Monday, April 14, 2014

සතුන්ගේ මෙන්ම ශාකවලද කුඩාම ජිවි තැනුම් එකකය වන්නේ සෛලයයි.ඔවුනගේ ජිවි දේහ තුලද ජිවි ක්‍රියාකාරිත්වයන් කාර්යක්ෂමව සිදුකරගැනිම සදහා විවිධ අනුවර්තනයන් මෙන්ම සංකීර්ණ සෛලිය සැකසුම් දක්නට ලැබේ.



ශාක දේහය තුල සෛල සංවිධානය විමෙන් ශාක පටක සාදා තිබෙන අතර එම පටක වල අන්තර්ගත සෛල දර්ශය(වර්ගය)අනුව මුලික වර්ග දෙකකි.

සරල පටක ----- එක් සෛල දර්ශයක්(වර්ග) පමණක් දක්නට ලැබේ.
සංකීර්ණ පටක ---- සෛල දර්ශ කිහිපයක් දක්නට ලැබේ.
ශාක තුල දක්නට ලැබෙන සරල පටක ආකාර 3කි.
  1. මෘදුස්ථර පටකය --- විශේෂයෙන් ශාක දේහය තුල ප්‍රභාස්ංස්ලේෂණය සදහාත් පිරවුම් කාරක පටකයත් ලෙසත් වැදගත් වේ.
  2. දෘඩස්ථර පටකය --- ශාක දේහයට සාන්ධාරණය(ශක්තිමත් බවක්) ලබා දිමට වැදගත් වේ.
  3. ස්ථුලකෝණාස්තර පටකය ---ශාක දේහයට සාන්ධාරණය(ශක්තිමත් බවක්) ලබා දිමට වැදගත් වේ.
සංකීර්ණ පටක ආකාර දෙවර්ගයක් දක්නට ලැබේ.
  1. සෛලම පටකය -- ශාක දේහය පුරා ජලය සහ ඛනිජ ලවණ පරිවහනය කිරිම සදහා වැදගත් වේ.ශාක දේහයට සාන්ධාරණ ශක්තියක් ලබා දීමටමද වැදගත් වේ.
  2. ප්ලෝයම පටකය --- ප්‍රභාසංස්ලේෂි පටක තුල නිපදවන ආහාර සංචිත පටක වෙත සහ වර්ධක පටක වෙත පරිවහනය කිරිම සදහා වැදගත් වේ.
පොදුවේ ගත්විට ශාක දේහය තුල පරිවහනය සදහා වැදගත් වන මෙම පටක සනාල පටක ලෙස හදුන්වනු ලැබේ.




ශාක තුල ජිවි ක්‍රියාකාරිත්වයන් හදුනා ගැනිම සදහා ශාක පටක පිළිබඳ දැනුම අත්‍යාවශ්‍යය වේ.එමනිසා මෙම පටක පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කිරිම සදහා මෙම Power point ඉදිරිපත්කිරිම භාගත කරගන්න.


භාගත කිරිමට පහත ලින්කුව යොදා ගන්න...


0 comments:

Post a Comment