Monday, April 14, 2014

සියලුම ජිවින් තම පරිවෘත්තියක්‍රියාවලින් සදහා ශක්තිය(Energy) නිපදවා ගත යුතු අතර ජිවි දේහ වල වර්ධනය(Growth) සදහා සංකීර්ණ කාබනික සංයෝග සංස්ලේෂණය කරගත යුතුය.

ජිවින් තුල දක්නට ලැබෙන මෙම ක්‍රියාවලිය පෝෂණය ලෙස හදුන්වනු ලැබේ.





මිහිතලය මත වාසය කරනු ලබන ජිවින් අතර පෝෂණ ක්‍රියාවලිය සම්බන්ධව විශාල විවිධත්වයක් දක්නට ලැබෙන අතර ඔවුන් තුල සිය පෝෂණ ක්‍රියාවලින්ගේ කාර්යක්ෂමතාවය සදහා විවිද අනුවර්තනද දක්නට ලැබේ.

ජිවින් අතර දක්නට ලැබෙන පෝෂණ ක්‍රම ස්වයංපෝෂී  සහ විෂමපෝෂි පෝෂණ ක්‍රම ලෙස මුලික කාණ්ඩ දෙකකට වර්ග කර තිබේ.
මෙලෙස වර්ග කිරිම සදහා දර්ශකය ලෙස භාවිත කර තිබෙන්නේ ඔවුන් ආහාර ලෙස භාවිත කරනු ලබන C ප්‍රභවයයි.

ස්වයංපෝෂින් විසින් වායුගෝලීය Co2 භාවිත කොට සිය ආහාර තමන් විසින්ම  නිපදවා ගනි.ඔවුන් ජෛව ලෝකයේ ආහාර නිෂ්පාදකයන් ලෙස ක්‍රියාකරන අතර  ආහාර දාමයන්හි මුල් පුරැක ලෙස ක්‍රියාකරමින් සමස්ත ලෝකයටම පෝෂණය සපයයි.

විෂමපෝෂි ජිවින් විසින් ස්වයංපෝෂින් නිපදවන ලද ආහාර මත සෘජුව හෝ වක්‍රව යැපේ.ඔවුන් C ප්‍රභවය ලෙස භාවිත කරනු ලබන්නේ කාබනික සංයෝගයන්ය.



මෙම ජිවින් ශක්තිය ලබා ගැනිම සදහා භාවිත කරනු ලබන ශක්ති ප්‍රභවය අනුව තව දුරටත් කාණ්ඩ 4කට වර්ග කරනු ලැබේ.

ශක්ති ප්‍රභවය සදහා සුර්යය ශක්තිය භාවිත කරනු ලබන ස්වයංපෝෂින් ප්‍රභා ස්වයංපෝෂින් ලෙසද විෂමපෝෂින් ප්‍රභා විෂමපෝෂින් ලෙසද වර්ග කරනු ලැබේ.
ශක්ති ප්‍රභවය ලෙස කාබනික උපස්තර හෝ අකාබනික සංයෝග භාවිත කරනු ලබන ස්වයංපෝෂින් රසායනික ස්වයංපෝෂින් ලෙසද විෂමපෝෂින් රසායනික විෂමපෝෂින් ලෙසද හදුන්වනු ලැබේ.



තවදුරටත් ජිවින්ගේ පෝෂණ ක්‍රම පිළිබඳ කරැණු අධ්‍යයනය කිරිමට පහත Power point ඉදිරිපත් කිරිම භාගත කරගන්න.
භාගත කිරිමට පහත ලින්කුව යොදා ගන්න.

ජිවින්ගේ පෝෂණ ක්‍රම...

මෙම ලිපි පෙළ යටතේ උසස්පෙළ ජිවවිදයාව 4 වන එකකය එනම් "පෝෂණය" පිළීබඳ කරැණු ඉදිරිපත් කිරිමට බලාපොරොත්තුවේ.

මීළඟ ලිපිය යටතේ "මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය සහ සම්පුර්ණ ක්‍රියාකාරිත්වය" පිළිබඳව විෂය කරැණු බලාපොරොත්තු වන්න.


1 comments: