Tuesday, July 15, 2014

කාන්තාවන් අතර සුලභව දක්නට ලැබෙන පිළිකා තත්වයක් තමයි ගැබ්ගෙල පීළිකා (Cervical Ca) කියන්නේ.පිළිකා සම්බන්ධ සංඛ්‍යාත්මක දත්තයන් සලකා බලනවිට ලෝකයේ කාන්තාවන් අතර දක්නට ලැබෙන පිළිකා තත්වයන් වලින් තුන් වැනි තැනත් ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර පවතින පිළිකා තත්ව වලින් දෙවැනි තැනත් හිමිවෙලා තියෙන්නේ ගැබ්ගෙල පිළීකා වලට.
(කාන්තාවන් අතර සුලභවම දක්නට ලැබෙන පිළිකා තත්වය විදියට සලකන්නේ පියයුරැ පිළිකා)

මෙම පිළිකා තත්වය හටගන්නේ කාන්තාවන්ගේ ගර්භාෂ කුහරය යෝනි මාර්ගයට සම්බන්ධ වන ගැබ්ගෙල(Cervix) නමින් හදුන්වන පටු කලාපය තුල.ගැබ්ගෙල ඇතුළු ගැබ්ගෙල සහ පිටත ගැබ්ගෙලලෙස හදුන්වනු ලබන කලාප දෙකකින් සමන්විත වේ.ගැබ්ගෙල පිළිකා වලින් බහුතරයක්(90%) අයත් වන්නේ Squamous Cell Carcinoma ලෙස හදුන්වනු ලබන පිළිකා කාණ්ඩයට වේ.

ගැබ්ගෙල පිළිකා තත්වයකදි දැකිය හැකි රෝග ලක්ෂණයන්.....

ගැබ්ගෙල පිළිකා රෝග තත්වයක් වර්ධනය වන මුල් අවස්ථාවලදි විශේෂ රෝග ලක්ෂණයන් දක්නට නොලැබෙන නමුත් පැප් පරික්ෂාවක් මඟින් හදුනා ගත හැකිය.සුලභ රෝග ලක්ෂණයන් ලෙස...

  • යෝනි මාර්ගයෙන් සිදුවන ආසාමාන්‍යය රැධීර වහනයන් 
    • ලිංගික එක්විමකින් පසුව රැධීර වහනයවිම
    • ඔස්ප් චක්‍රය තුලදි සිදුවන අක්‍රමවත් රැධිර වහනයන්
  • යෝනිමාර්ගයෙන් ආසාමාන්‍යය ස්‍රාවයන් නිදහස්විම
  • මුත්‍ර දැවිල්ල
  • පිළිකා තත්වය ව්‍යාප්ත විම නිසා...
    • මළබද්ධය
    • මුත්‍රසමඟ ලේ පිටවිම
    • කකුල් ඉදිමිම සහ වේදනාව
ගැබ්ගෙල පිළිකා ඇතිවන අයුරැ.....


ගැබ්ගෙල පිළිකා තත්වයන් හටගැනිම සදහා බලපානු ලබන ප්‍රධානතම සාධකය (70%) ලෙස හඳුනාගෙන තිබෙන්නේ HPV (Human Papiloma Virus) ආසාදනයන්ය.HPV වෛරස ආකාර කිහිපයක් පවතිනමුත් මේ සදහා වැඩිපුරම හේතු සාධක වන්නේ HPV-16,18 යන වෛරස ආකාරයන්ය.ලිංගික එක්විමකදි කාන්තාවන්ගේ යෝනි මාර්ගය තුලට මෙම වෛරසය පැතිරිම සිදු විය හැකිය.මෙම වෛරසයේ ක්‍රියාකාරිත්වය නිසා ක්‍රමයෙන් ගැබ්ගෙල ප්‍රදේශයේ අපිච්ජද සෛල වල පුර්වපිළිකාමය වෙනස්විම් (Dysplasias) හටගන්නා අතර වසර කිහිපයක් යත්ම පුර්ණ පිළිකා තත්වයක් බවට පත් වේ.
දුම්පානය කිරිම සහ දේහයේ ප්‍රතිශක්තිකරණ හැකියාව අඩුවිම HPV වෛරසයේ ක්‍රියාකාරිත්වය සදහා උපකාරිවන සාධකයන් ලෙස දැක්විය හැකිය.


ගැබ්ගෙල පිළිකා සදහා වන අවධානම් සාධක......

  • සහකරැවන් කිහිපදෙනකු සමඟ ලිංගිකව එක්විම
  • පිරිමි සහකරැවා වෙනත් සබදතා පවත්වන්නකු විම 
  • අඩුවයසකදි ලිංගිකව එක්විම (Sex at young age)
  • ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වැළදි තිබිම(STDs)
  • දුම්පානය කිරිම
  • ප්‍රතිශක්තිකරණය අඩුවිම
  • වසර 5 හෝ ඊට වැඩිකාලයක් තුල උපත් පාලන පෙති භාවිත කොට තිබිම
  • ජානමය සාධක(<1%)

ගැබ්ගෙල පිළිකා සම්බන්ධව දැනගත යුතු වැදගත්ම කාරණය වන්නේ මෙම පිළිකා තත්වය ඇතිවිම සම්පුර්ණයෙන්ම වැළැක්විය හැකි බවය. එය ආකාර දෙකකින් සිදු කළ හැකිය.
  • පුර්ව පිළිකා තත්වයන් ඇතිවිම වැළැක්විම -- HPV ක්‍රියාකාරිවිම වැළැක්විම සහ නිරාවරණය විම වැළැක්විම.මේ සදහා පිළියෙළ කරන ලද HPV එන්නත් සහ ,ලිංගික එක්විමකදි උපත් පාලන කොපු භාවිතය කළ හැකිය.
  • පුර්ව පිළිකා තත්වයන් වර්ධනය විම වැළැක්විම -- පුර්ව පිළිකා තත්වයන් මුල් අවස්ථාවලදි හදුනා ගැනිමෙන් සහ ප්‍රතිකාර කිරිම මඟින් පිළිකා තත්වයක් ඇතිවිම සම්පුර්ණයෙන් වැළැක්විය හැකිය.

පැප් පරික්ෂාව (Papanicolaou test) 

ගැබ්ගෙල පිළිකා සදහා පුර්ව අවධානමක් පවතිද නැද්ද යන්න (Screening test) සොයා බැලිම සදහා කරනු ලබන පරික්ෂණයක් ලෙස හැදින්විය හැකිය.
මෙහිදි ගැබ්ගෙල ප්‍රදේශයෙන් ලබාගන්නා නිදර්ශකයක් පිළියෙල කිරිමෙන් එහි පුර්ව පිළිකාමය වෙනස්විම් පවතින්නේ දැය හදුනාගනි. එමෙන්ම පුර්ව පිළිකාමය වෙනස්විම පවතින්නේ නම් එවායේ ස්වභාවය අනුව වර්ග කිරිම (Grade) සිදු කරනු ලබයි. 
සාමාන්‍යයෙන් වයස අවු 35> කාන්තාවන් සදහා වසර 3-5 කට වරක් කාන්තා සායනයන් තුලදි සිදු කරනු ලබයි.
පැප් පරික්ෂාවකදි පුර්ව පිළීකාමය තත්වයක් පවතින බව හදුනාගත් විට රෝගියා ඉදිරි පරික්ෂණ සහ ප්‍රතිකාරයන් සදහා යොමු කිරිම සිදු කරනු ලබයි.


0 comments:

Post a Comment