ප්‍රතිජීවක ඖෂධ (Antibiotics) පිළිබඳ නිසි පරිදි දැනුමක් නොමැතිව ඒවා හිතු මතයේ වෛද්‍ය වරුන්ගේ උපදෙස් වලින් තොරව ලබා ගැනීම අද සමාජයේ දක්නට ලැබේ.
ප්‍රතිජීවක යනු මොනවාද?
ප්‍රතිජීවක යනු බැක්ටීරියා නැමැති කෂුදු ජීවියාගේ ක්‍රියාකාරීත්වය අඩාල කිරීමට හෝ සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය වේ.එනිසා ප්‍රතිජීවක භාවිතයෙන් බැක්ටීරියා මගින් සෑදෙන රෝග වලට සුවයක් ලබාගත හැක.නමුත් මෙහිදී මතක තබාගත යුතු වැදගත් කරුණ වන්නේ වෛරසයක් මගින් සෑදෙන සෙම්ප්‍රතිකෂාව, සෙම්ගෙඩි, ඉන්ෆ්ලූවෙන්සාව,වෛරස් උණ,ඩෙංගු වැනි රෝගවලට ප්‍රතිජීවකයක් ලබාදීමෙන් කිසිදු සුවයක් නොලැබෙන බවයි.එසේ වෛරස වලින් සෑදෙන රෝග සඳහා ප්‍රතිජීවක ලබා දීමෙන් සිදු වන්නේ අයහපතක් පමණි.මක්නිසාදයත් මෙවැනි ප්‍රතිජීවක මගින් මිනිසාගේ සිරුරේ ජීවත්වන හිතකර බැක්ටීරියා මැරී යාමෙන් විවිධ රෝග ඇතිවිය හැකි බැවිනි.
ප්‍රතිජීවක ඖෂධ වර්ග මොනවාද
මේවා ඒවායේ අඩංගු රසායනය අනුවත් ඒවායින් විනාශ කළ හැකි බැක්ටීරියා වර්ග අනුවත් කාණ්ඩ ගත කෙරේ.
1) පෙනිසිලීන් කාණ්ඩය (Penicillin)
බහුලව භාවිතා වන ඇමොක්සිසිලින් (Amoxicillin)මෙම කාණ්ඩයට අයත්ය.
2) සෙෆලස්පොරීන්(Cephalosporin)
3) ඇමයිනොග්ලයිකොසයිඩ්(Amino glycosides)
4)ජෙන්ටමයිසින්(Gentamycin) අයත් වන්නේ මෙම කාණ්ඩයටයි.
5) ටෙට්රාසයික්ලීන් (Tetracyclines)
මැක්රොලයිඩ් (Macrolides)අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද ලිපියකි...........
0 comments:
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.