Saturday, July 12, 2014

රැධීර සංසරණ පද්ධතිය යටතේ ඉදිරිපත් කරන අවසාන ලිපිය තමයි "රැධීරයේ සංයුතිය සහ කාර්යය" කියන මාතෘකාව යටතේ ඉදිරිපත් කරන්නේ.ඉතින් ඔයාලට වැදගත් කියලා හිතෙනවා නම් ලිපිය කියවලා power-point එකත් බලලා දැනුම වැඩි දියුණූ කරගන්න.


රැධිරය තමයි මිනිස් රැධීර සංසරණ පද්ධතියේ පරිවහන මාධ්‍යය විදියට ක්‍රියා කරන්නේ.කෙටියෙන්ම කිව්වොත් රැධීරය කියන්නේ තරලමය පුරකයක් සහිත බහු කාර්යය සම්බන්ධක පටකයක්.

පුද්ගලයකුගේ සමස්ත රැධිර තරල පරිමාව දේහ බරින් 8% (5-6l) ක් පමණ වෙනවා. පුරකය රැධීර ප්ලාස්මාව කියලත් හඳුන්වනවා. රැධීර ප්ලාස්මාව සමස්ත රැධීර තරලයෙන් 55% ක් පමණ වෙනවා.රැධීර ප්ලාස්මාව තුල 90% ක් ජලය ද විවිධ රැධීර ප්‍රෝටිනයන් සහ පෝෂක සහ වෙනත් රසායනික ද්‍රව්‍යයන් අන්තර්ගත වෙනවා.

රැධීර ප්ලාස්මාවේ අන්තර්ගතයන් ලෙස...


  • ප්ලාස්මා ප්‍රෝටිනයන් --
    • ඇල්බියුමින් -
    • ඉමියුනෝග්ලොබියුලින්
    • රැධීර කැටිකාරක ප්‍රෝටින
  • පරිවෘත්තිය අපද්‍රව්‍යයන් -- Co2,නයිට්‍රජනීය අපද්‍රව්‍යය
  • පෝෂක සහ විටමින් වර්ග
  • හොර්මෝන
  • විවිධ අයන වර්ග

රැධීර තරලය තුල මුලික රැධීර සෛල වර්ග 3 ක් දක්නට ලැබේ.



  • රතු රැධීරාණූ (RBCs) -- රැධීරය තුල O2 අණූ පරිවහනය කිරිම සදහා වැදගත් වන න්‍යෂ්ටි රහිත පැතිලි මඬලාකාර හැඩයක් සහිත සෛල විශේෂයකි.සියළුම රතු රැධීර සෛල අස්ථිවල රතු ඇටමිදුළු තුලදි නිපදවනු ලබන අතර සාමාන්‍යය ආයුකාලය දින 120 ක් පමණ වේ.හිමොග්ලොබින් නම් ප්‍රෝටිනමය රැධීර වර්ණකයක් අඩංගු වේ.මෙම හිමොග්ලොබින් අණූවකට O2 අණූ 4ක් සමඟ සම්බන්ධ විමේ හැකියාව පවති.
  • සුදු රැධීරාණූ (WBCs)-- දේහය ව්‍යාධීජනකයින්ගෙන් රැකගැනිම සදහා වැදගත් වන න්‍යෂ්ටි සහිත ඇමීබාකාර සෛල විශේෂයකි.සුදු රැධීර සෛල වලින් සමහරක් ඇටමිදුළු තුලදිද බහුතරයක් වසා අවයවයන් තුලදිද නිපදවනු ලබයි.දේහය තුල පවතින සුදු රැධීරාණු කණිකාමය සුදු රැධීරාණූ (නියුට්‍රොපිල,ඉයෝසිනොපිල,බේසෝපිල) සහ  කණීකාමය නොවන සුදු රැධීරාණූ (වසා සෛල සහ මොනොසයිට)වශයෙන් කාණ්ඩ කරනු ලැබේ.මින් නියුට්‍රොපිල සහ මොනොසයිට භක්ෂසෛලතාවය මඟින් ද වසා සෛල ප්‍රතිදේහ නිපදවිම සහ ප්‍රතිශක්තිකරණ පද්ධතින් සක්‍රිය කිරිම මඟින් දේහය රැකගැනිම සදහා ක්‍රියාකරනු ලබයි.
  • පට්ටිකා (Platelets)-- ඇටමිදුළු වල වු  පුර්ව පට්ටිකා සෛල වලින් බිදි යාමෙන් සකස් වු න්‍යෂ්ටි රහිත කුඩා දේහාණූ කොටස් වේ.සාමාන්‍යය ආයු කාලය දින 4-7 ක් පමණ වේ.රැධීරය කැටි ගැසිම සදහා වැදගත් වේ.
මෙම එකකයේදි පහත මාතෘකා යටතේ තවදුරටත් කරැණූ ඉදිරිපත් කර තිබේ.(රැපසටහන් සහ ගැලිම් සටහන් භාවිතයෙන්)


  • එක් එක් රැධිර සෛලයන සම්බන්ධ රෝග තත්වයන්
  • රැධීරය සම්බන්ධ මුලික පරික්ෂණ
  • රැධීරය කැටිගැසිමේ යාන්ත්‍රණයන්
  • රැධීරය කැටිගැසිම සම්බන්ධ රෝග තත්වයන්
  • රැධීර ගණ (A-B-O  සහ Rh පද්ධතින්)
  • රැධීර ගණ හදුනා ගැනිම
  • රැධීර පාරවිලයනය
  • රැධීර පාරවිලයනය සම්බන්ධ අවදානම් තත්වයන්
  • රැධීර පටකයේ කාර්යයන්


වැඩිදුර අධ්‍යයනය කිරිම සදහා පහත Power-point ඉදිරිපත් කිරිම භාගත කරගන්න.
භාගත කිරිම සදහා පහත ලින්කුව භාවිත කරන්න.
රැධීරයේ සංයුතිය සහ කෘත්‍යය

0 comments:

Post a Comment