Wednesday, April 2, 2014




බෝහෝ දෙනා  අතර දක්නට ලැබෙන අහිතකර සෞඛ්‍යය පුරැද්දක් තමයි "දුම්පානය "කියන්නේ. බටහිර ජාතිකයන් අතර පැවති පුරැද්දක් වුනත් අද වෙනකොට ආසියාතික රටවල ගැහැණු අය අතර පවා ජනප්‍රිය වෙලා තියෙනවා.

දුම්පානය කිරිම මගින් සිදුවන හානිය එය භාවිත කරන පුද්ගලයාට පමණක් නොවෙයි එ අසල සිටින සිගරට් දුමට නිරාවරණය(අක්‍රිය දුම්පානය) වන අහිංසක පුද්ගලයන්ටත් විදින්න සිදු වෙලා තියනවා.

එ වාගේම සිගරට් දුමෙන් සිදුවන බරපතළම හානිය සිද්ද වෙන්නේ මිනිසාගේ ස්වසන පද්ධතියටයි.එ විතරක්ම නෙවෙයි සිගරට් වල අඩංගු විස රසායන ද්‍රව්‍යය නිසා මුළු සිරැරටම හානි සිද්ද වෙනවා.



සිගරට් වල අඩංගු "නිකටින්" ප්‍රධානතම ඇබ්බැහිකාරකයක් (addictive substance) ලෙස නම් කරලා තියෙනවා.

එ වාගේම පෙනහළු පිළිකා(Lung cancers) ඇතිවිමට ප්‍රධානතම හේතු සාධකය බවට පත්වෙලා තියෙනවා.එ වාගේම සිරැරේ වෙනත් ස්ථානවලද (මුත්‍රාශය/මුඛ පිළිකා/අග්න්‍යාසය)පිළිකා හට ගැනිමට ප්‍රධානතම හේතු සාධකයක්වෙලා තියෙනවා.



එ නිසාම උසස්පෙළ ජිවවිද්‍යා නිර්දේශයේ ස්වසනය එකකය යටතේ මේ ගැන සාකච්ජා කරන්න වෙනම කාලයක් වෙන් කරලා තියෙනවා.

මිනිසා යෙදෙන විවිධ කර්මාන්ත(Occupational Lung Diseases) නිසාත් ස්වසන පද්ධතිය ආශ්‍රැතව රෝගාබාධ හටගන්න පුළුවන්. මෙවැනි කර්මාන්ත වලට උදාහරණ විදියට ගල් අඟුරැ ,මිනරන් පතල් කර්මාන්ත තඹ,ටින් ,රත්රන් වැනි ආකර කර්මාන්ත ද සිලිකා ආශ්‍රැත නිෂ්පාදන වන විදුරැ වැනි කර්මාන්තද දැක්විය හැකිය.

තවද දීර්ඝ කාලිනව කෘෂිරසායනික ඉසිම සහ නියමිත ආරක්ෂිත ක්‍රම පිළිනොපැදිම නිසාද පෙනහළු ආශ්‍රැත දීර්ඝකාලන රෝගාබාධ සැදිමට හේතු වෙලා තියෙනවා.

මේ විදියට හැදෙන රෝග සමහරක් එයට මුල් වෙන රසායනික සංයෝග මුල් කරගෙනම නම් කරලා තියෙනවා .මේවා සියල්ලම වාගේ දිර්ඝකාලීන රෝගාබාධ වන අතර හුස්ම ගැන්මේ අපහසුව සහ හතිය වැනි රෝග ලක්ෂන විදියට තමයි පිටින් දක්නට ලැබෙන්නේ.

එවගේම දීර්ඝකාලයක් මෙම ද්‍රව්‍යය වලට නිරාවරණය වුනාම තමා මේ රෝග හැදෙන්නේ.

ඉතින් මේ රෝග පිළිබඳව විස්තරාත්මකව දැන ගන්න පහත Power point ඉදිරිපත් කිරිම භාගත කරගන්න.

භාගත කිරිමට පහත ලින්කුව යොදා ගන්න.


සතුන්ගේ ස්වසනය - 4


1 comments:

  1. දුම්පානය පොතක් කියවලා දැන් පහසුවෙන් නතර කිරීමට පුළුවන්.ඒ පොත කියවලා ඉවර උනාම ආයේ සිගරට් බොන්න හිතෙන්නේ නැහැ.පොත ඩවුන්ලෝඩ් කරගන්න මේ වෙබ් පිටුවට යන්න.
    you can stop smoking easily and permanently just by reading a magic book. after reading this book you feel no temptation to smoke again.To download this book visit
    http://www.facebook.com/easywaysrilanka

    ReplyDelete