Sunday, July 20, 2014

මිනිසාගේ දේහ පටකයන් තුල සිදුවන පරිවෘත්තිය ක්‍රියාවන්ගේ ප්‍රතිළුලයක් ලෙස යුරියා,ක්‍රියැටිනින්,යුරික් අම්ලය වැනි අපද්‍රව්‍යයන් නිපදවිම සිදුවන අතර මේවා තවදුරටත් දේහයට අවශ්‍යය නොවන අතර පටක අවට පරිසරය තුල එක්රැස්විම දේහයට හානිකර වේ.එම නිසා දේහයෙන් ඉවත් කිරිම කළ යුතුය.මෙම කාර්යය සිදුකරනු ලබන්නේ බහිස්ස්‍රාවි පද්ධතිය මඟිනි.
(උසස්පෙළ විෂය නිර්දේශය යටතේ ඉදිරිපත් කළ හැකි ප්‍රධාන රචනා ගැටළු දෙකක් මෙම එකකය තුල අන්තර්ගත වේ.)



බහිස්ස්‍රාවි පද්ධතියට අයත් අවයවයන්......


  • වෘක්ක 
  • මුත්‍රා වාහිනි
  • මුත්‍රාශය
  • මුත්‍රා මාර්ගය
වෘක්කවල පිහිටිම සහ දළ ව්‍යුහය ....

වෘක්ක උදර කුහරය තුල ප්‍රතිඋදරච්ජියව උරස් සහ කටී කශේරැකා මට්ටමේ දෙපස අපර බිත්තියට සමිපව පිහිටි බෝංචි හැඩැති යුගලමය අවයවයන් වේ.
වෘක්ක පිටතින් වෘක්ක ප්‍රාවරය නම් පටකයක් මඟින් ආවරණය වි තිබේ. වෘක්කවල ඇතුලතින්ම පිහිටි කලාපය වෘක්ක මජ්ජාව ලෙසද පිටතින් පිහිටි කලාපය වෘක්ක බාහිකය ලෙසද හදුන්වනු ලබයි.වෘක්ක මජ්ජාව තුල වෘක්ක පිරමිඩ පවතින අතර බාහිකය තුල ගුච්ජිකා දක්නට ලැබේ.
වෘක්ක බාහිකය තුල වෘක්ක පිරමිඩ අතර බාහිකයේ පටකවලින් සැදුන වෘක්ක ස්තම්භ පිහිටනු ලබයි.
වෘක්ක පිරමිඩ වලට ඇතුලතින් පිහිටන පළල් ප්‍රදේශය වෘක්ක ශ්‍රෝණීය ලෙස හදුන්වනු ලබන අතර වෘක්ක පිරමිඩ වෘක්ක ශ්‍රෝණීය දෙසට දිශානත වි පවති.තවද වෘක්ක ශ්‍රෝණීය ප්‍රදේශයෙන් මුත්‍ර වාහිනි ආරාම්භ වන අතර වෘක්ක වලට රැධීරය සපයනු ලබන වෘක්කීය ධමනි සහ වෘක්කීය ශිරා ගමන් කරනු ලබයි.

වෘක්කාණූවක ව්‍යුහය ....

වෘක්ක(වකුගඩු ) මුත්‍රා මාර්ගයේ වැදගත්ම අවයවය වන අතර වෘක්කවල ව්‍යුහමය සහ කෘත්‍යමය එකකය වනුයේ වෘක්කාණූවයි.වෘක්කණුවක පහත කොටස් අන්තර්ගත වේ.

  • ගුච්ජිකාව
  • බ්‍රෝමාන් ප්‍රාවරය -- රැධීරය පෙරිම
  • අවිදුර සංවලිත නාලිකාව -- ජලය සහ Na+ අයන 65% ක් පමණ ප්‍රතිශෝෂණය විම
  • හෙන්ලේ පුඩුවේ අවරෝහණ බාහුව -- තවදුරටත් ජලය අවශෝෂණය විම
  • හෙන්ලේ පුඩුවේ ආරෝහණ බාහුව -- Na+,K+.Cl-,HCO3-සහ වෙනත් ලවණ ප්‍රතිශෝෂණය විම
  • විදුර සංවලිත නාලිකාව -- තවදුරටත් ලවණ අවශෝෂණය විම.
  • සංග්‍රාහක ප්‍රනාලයන් -- ADH යටතේ තවදුරටත් ජලය සහ ලවණ , යුරියා අවශෝෂණය විම සහ H+ ස්‍රාවය විම


වෘක්කවල මුත්‍ර තරලය සැදිම......

වෘක්ක වල මුත්‍ර තරල සැදිම මුලික පියවර 3ක් යටතේ සිදු වේ.

  • අතිපරිශ්‍රාවනය ---ගුච්ජික කේශනාලිකා තුලින් රැධීරය ගමන් කිරිමේදි කේශනාලිකා බිත්තිය හරහා ඉහළ පීඩනයක් යටතේ බ්‍රෝමන් ප්‍රාවරයේ කුහරය තුලට රැධීරය පෙරිමක් සිදුවිමයි.මෙහිදි බ්‍රෝමන් ප්‍රාවරය තුලට එක්රැස්වන තරලය ගුච්ජික පෙරනය ලෙස හදුන්වන අතර එහි රැධීර ප්‍රෝටින,රැධීර සෛල හැර අනෙකුත් සංඝඨකයන් දක්නට ලැබේ.
  • වරණීය ප්‍රතිශෝෂණය -- වෘක්කාණූවක පවතින නාලිකා තුලින් එනම් අවිදුර සංවලිත නාලිකාව,හෙන්ලේ පුඩුව,විදුර සංවලිත නාලිකාව,සංග්‍රාහක ප්‍රණාලයන් තුලින් ගමන් කිරිමේදි දේහයට අවශ්‍යය ජලය ,අයන,විටමින්,ග්ලුකෝස් ,ඇමයිනෝ අම්ල නැවතත් රැධීරයට අවශෝෂණය විමයි.
  • ස්‍රාවය කිරිම -- වෘක්ක නාලිකා තුලින් ගමන් කිරිමේදි H+ ,ක්‍රියැටිනින්,යුරියා වැනි ද්‍රව්‍යය නැවතත් රැධීරයේ සිට පෙරනයට එක්විමයි.
වෘක්ක වල වෙනත් කාර්යයන් ......
බහිස්ස්‍රාවය හැරැණූවිට වෙනත් කාර්යයන් ගණනාවක් සදහා වෘක්ක වැදගත් වේ.
  • දේහය තුල ජල පරිමාව සහ අයන සාන්ද්‍රණයන් ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනිම
  • රැධීර පීඩනය පවත්වා ගැනිමට දායකවිම
  • රැධීරයේ pHඅගය පවත්වා ගැනිම
  • රතු රැධීර සෛල නිපදවිමට අවශ්‍යය වන එරිත්‍රෝපොයිටින් නිපදවිම
  • විටමින් D3 නිපදවිම
  • ග්ලුකෝස් නිපදවිම

වැඩිදුර කරැණූ අධ්‍යයනය කිරිම සදහා පහත Power-point ඉදිරිපත්කිරිම භාගත කරගන්න.
භාගත කිරිම සදහා පහත ලින්කුව භාවිත කරන්න.

මිනිස් බහිස්ස්‍රාවි පද්ධතිය...

0 comments:

Post a Comment