත ස්වායු ශ්වසනයේදි ATP නිපදවිම සදහා අවශ්‍යය වන එන්සයිම සංකීර්ණයන් පවති.
ü මයිටකොන්ඩ්‍රියා පුරකය තුල බැක්ටීරියා වලට සමාන ලෙස 70s රයිබොසෝම සහ වළයාකාර DNA අණු පවති.
ü මෙම මයිටකොන්ඩ්‍රියල් DNA සතුව ජාන පවති.
ü මයිටකොන්ඩ්‍රියා පුරකය තුල ස්වායු ශවසනය සදහා වැදගත් වන එන්සයිම පවති.
ü මයිටකොන්ඩ්‍රියා තුල සෛලවලට අවශ්‍යය කරන බොහෝමයක් ATP අණූ නිපදවනු ලබයි.
ü මයිටකොන්ඩ්‍රියා තුල ATP නිපදවනු ලබන්නේ ඔක්සිකාරක පොස්පොරයිලීකරණය මඟිනි.
ü බැක්ටීරියා තුල මයිටකොන්ඩ්‍රියා වෙනුවට ප්ලාස්ම පටලයෙන් සකස් වු මීසොසෝම පටල පවති.

v      හරිතලව (Cholorophast)   

 
ü ශාක සෛල සහ ඇල්ගි වැනි ස්වයංපෝෂී සු න්‍යෂ්ටිකයන් තුල ප්‍රභාසංස්ලේෂක මධ්‍යස්ථානය වේ.
ü සත්තව සෛල තුල දක්නට නොලැබේ.
ü 2-5 μm පමණ ප්‍රමාණයෙන් යුත් අණ්ඩාකාර හැඩැති ද්වි පටලමය ඉන්ද්‍රයිකා වේ.
ü හරිතලවයේ අභ්‍යයන්තර පටලය මඟින් තෛලකොයිඩ ආශයිකා/පටල(thylakoid) සැදි තිබේ.
ü තෛලකොයිඩ ආශයිකා ගොනුවක් ලෙස එකමත එක පිහිටිමෙන් පංජර කණිකා(grana)සැදි තිබේ.
ü ප්‍රභාසංස්ලේෂී වර්ණක පංජරකණිකාවල තයිලකොයිඩ පටල තුල ගිලි පවති.
ü ප්‍රභාසංස්ලේෂී වර්ණක තයිලකොයිඩ පටල තුලදි ප්‍රභාපද්ධති සාදනු ලබයි.
ü හරිතලවයේ පංජරකණීකා අවට පුරකය පංජරය ලෙස හඳුන්වනු ලබයි.
ü හරිතලවයක මුලික කාර්යය ප්‍රභාසංස්ලේෂණයයි.
ü  ප්‍රභාසංස්ලේෂණයේ ආලෝක ප්‍රතික්‍රියාව පංජරය කණිකා තුලත් අඳුරැ ප්‍රතික්‍රියාව පංජරය තුලත් සිදු වේ.
ü හරිතලවය තුලද බැක්ටීරියා වලට සමාන 70s රයිබොසෝම සහ වළයාකාර DNA අණු දක්නට ලැබේ.
ü ප්‍රභාසංස්ලේෂී බැක්ටීරියා (සයනොබැක්ටීරියා) තුල හරිතලව වෙනුවට ප්‍රභාසංස්ලේෂී වර්ණක දරන තයිලකොයිඩ පටල පවති.
v      ශ්වේතලව
ü ශාක සෛලවල පිෂ්ඨය සංචිත කොට තිබෙන පටලමය ඉන්ද්‍රයිකා වේ.
ü ශාක සෛලයක හරිතලව තුල ,සෛල ප්ලාස්මයේ දක්නට ලැබේ.
v      වර්ණලව
ü ශාක සෛලවල වු විවිධ වරණක අන්තර්ගත පටලමය ඉන්ද්‍රයිකා වේ.
ü එවා තුල කහ,තැඹිලි,රතු පැහැති කැරටිනොයිඩ වර්ණක තිබේ.
ü බොහෝ ළුල හා මල්පෙති වලට වර්ණ ලැබෙනුයේ මෙම වර්ණලව මඟිනි.
v      රික්තක (vacuoles)
ü ශාක සෛල තුල පවති.
ü පටලයකින් වට වු තරලයකින් පිරැණ ව්‍යුහයකි.
ü ආශයිකා වලට වඩා ප්‍රමාණයෙන් විශාල වේ.
ü ශාක සෛලයක් තුල ජලය,සීනි,වර්ණක,විෂ ද්‍රව්‍යය වැනි දැ ගබඩා කිරිම,ජල තුල්‍යයතාවය පවත්වා ගැනිම,සෛලවලට සන්ධාරණය සහ ශුනතාවය ලබාදිමටත් වැදගත් වේ.
ü සමහරක් ශාක සෛල තුල ද්‍රව්‍යය බිඳ හෙලිම සදහාත්,පරිවෘත්තීය අපද්‍රව්‍යය ගබඩා කිරිම සදහාත් භාවිත කරනු ලබයි.
v      සෛල සැකිල්ල (Cytoskeleton)

