Friday, October 31, 2014

මිනිස් දේහයේ වර්ධනය සහ පැවැත්ම සදහා විවිධ පෝෂක කොටස් බාහිරින් දේහය තුලට ලබාගත යුතු අතර එසේ ලබාගත යුතු පෝෂකයන් එවායේ වැදගත්කම සදහා අත්‍යාවශ්‍යය වන ප්‍රමාණය මත මහාපෝෂක (Macro nutrients) සහ ක්ෂුද්‍රපෝෂක (Micro nutrients) සංඝඨකයන් ලෙස වෙන් කොට තිබේ.



මහාපෝෂක සහ ක්ෂුද්‍රපෝෂක සංඝඨකයන් හඳුනාගමු.....
කාබෝහයිඩ්‍රේට්,ප්‍රෝටීන්,ලිපිඩ සහ න්‍යෂ්ටිකඅම්ල යන සංඝඨකයන් දේහයේ පැවැත්ම සදහා ඉතා විශාල ප්‍රමාණවලින් අවශ්‍යය වන බැවින් එවා මහාපෝෂකයන් ලෙස වර්ග කොට තිබේ.
ක්ෂුද්‍රපෝෂක සංඝඨකයන් වලට අයත් වන්නේ විටමින් සහ ක්ෂුද්‍රපෝෂක මුලද්‍රව්‍යය ගණයට ගැනෙන පෝෂක සංඝඨකයන්ය.

විටමින් (Vitamins) ලෙස හදුන්වනු ලබන්නේ මිනිස් සිරැරේ වර්ධනය සහ පැවැත්ම සදහා සුළු පුමාණවලින් අත්‍යාවශ්‍යය වන දේහය තුල ප්‍රමාණවත් ලෙස නිපදවාගත නොහැකි කාබනික සංයෝගයන්ය.මෙම සංයෝගයන් සමහරක් (විටමින් D) දේහය තුල නිපදවාගත හැකි වුවද එහෙත් එය දේහයට ප්‍රමාණවත් නොවන බැවින් අනිවාර්යෙන්ම විවිධ ආහාරයන් ඔස්සේ දේහය තුලට ලබාගත යුතුය.

දේහයේ පැවැත්ම සදහා අත්‍යාවශ්‍යය වන විටමින් වර්ග 13 ක් පවතින අතර එවා ජල ද්‍රාව්‍යය විටමින සහ මේද ද්‍රාව්‍යය විටමින වශයෙන් වර්ග කොට තිබේ.

විටමින් C සහ B-සංකීර්ණයට අයත් විටමින සියල්ල ජලද්‍රාව්‍යය විටමින ලෙස හදුන්වන අතර මේවායින් බොහොමයක් දේහයේ අතයාවශ්‍ය පරිවෘත්තිය ක්‍රියාවලින් සදහා වැදගත් වනු ලබන සහඑන්සයිමයන් (Coenzyme) ලෙස ක්‍රියා කරනු ලබයි.එමෙන්ම මෙම විටමිනයන් දේහය තුල සුළු වශයෙන් සංචිත කෙරෙන බැවින්ද වෘක්ක ඔස්සේ දේහයෙන් බැහැරවන බැවින්ද දෛනිකව නිශ්චිත ප්‍රමාණයක් දේහයට එක්කර ගැනිම අනිවාර්යය වේ.

විටමින් K,A,D සහ E මේද ද්‍රාව්‍යය විටමිනයන් ලෙස සැලකෙන අතර මෙම විටමිනයන් කිසිවක් සහඑන්සයිම ලෙස වැදගත් නොවන අතර දේහයේ අක්මාව සහ විවිධ පටක තුල විශාල සංචිතයන් ලෙස පවැත්වා ගනු ලබයි.

විටමින් වලට අමතරව වැදගත්වන අනෙක් ක්ෂුද්‍රපෝෂක සංඝඨකයන් වනුයේ ක්ෂුද්‍රපෝෂි මුලද්‍රව්‍යයන්ය.මිනිස් ක්‍රියාකාරිත්වය  සදහා අතයාවශ්‍යය වන ක්ෂුද්‍රපෝෂි මුලද්‍රවයන් 15 ක් හදුනාගෙන ඇති අතර ඉන් 10ක් පැවැත්ම සදහා  අනිවාර්යෙන්ම අතයාවශ්‍යය වන අතර එක් එක් මුලද්‍රව්‍යයේ ඌනතාවයන් මඟින් විශේෂිත වු රෝග තත්වයන් ඇති වේ.
එම මුලද්‍රව්‍යයන් නම්....
iron, zinc, copper, chromium, selenium,iodine, fluorine, manganese, molybdenum ,cobalt, nickel, tin, silicon, vanadium, arsenic

වැඩිදුර කරැණූ අධ්‍යයනය කිරිම සදහා පහත PDF/Power-point ඉදිරිපත්කිරිම භාගත කරගන්න.
භාගත කිරිම සදහා පහත ලින්කුව භාවිත කරන්න...

විටමින්(Vitamins)

1 comments: