Saturday, October 18, 2014

මිනිස් දේහය පරික්ෂා කිරිමේදි එහි මනා ක්‍රියාකාරිත්වය හඳුනාගැනිම සදහා පහසුවෙන් භාවිත කළහැකි ප්‍රධාන නිර්ණායකයන් 4කි.ඒවා Vital signs (ප්‍රධාන දේහ නිර්ණායකයන්) ලෙස හඳුන්වනු ලබයි.



මෙම ප්‍රධාන දේහ නිර්ණායකයන් වනුයේ 
  • හෘද ස්ළුන්දන වේගය (heart Rate)
  • ශ්වසන වේගය (respiratory rate)
  • රැධීර පිඩනය (Blood pressure)
  • දේහ උෂ්ණත්වය (body temperature)
සාමාන්‍යය නීරෝගි පුද්ගලයකු තුල මෙම දේහ නිර්නාකයන් පැවතිය යුතු ප්‍රශස්ත අගය පරාසයක් පවති.එම අගය පරාසය පුද්ගලයාගේ වයස,ස්ත්‍රි/පුරැෂ භාවය වැනි සාධකයන් මත වෙනස් වේ.

සාමාන්‍යයෙන් නීරෝගි පුද්ගලයකු තුල පැවතිය හැකි එක් එක් නිර්ණායකයන්ගේ අගය පරාසයන් පහත දැක්වේ.



ප්‍රධාන දේහ නිර්නායකයන් (Vital signs)
හෘද ස්ළුන්දන වේගය (Heart rate)- මිනිත්තුවකට හෘත් චක්‍ර

  • නවජ දරැවකුගේ (newborn) =130-150
  • වයස අවු 1-5 ත් අතර කුඩා දරැවකුගේ = 100-120
  • පාසල් වයසේ පසුවන දරැවකුගේ = 80-100
  • වැඩිහිටි පුද්ගලයකු තුල = 50-80 
ශ්වසන වේගය (Respiratory rate) -මිනිත්තුවකට ශ්වසන වාරගණන

  • 12-20 ත් අතර ප්‍රමාණයක්
රැධීර පීඩනය (Blood pressure)

  • ආකුංච රැධීර පීඩනය (Systolic BP) - <120 mmHg
  • විස්තාර රැධීර පීඩනය (Diastolic BP) - <80 mmHg
දේහ උෂ්ණත්වය (Body temperature)

  • 97.8`F(36.5`C) - 99`F(37.2`C)


සමස්ත දේහයම එක් පද්ධතියක් වශයෙන් එකිනෙක සම්බන්ධ වෙමින් ක්‍රියාකරනු ලබන බැවින් දේහයේ කිසියම් පද්ධතියක,අවයවයක, පටකයක සිදුවන වෙනස්විමක් මඟින් මෙම ප්‍රධාන දේහ නිර්නායකයන් වල ස්වභාවය වෙනස්විය හැකිය.උදා - කිසියම් පටකයක අසාදන තත්වයකදි දේහ උෂ්ණත්වය වෙනස්විම,හෘද ස්ළුන්දන වේගය වැඩිවිම දැක්විය හැකිය
එබැවින් සෘජුවම මෙම නිර්ණායකයන් පරික්ෂා කිරිම මඟින් දේහයේ කිසියම් අසාමාන්‍යයතාවයක් පවතින්නේද යන්න පිළීබඳ අදහසක් ලබාගත හැකිය.

මෙම නිර්ණායකයන් සම්බන්ධව පවතින අනෙක් වැදගත් කරැණ වන්නේ කිසියම් හදිසි අනතුරැ අවස්ථාවකදි සහ ජිවිතය පිළිබඳව අවධානම් තත්වයන් වලදි ක්ෂණිකව සිදුකළ යුතු ප්‍රතිකාරයන් (Life saving procedures) සහ එවා පැවැත්විය යුතු පිළිවෙළ නිර්ණය කිරිම සදහා භාවිත කළ හැකිවිමයි.
උදාහරණ ලෙස හෘද අකර්මන්‍යතාවයකදි ජිවිතය බේරාගැනිමේදි සිදුකරනු ලබන ප්‍රතිකර්මයන් සදහා හෘද ස්ළුන්දන වේගය,රැධීර පීඩනය වැනි නිර්නායකයන් අතිශයින් වැදගත් වේ.

තවද විවිධ රෝග තත්වයන් හදුනාගැනිම සදහා මෙම නිර්නාකයන් මඟින් යම් මඟ පෙන්විමක් සිදු කරනු ලබයි.
උදා -අසාදන තත්වයකදි දේහ උෂ්ණත්වය වැඩිවිම

මෙම එක් එක් නිර්නායකයන් මැනබැලිම සදහා බාවිත කළ හැකි ප්‍රදාන ක්‍රමවේදයන් කිහිපයකි.
  • හෘද ස්ළුන්දන වේගය - අත්ලේ මැණික් කටුව අසාන්නයේදි Radial ධමනියේ මිනිත්තුවකදි සිදුවන කම්පන වාරගණන ගණනය කිරිම හෝ ස්ටෙතස්කෝපය භාවිත කරමින් හෘද ස්ළුන්දන වාර ගණන ගණනය කිරිම
  • ශ්වසන වේගය - මිනිත්තුවකදි සිදුවන ආශ්වාස ප්‍රාශ්වාස ප්‍රමාණය ගණනය කිරිම
  • රැධිර පීඩනය - රැධීර පීඩනමානයක්(sphigmomanometer) භාවිත කිරිම මඟින් වැලමිට අසාන්නයේදි brachial ධමනියේ පීඩනය මැන බැලිම
  • දේහ උෂ්ණත්වය - උෂ්ණත්වමානයක් භාවිත කිරිම මඟින් මුඛ කුහරයේ හෝ අත්ලේ යට ප්‍රදේශයේ හෝ මිනි 3ක පමණ කාලයක් තැබිම මඟින් උෂ්ණත්වය මැනිම.

1 comments:

  1. TIGERON GOLD TIN MEGA HANDICAP TIN MEGA JACKPOT
    The TIGERON GOLD TIN babyliss pro nano titanium straightener MEGA JACKPOT is a modern gaming machine with an 8-bit processing titanium men\'s wedding band chip titanium nitride gun coating capable titanium bikes of running at 4Khz, 256KB, read/write titanium element supported and

    ReplyDelete