ü සෛලයේ අභ්‍යන්තර රාමුව ලෙස හඳුන්වනු ලබයි.
ü ඉලෙක්ට්‍රෝන අණ්වික්ෂයෙන් පෙනෙන පරිදි සියළු සු න්‍යෂ්ටික සෛලවල සෛල ප්ලාස්මය තුල අභ්‍යයන්තර ජාලාකාර පද්ධතියක් තිබේ.එය සෛල සැකිල්ලයි.
ü ත්‍රිමාණ ලෙස විහිදි තිබෙන මෙම ප්‍රෝටීන සුත්‍රිකා සෛල ප්ලාස්මය තුල මකුළුදැළක් ලෙස විහිදි තිබේ.
ü න්‍යස්ටි පටලයේ සිට ප්ලාස්ම පටලය දක්වා විහිදි තිබේ.
ü මිනිත්තු කිහිපයකි තුලදි කැඩිබිදි ගොස් නැවත සකස් විය හැකි ක්‍රියාකාරි ව්‍යුහයකි.
ü සෛලීය සැකිල්ල සැදිම සදහා දායකවන සංරචක තුනකි.ක්ෂුද්‍ර සුත්‍රිකා (ඇක්ටීන් සුත්‍රිකා),ක්ෂුද්‍ර නාලිකා, අන්තර්මධ්‍යය(අතරමැදි) සුත්‍රිකා
ü ක්ෂුද්‍ර සුත්‍රිකා ඇක්ටීන් තන්තු වලින් සකස් වි තිබේ.ක්ෂිරපායි සෛල තුල බහුලවම(15%) දක්නට ලැබෙන ප්‍රෝටීන ස්වරැපය වනුයේ ඇක්ටීන්ය.පේශී සංකෝචන ක්‍රියාවලිය සදහා වැදගත් වේ.
ü ක්ෂුද්‍ර සුත්‍රිකා 25nm විෂ්කම්භයක් සහිත ප්‍රෝටීන වලින් සැදුන කුහරමය සිලින්ඩර වේ.
ü  සෛලීය ඉන්ද්‍රයිකා රඳවා තබා ගැනිමටත්,එවා චලනය කිරිම,ප්ලාස්මයට සාන්ධාරණයක් සැපයිම,සෛල ප්ලාස්මීය චලන සහ සංසරණ සදහා වැදගත් විම,සෛලයට හැඩයක් ලබාදිම,සෛල විභාජනයේදි වර්ණදේහ චලනයන් සදහා වැදගත් විම මෙහි මුලික කාර්යයන් වේ.

v      කේන්ද්‍ර දේහය (centrososme)    
ü සත්තව සෛලවල න්‍යෂ්ටිය ආසන්නයේ හමුවන එකිනෙකට සෘජුකෝණිකව පිහිටි සිලින්ඩරාකාර ව්‍යුහ දෙකකි.
ü මෙම සිලන්ඩරාකාර ව්‍යුහයන් කේන්ද්‍රිකා ලෙස හදුන්වනු ලබයි.
ü කුඩා ක්ෂුද්‍රනාලිකා ත්‍රිත්ව 9 කින් කේන්ද්‍රිකා සකස් වි තිබේ.
ü සත්තව සෛලවල ක්ෂුද්‍රනාලිකා එක්තැන්කිරිම සහ සංවිධානය කිරිම සදහා වැදගත්වන ඉන්ද්‍රයිකා වේ.
ü එනම් සෛල විභාජනයේදි තුරැව සහ තර්කුව පිළියෙළ කිරිම සදහා වැදගත් වේ.

v      කශිකා සහ පක්ෂ්ම   
ü බොහෝ සෛලවල කශිකා හෝ පක්ෂ්ම වැනි චලනය සදහා වැදගත් ඉන්ද්‍රයිකා එක් වර්ගයක් හෝ පවති.
ü ප්ලාස්ම පටලයෙන් ආවරණය වි තිබෙන අතර පාදස්ථ කණීකාවට සම්බන්ධ වි පවති.
ü කශිකා සෛල පටලයෙන් පිටතට විහිදි පවතින දිගු ,කසයක් වැනි ව්‍යුහ වේ.
ü පක්ෂ්ම සෛලයේ පිටත පෘෂ්ඨයෙන් විහිදි පවතින කුඩා කෙදි වැනි ප්‍රසර වේ.
ü බොහෝවිට සෛලයක කශිකා 1ක් හෝ කිහිපයක් දැකිය හැකිය.
ü නමුත් සෛලයක පෘෂ්ඨය තුල පක්ෂ්ම විශාල සංඛ්‍යාවක් පවති.
ü සු න්‍යෂ්ටික සෛලවල පක්ෂ්ම සහ කශීකා ක්ෂුද්‍ර නාලිකා වලින් සකස් වි තිබේ.9+2 යන ක්ෂුද්‍ර නාලික සැකැස්ම දරනු ලබයි.
ü කශිකා සහ පක්ෂ්මවල චලනයන් සදහා ATP වැදගත් වේ.
ü ප්‍රාග් න්‍යස්ටිකයන්ගේ කශීකා දිග ප්‍රෝටින තන්තුවලින් සකස් වි තිබේ.
ü ප්‍රාග්න්‍යෂ්ටිකයන්ගේ කශිකා ප්ලාස්ම පටලයෙන් ආවරණය වි නොමැත.

v      සෛල සන්ධි (cell junctions)    
ü බහුසෛලීය ජිවින්ගේ පටකවල යාබද සෛල එකිනෙක සම්බන්ධ කරනු ලබන ව්‍යුහ වේ.
ü සත්තව සෛල තුල දක්නට ලැබෙන මුලික සන්ධි ආකාර තුනකි.
ü තද සන්ධි (tight junction) මඟින් යාබද සෛල එකිනෙක තදින් බැද තබමින් සෛල අතරින් ද්‍රව්‍යය කාන්දුවිම වළක්වනු ලබයි.උදා - ආහාර මාර්ගයේ අපිච්ජද සෛල
ü ආසක්ත සන්ධි (ඩෙස්මොසෝම) මඟින් යාබද සෛලවල සෛල සැකිල්ල යාන්ත්‍රිකව තදින් බැඳ තබනු ලබයි. උදා - සමේ අපිච්ජදය
ü හිඩැස් සන්ධි/සන්නිවේදන සන්ධී(Gap junction)  මඟින් යාබද සෛලවල ප්‍රාක් ප්ලාස්මයන් එකිනෙක සම්බන්ධ කරනු ලබයි. එමඟින් සෛල අතර ද්‍රව්‍යය /පණිවිඩ හුවමාරැව සිදු කිරිම සදහා වැදගත් වේ.උදා -හෘත් පේශී
ü ශාක සෛලවල සෛලබිත්ති හරහායන ප්ලාස්මීය සම්බන්ධතා ප්ලාස්ම බන්ධ ලෙස හදුන්වන අතර සත්තව සෛලවල හිඩැස් සන්ධීවලට සමාන ක්‍රියාකාරිත්වයක් පවති.

9 comments: