Friday, October 24, 2014

මිනිසා සතු ප්‍රධානම රසායනික ප්‍රතිග්‍රාහක (Chemical receptors) සහිත සංවේදක අවයවයන් වන්නේ රස සංවේදනය සදහා වැදගත් වන රසාංකුර සහ ආඝ්‍රාහණ සංවේදනය සදහා වැදගත් වන ආඝ්‍රාහණ අපිච්ජයයි.



රස සංවේදනය සදහා වැදගත්වන රසාංකුර විශාල සංඛයාවක් දිවෙහි පිටිකා නමින් හදුන්වන කුඩා ප්‍රදේශ තුලද මුඛ කුහරයේ තල්ල,ග්‍රසනිකාව වැනි කලාපයන්හි ආස්තරණ පටකයන් තුලද අන්තර්ගත වේ.රසාංකුරයන් තුල රස සංවේදනය සදහා වැදගත් වන විශේෂ රසායනික ප්‍රතිග්‍රාහක සහිත රස සංවේදි සෛල පවති.
මුඛ කුහරය තුලට ලබාගන්නා විවිධ රසායනික ද්‍රව්‍යය මෙම රස ප්‍රතිග්‍රාහක සෛලවල ප්‍රතිග්‍රාහක සමග සම්බන්ධ විමෙන් සෛල උත්තේජනය වන අතර ප්‍රතිළුලය ලෙස ඊට සම්බන්ධ ස්නායු සෛලයන් වෙත ස්නායු සම්ප්‍රේෂකයන් නිදහස් කිරිම මඟින් ස්නායුක පණිවිඩ ජනනය කරනු ලබයි.



රසාංකුර මඟින් හඳුනාගත හැකි ප්‍රධාන රස ස්වරැපයන් 5කි.පැණි රස,තිත්ත රසය,ලවණ රසය,ඇඹුල් රස,උමාමි රසය ආදි වශයෙනි.
වයස්ගත විමේදි රසාංකුර ප්‍රමාණය මෙන්ම රස සංවේදි සෛලවල ක්‍රියාකාරිත්වයද අඩුවන බැවින් රස සංවේදක හැකියාව ක්‍රමයෙන් අඩු වේ.

ආඝ්‍රාහණ සංවේදනය සදහා වැදගත් වන විශේෂීත ආඝ්‍රාහණ අපිච්ජදයන් පවතිනුයේ නාස් කුහරය ආස්තරණය කරනු ලබන අපිච්ජදය තුලය.
කිසියම් රසායනික සංඝඨකයක් /අංශුවක් ගන්ධ සංවේදනය ලබාදිම සදහා වාෂ්පශිලි විය යුතු අතර අර්ධ වශයෙන් මේද සහ ජල ද්‍රාව්‍යය විය යුතුය.
එනම් ආඝ්‍රාහණ අපිච්ජදයේ වු ශ්ලේෂ්මලයට සම්බන්ධ විමත් එහි ද්‍රාව්‍යය වි විශේෂීත ආඝ්‍රාහණ සෛලවල වු රසායනික ප්‍රතිග්‍රාහක සමඟ සම්බන්ධ විය යුතුය.


වැඩිදුර කරැණු අධ්‍යයනය කිරිම සදහා පහත PDF/Power-point ඉදිරිපත් කිරිම භාගත කරගන්න.
භාගත කිරිම සදහා පහත ලින්කුව භාවිත කරන්න....

රස සංවේදනය-PDF

0 comments:

Post a Comment